පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2010 ඔක්තෝබර් 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2010 සැප්තැම්බර් 6 සිට ඔක්තෝබර් 25 දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල මෙහෙයවන්නා විසින් සාකච්ඡා කරයි.
1. දෙවෙනි රාජාවලිය 13:14-19 දක්වා සඳහන් වාර්තාවෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? [w05 8/1 11 පි. 12 ඡේ.]
2. යෙහෝවා දෙවි උසියාට (අෂරියා ලෙසද හඳුන්වයි) ලාදුරු රෝගයෙන් දඬුවම් කළේ ඇයි? (2 රාජාවලිය 15:1-6) [w05 8/1 11 පි. 5 ඡේ.]
3. හෙසකියා රජ ඊජිප්තුව සමඟ මිත්‍ර ගිවිසුමක් ඇති කරගත්තාද? (2 රාජාවලිය 18:19-21, 25) [w05 8/1 11 පි. 6 ඡේ.]
4. යෙහෝවා දෙවි අරමුණු කරන දේ ‘සැලසුම් කරනවා’ කියා පවසන්නේ ඇයි? (2 රාජා. 19:25) [w99 8/15 14 පි. 3 ඡේ.]
5. දෙවෙනි රාජාවලිය 24:3-5 දක්වා ඇති සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? [w05 8/1 12 පි. 2 ඡේ.]
6. දාවිත් යෙස්සේගේ අටවෙනි පුත්‍රයා කියා 1 සාමුවෙල් 16:10, 11හි සඳහන් වී තිබුණත් එස්රා ඔහුව හත්වෙනි පුත්‍රයා වශයෙන් හඳුන්වා තිබෙන්නේ ඇයි? (1 ලේක. 2:15) [w02 9/15 31 පි.]
7. පුරාණ ගිලියද්වරුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (1 ලේක. 5:10, 18-22) [w05 10/1 9 පි. 7ඡේ.]
8. පළවෙනි ලේකම් 9:26, 27හි සඳහන් ලෙවී දොරටු පාලකයන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? [w05 10/1 9 පි. 8 ඡේ.]
9. දාවිත්ගේ බලසම්පන්න මනුෂ්‍යයන් තිදෙනා සමඟ සසඳද්දී අබිෂයිට තිබුණේ මොන වගේ තත්වයක්ද? (1 ලේක. 11:20, 21) [w05 10/1 10 පි. 4 ඡේ.]
10. පළවෙනි ලේකම් 13:11හි දැක්වෙන ආකාරයට දාවිත් දැක්වූ ප්‍රතිචාරයේ තිබූ වරද මොකක්ද? [w05 10/1 11 පි.]