ඔක්තෝබර් 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 25න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 8 පරි. 19-26 ඡේ. සහ 106, 109වන පිටුවල කොටු
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 12-15
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. “ඔබට වෙනත් භාෂාවකින් පොත් පත් අවශ්‍යද?” කතාවක්.
විනා. 15: එක්සත් සහෝදරත්වය යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරයි. වර්ෂ 2007 සැප්තැම්බර් රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ 6වන ඡේදයේ සිට 5වන පිටුවේ 1වන ඡේදය දක්වා පදනම් කතාවක්. (od-E 165 පි. 2 ඡේ.-168 පි. 1 ඡේ.) අපගේ එක්සත්කම හා ප්‍රේමය නිසා කදිම සාක්ෂියක් දැරීමට අවස්ථාවක් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් අපගේ ප්රකාශනවල පළ වී ඇති අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයේ කිහිපදෙනෙකුට ආරාධනා කරන්න.
විනා. 10: “නව ලොව පරිවර්තනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න”—1වන කොටස. වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවිය යුතුයි. පළමුවන ඡේදයේ සිට “උඩුකොමා” නමැති උපමාතෘකාව දක්වා ඇති සියලුම අංග ගැන සාකච්ඡා කරන්න. එමෙන්ම ඒවා භාවිත කරන ආකාරය පෙන්වන්න. එසේ කරන විට තමන්ගේ බයිබලය ඒ ඒ තැන්වලට පෙරළා සාකච්ඡා කරන අංගවලට හුරු වන්න කියා සබයට දිරිගන්වන්න. අවසාන විනාඩි හතරේදී නව ලොව පරිවර්තනය ගැන තමන්ට හැඟෙන ආකාරය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.