අගෝස්තු 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 2න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 18-20
අංක 1: 1 රාජාවලිය 18:21-29
අංක 2: අහස සහ පොළොව පහව යනවා කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? (එළි. 21:1)
අංක 3: දුෂ්ටකම, ලෝක ව්‍යාප්ත දුක් වේදනා: කාලයට ඉඩ දීම දයාවන්ත දෙයකි (11ඇ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර—4වන කොටස. වර්ෂ 2007 මාර්තු රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ 2-5 දක්වා ඡේදවල ඇති තොරතුරු මත පදනම් කතාවක්. රාජ්‍ය ශාලාවේ නඩත්තු කටයුතුවල යෙදෙන ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කැඳවන්න. එම සේවයෙන් ඔවුන් ලබන්නේ මොන වගේ සතුටක්ද?
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: බයිබල් පාඩම් පටන්ගැනීම ගැන අද්දැකීම්. සබය සමඟ සාකච්ඡාවක්. බයිබල් පාඩම් පටන්ගැනීමට වෙන් කළ දවසේදී සභාව අත් කරගත් දේවල් ගැන පවසන්න. ලැබූ අද්දැකීම් ගැන පවසන්න කියා සබයට ආරාධනා කරන්න. කැපීපෙනෙන අද්දැකීමක් හෝ දෙකක් ඇත්නම් ඒවා යළි නිරූපණය කළ හැකියි. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගන්නා ආකාරය පෙන්වා අවසන් කරන්න.