“ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි”
1. සමහරු අපි ගැන දරන්නේ මොන වගේ මතයක්ද?
1 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප ගැන පතුරුවා තිබෙන බොරු ප්රවෘත්ති නිසාත් අපව වරදවා තේරුම්ගැනීම නිසාත් සමහර අවස්ථාවලදී ගෙවැසියන්ගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. සමහරවිට ඔවුන් එසේ කරන්නේ අන්තවාදී මාධ්‍ය වාර්තා නිසා විය හැකියි. සමහර ප්‍රදේශවල අපිව “භයානක නිකායක්” හැටියට ලේබල් ගසා තිබෙනවා. එවැනි විවේචනවලට අප ප්‍රතිචාරය දක්වන්න ඕනෙ කොහොමද?
2. වරදවා වටහාගැනීම් ගැන අධෛර්යය නොවී සිටීමට කුමක් උපකාරවත් වෙයිද?
2 අධෛර්යය වෙන්න එපා: මුල් සියවසේ සිටි ජනයාත්, යේසුස්ව හා ඔහුගේ අනුගාමිකයන්ව නිතරම වරදවා වටහාගෙන ඔවුන්ට විරුද්ධව කතා කළා. (ක්‍රියා 28:22) එසේ කළා කියා ඔවුන් තම සේවය ගැන ලැජ්ජා වුණේ නැහැ. ඒ වෙනුවට යේසුස් පැවසුවේ ‘ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලින්’ කියායි. (මතෙ. 11:18, 19) අවංකවම සත්‍යය සොයන අය ශුභාරංචියේ වටිනාකම දකිනවා කියන විශ්වාසයෙන් යුතුව ඔහු දිගටම තම පියාගේ කැමැත්ත කළා. දෙවිගේ පුත්‍රයා පවා එවැනි ප්‍රතිචාරවලට මූණ දුන් බව මතක තබාගෙන අපි අධෛර්යය නොවී සිටිමු.
3. බොරු ප්රවෘත්ති හා විරුද්ධවාදිකම් ගැන අප කලබල නොවිය යුත්තේ ඇයි?
3 ලෝකය තමන්ට වෛර කළා හා සමානව තම අනුගාමිකයන්ටත් වෛර කරන බව යේසුස් පැවසුවා. (යොහ. 15:18-20) එමනිසා අපට විරුද්ධව පතුරුවන බොරු ප්රවෘත්ති හා විරුද්ධවාදිකම් ගැන අප කලබල විය යුතු නැහැ. විනාශය අත ළඟ නිසා සාතන් හොඳටම වියරු වැටිලයි ඉන්නෙ. ඒ නිසා එවැනි දේවල් අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. (එළි. 12:12) සාතන්ගේ දුෂ්ට සමාජයේ අවසානය ළඟටම ඇවිත් තිබෙන බව ඒ දේවලින් පැහැදිලි වන නිසා අපි සතුටු වෙමු.
4. එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති විට පවා අප කටයුතු කරන්න ඕනෙ කොහොමද?
4 කාරුණිකව පිළිතුරු දෙන්න: කෙනෙක් අපට එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති විට පවා අප පිළිතුරු දිය යුත්තේ කාරුණිකව හා මෘදුකමින්. (හිතෝ. 15:1; කොලො. 4:5, 6) අපට අවස්ථාවක් ලැබුණොත් ‘සාක්ෂිකරුවන් ගැන සමාජයේ වැරදි මත බොහොමයක් තිබෙන’ බව ඔහුට විස්තර කරන්න පුළුවන්. එසේත් නැත්නම් ඔහු ‘සාක්ෂිකරුවන් ගැන ඒ විදිහට හිතන්න පෙලඹුණේ ඇයි’ කියා ඔහුගෙන් අසන්නත් අපට පුළුවන්. අප මෘදු විදිහට පිළිතුරු දුන්නොත් ඔහු සාක්ෂිකරුවන් පිළිබඳව අසා තිබූ දේවල් ගැන විවිධ ප්‍රශ්න අසන්න පෙලඹිය හැකියි. එහි ප්‍රතිඵලයක් හැටියට ඊළඟ වතාවේ අපට සවන් දෙන්නත් ඔහු කැමති විය හැකියි. කොහොමවුණත් නිවැසියා අධික කෝපයකින් ක්‍රියා කරනවා නම් ගෞරවනීය ආකාරයට එතැනින් පිට වී යෑමයි හොඳම දෙය. සමාජය අපව කොහොම දුටුවත් කොහොම සැලකුවත් යෙහෝවා දෙවි අපේ සේවය බොහෝ සේ අගය කරන බව අපි මතක තබාගනිමු!—යෙසා. 52:7.