නිවේදන
◼ ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. නිවැසියන් ළඟ එය ඇත්නම් 1995ට පෙර පළ කළ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: සභාවේ ගොඩගැසී තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව වැනි ඕනෑම විවරණිකාවක් ඉදිරිපත් කරන්න. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. පළමු හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වන පුද්ගලයෙක් හමු වූ විට ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව දෙන්න. පළමු හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක සේවය කරන විට පරණ සඟරා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාවත් ඉදිරිපත් කළ හැකියි.
◼ සැප්තැම්බර් මුල පවත්වන සේවා රැස්වීමේදී “බයිබලය—ඔබේ ජීවිතය කෙරෙහි එහි බලය” සහ “බයිබලය—නිවැරදි ඉතිහාසය හා විශ්වාස කළ හැකි අනාවැකි අඩංගු පොතකි” යන වීඩියෝ පට නරඹා එහි තොරතුරු සලකා බලයි. එම තොරතුරු අඩංගු “බයිබලය—සත්‍ය තොරතුරු හා අනාවැකිවලින් යුත් පොතකි” යන DVD තැටි අවශ්‍ය නම් සභාව මාර්ගයෙන් ඉල්ලුම් කළ හැකියි.