ජූනි 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 207 [අලුත් අංකය 62]
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 3-6
දිව්යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 129 [අලුත් අංකය 90]
විනා. 5: නිවේදන.
විනා. 15: ජූලි මාසයේදී සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල ඇති ලිපි සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන එය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්රශ්න සහ බයිබල් පද ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. සඟරා ලබාගත් අයව නැවත බැලීමට යන විට බයිබල් පාඩමක් පටන්ගත හැකි ආකාරය තවත් නිරූපණයකින් පෙන්වා අවසන් කරන්න.—km 8/07 7වන පිටුව බලන්න.
විනා. 15: ළදරු කාලයේ පටන් පුහුණුව ලැබුවා. සබය සමඟ සාකච්ඡාවක්. තිමෝති දක්ෂ උද්යෝගිමත් ශුභාරංචිය දේශනා කරන්නෙක් ලෙස නම් දරා සිටියා. (ෆිලි. 2:20-22) එසේ වීමට එක් ප්රධාන හේතුවක් වුණේ ඔහුගේ මවත් ආච්චිත් ළදරු කාලයේ පටන් දෙවි කෙරෙහි විශ්වාසයක් ගොඩනඟා ගන්න ඔහුට උපකාර කළ නිසයි. (2 තිමෝ. 1:5; 3:15) හොඳ ශුභාරංචිය දේශනා කරන්නන් වෙන්න තම දරුවන්ව පුහුණු කිරීමට පහත සඳහන් දේවවචනය මත පදනම් යෝජනා දෙමාපියන්ට උපකාරවත් වෙයි. (1) ඔබේ දරුවාව ළදරු කාලයේ සිට දේවසේවයේ ගෙන යන්න. ඔහුගේ වයසට හා හැකියාවට අනුව සහභාගි වීමට පුහුණු කරන්න. (හිතෝ. 22:6) (2) දේවසේවය ඔබේ ජීවිතයේ මුල් තැන ගෙන තිබෙන දෙයක් බව ඔබේ ආදර්ශයෙන් පෙන්වන්න. (ෆිලි. 1:9, 10) (3) පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රියේදී හා වෙනත් අවස්ථාවලදී දේශනා කිරීමේ කාර්යය ගැන ඔවුන් තුළ ළැදියාවක් හා අගයක් ඇති කරන්න. (ද්වි. 6:6, 7) (4) ඔබේ ආකල්පයෙන් හා කතාවෙන් දේවසේවයේ වටිනාකම පෙන්වන්න. (ෆිලි. 3:8; 4:8; 1 තිමෝ. 1:12) (5) පවුලක් ලෙස නිතරම දේවසේවයේ සහභාගි වන්න. එය පවුලේ පුරුද්දක් කරගන්න. (ක්රියා 5:41, 42) (6) උද්යෝගිමත් දේවසේවකයන්ව ඇසුරු කරන්න. (හිතෝ. 13:20) දේවසේවය ප්රතිඵලදායක හා ප්රීතිමත් අද්දැකීමක් කරගැනීමට තම දෙමාපියන් උපකාර කළ ආකාරය ගැන නිශ්චිත කරුණු කිහිපයක් පැවසීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 164 [අලුත් අංකය 88]