ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/09 3 පි.
  • පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් පුනරීක්ෂණය
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 12/09 3 පි.

පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2009 දෙසැම්බර් 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි.

1. ද්විතීය කතාව 14:1හි සඳහන් ප්‍රතිපත්තිය අද සිටින දෙවිගේ සෙනඟට අදාළ කරගත හැක්කේ කෙසේද? [w05 1/1 28 පි.; w04 9/15 27 පි. 5 ඡේ.]

2. ද්විතීය කතාව 20:5-7හි සඳහන් ප්‍රතිපත්තිය අද දින ක්‍රිස්තියානි සභාවට අදාළ කරගත හැක්කේ කෙසේද? [w04 9/15 27 පි. 6 ඡේ.]

3. යුධ කටයුතුවලදී ඊශ්‍රායෙල් සෙනඟ අවට ජාතීන්ට වඩා වෙනස්ව කටයුතු කළේ කෙසේද? (ද්වි. 20:10-15, 19, 20; 21:10-13) [cl 134-135 පි., 17 ඡේ.]

4. ප්‍රීතිමත් හදවතකින් යෙහෝවා දෙවිට සේවය කරන්න අපට උපකාර කරන්නේ කුමක්ද? (ද්වි. 28:47) [w95 1/15 16 පි. 4-5 ඡේ.]

5. ද්විතීය කතාව 32:9, 11, 12හි සඳහන් පරිදි යෙහෝවා දෙවි ඊශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රේමය පෙන්වූ ආකාරයෙන් ක්‍රිස්තියානි දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද? [w01 10/1 9 පි. 7-9 ඡේ.]

6. දෙවිගේ පණිවිඩකරුවන්ව සොයා පැමිණි රජුගේ පණිවිඩකරුවන්ට රාහබ් පැවසූ දේ අප තේරුම්ගත යුත්තේ කෙසේද? (යොෂු. 2:4, 5) [w93 12/15 25 පි. 1 ඡේ.]

7. යොෂුවා 3:15, 16හි සඳහන් ඊශ්‍රායෙල්වරුන්ගේ ආදර්ශයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද? [w04 12/1 9 පි. 6 ඡේ.]

8. ආකාන්ගේ පාපය සම්බන්ධයෙන් යොෂුවා ක්‍රියා කළ ආකාරයෙන් කුමක් ඉගෙනගත හැකිද? (යොෂු. 7:20-25) [w04 12/1 11 පි. 4 ඡේ.]

9. යොෂුවා 9:22, 23හි දෙවිගේ වචනය අනිවාර්යයෙන්ම ඉටු වන බව පෙන්වන්නේ කෙසේද? [w04 12/1 11 පි. 3 ඡේ.; bsi යෝෂුවා 5 පි. 13 ඡේ.]

10. කාලෙබ්ගේ ආදර්ශයෙන් ලැබිය හැක්කේ කුමන දිරිගැන්වීමද? (යොෂු. 14:8, 10-12) [w04 12/1 12 පි. 2 ඡේ.; w93 5/15 29 පි. 1 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න