නිවේදන
◼ නොවැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. දරුවන් සිටිනවා නම් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. පෙබරවාරි: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද හෝ පවුලේ සන්තෝෂයට රහස. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. මෙම පොත දීමට හැකි වුණොත් හෝ දැනටමත් මේ පොත නිවසක ඇත්නම් හෝ බයිබල් පාඩමක් පටන්ගැනීමට ප්‍රචාරකයන් අවධානයෙන් සිටිය යුතුයි.
◼ “සෝදිසියෙන් සිටින්න!” යන දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා සභා රැස්වීම් පවත්වන දින හා වේලාවන් වෙනස් කරගත හැකියි. සමුළුවට කලින් සේවා රැස්වීමේදී උපදෙස් හා සිහිගැන්වීම් යළි මතක් කළ යුතුයි. සමුළුව අවසන් වී මාසයකින් හෝ දෙකකින් එහිදී ඉගෙනගත්, සේවය සඳහා තමන්ට උපකාරවත්යයි ප්‍රචාරකයන්ට හැඟෙන කරුණු සභා අවශ්‍යතා කොටසකදී සාකච්ඡා කළ හැකියි.