නිවේදන
◼ ජූනි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීම ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි අයව නැවත හමු වීමට යන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මෙහි අරමුණ විය යුත්තේ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම හෝ කලකට පෙර මුද්‍රණය කළ පිටු 192කින් යුත් වෙනත් පොතක් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක්. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් කරන ආකාරය කර පෙන්වන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වයි නම් ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව ඉදිරිපත් කර එහි තොරතුරු සාකච්ඡා කරන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න.
◼ ඔබ යම් හේතුවක් සඳහා වෙනත් රටකට යෑමට සැලසුම් කරන විට එම රටේ සාක්ෂිකරුවන් සිටිනවාද කියා ලෝක ව්‍යාප්ත සේවා වාර්තාවෙන් හෝ එම රටේ ශාඛා කාර්යාලයේ ලිපිනය වාර්ෂික පොතේ අවසන් පිටුවෙන් සොයා බැලීමට කැමති විය හැකියි. නමුත් ඒවායේ ඒ ගැන සඳහන් වී නැත්නම් ඔබේ රටේ ශාඛා කාර්යාලයෙන් විමසන්න. ඊට හේතුව එම රටේ සාක්ෂිකරුවන්ට යම් තහංචි පනවා තිබීම විය හැකියි. (මතෙ. 10:16) සමහරවිට විදේශිකයන් එම රටේ සිටින සාක්ෂිකරුවන්ව මුණගැසීම එතරම් නුවණට හුරු දෙයක් නොවිය හැකියි. තවත් සමහර රටවලට අපේ ප්‍රකාශන රැගෙන යෑම හෝ එහිදී අවිධිමත් ලෙස සාක්ෂි දැරීම මගින් අනවශ්‍ය ගැටලු මතු විය හැකියි. මෙසේ ශාඛා කාර්යාලයෙන් ඔබට ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරනවා නම් එම රටේ නමස්කාර කටයුතුවලට බාධාවක් නොවන අතර ඔබටත් ආරක්ෂාවක් වෙයි.—1 කොරි. 14:33, 40.