සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබරවාරි 1
“හැමෝගෙම යාච්ඤාවලට දෙවි සවන් දෙනවා කියා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන යේසුස් කී දෙය බලන්න. [මතෙව් 6:7 කියවන්න.] යාච්ඤාව ගැන හුඟදෙනෙක් අසන ප්රශ්න හතරකට බයිබලයේ සඳහන් පිළිතුරු මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.” දහසයවන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! පෙබරවාරි
“හුඟදෙනෙක් හිතන්නේ අපේ අනාගතය දැනටමත් තීරණය කර තිබෙනවා කියායි. ඔබ මේ ගැන හිතන්නේ මොනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කියන විදිහට අපිට තේරීමක් කරන්න පුළුවන්. [ද්විතීය කතාව 30:19 කියවන්න.] අප එක් එක්කෙනාගේ අනාගතය ගැන බයිබලයේ කියන දෙය මේ ලිපියේ පැහැදිලි කරනවා.” දොළොස්වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ මාර්තු 1
“අපි අද්දකින හැම දෙයක්ම කලින් තීරණය කර තිබෙනවා කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන බයිබලයේ සඳහන් දෙය බලන්න. [දේශනාකාරයා 9:11 කියවන්න.] දෙවි දීප්තිමත් අනාගතයක් ඇති කිරීමට දැනටමත් තීරණය කර තිබුණත් අප එක් එක්කෙනා ජීවත් වන ආකාරය ගැන තීරණය කරන්න දෙවි අපට ඉඩ දීලා තියෙනවා.”
පිබිදෙව්! මාර්තු
“අද හුඟදෙනෙක් ආර්ථික ප්රශ්නවලට මුහුණ දෙනවා. ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ උපදේශය ගැන ටිකක් හිතලා බලන්න. [1 තිමෝති 6:8, 10 කියවන්න.] මුදල් පාලනය කරගන්න අපිට උපකාරවත් වන බයිබල් ප්රතිපත්ති කිහිපයක් මේ සඟරාවේ සඳහන් වෙනවා.”