අප කළ සේවය
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉඳ හිට ආවරණය කරන ප්‍රදේශවල සේවය කිරීමට බොහෝ සභාවලට අවස්ථාව ලැබුණා. ඊට සහයෝගය දැක්වූ සියලුදෙනාටම ස්තුතියි! ඒ මාසයේදී ප්‍රචාරකයන් 4,469ක උපරිමයක් සේවයේ වාර්තා කළා. බයිබල් පාඩම් 5,664ක් වාර්තා කිරීම දිරිගැන්වීමට හේතුවක් වුණා. ‘යෙහෝවා දෙවිගේ දවස මනසෙහි ප්‍රමුඛව තබාගෙන’ ඒ දවස පැමිණෙන තෙක් ජීවිත ගලවන මෙම කාර්යයේ අපි වෙහෙසී නියැලෙමු.—2 පේතෘ. 3:12.