සේවා රැස්වීම් වැඩසටහන
දෙසැම්බර් 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 19
විනා. 10: සභා නිවේදන. දෙසැම්බර් 1 මුරටැඹ හා දෙසැම්බර් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීම ගැන 6වන පිටුවේ සඳහන් යෝජනා කෙටියෙන් සලකා බලන්න. මේ සඟරා ඉදිරිපත් කිරීමේදී තමන් ලැබූ හොඳ ප්‍රතිචාර ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. ඔවුන් භාවිත කළ ලිපි, ප්‍රශ්න හා බයිබල් පද මොනවාද කියා අසන්න.
විනා. 15: වර්ෂ 2009 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන. පාසැල් අවේක්ෂක ඉදිරිපත් කරන කතාවක්. වර්ෂ 2008 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ සඳහන් තොරතුරුවලින් ඔබේ සභාවට මතක් කළ යුතු කරුණු ගෙනහැර දක්වන්න. අමතර උපදේශකගේ කාර්යය සලකා බලන්න. තම පැවරුම් හොඳින් ඉටු කිරීමටත් බයිබල් විශේෂාංගවලදී අදහස් දැක්වීමටත් දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු පොතෙන් සතිපතා ඉදිරිපත් කරන යෝජනා අදාළ කරගැනීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 20: “බයිබල් සාකච්ඡාවන් ආරම්භ කිරීමට කදිම මෙවලමක්.”a හතරවන ඡේදය සලකා බලන විට, ‘මට මගේ ආගම තියෙනවා’ කියා පවසමින් ගෙවැසියෙක් සවන් දීමට අකමැත්ත පළ කරන විට බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචය යොදාගත හැකි ආකාරය පුරෝගාමියෙකු හෝ දක්ෂ ප්‍රචාරකයෙකු ලවා කෙටියෙන් නිරූපණය කරන්න. මේ පොත් පිංචයේ 10වන පිටුවේ තිබෙන යෝජනාවලින් එකක් යොදාගන්න.
ගීතිකා අංක 6
දෙසැම්බර් 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 178
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 10: ක්ෂේත්‍ර සේවයේ නිරත වන විටදී නැවත කීම. දේවසේවය පොතේ 207වන පිටුවේ ඇති තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක් හා සබය සමඟ කරන සාකච්ඡාවක්. එහි ඇති යෝජනාවක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 25: “ආරක්ෂිත නිවාස සංකීර්ණවල ‘සම්පූර්ණ සාක්ෂියක් දරන්න.’”b සේවා අවේක්ෂක හෝ වෙනත් වැඩිමහල්ලෙක් විසින් මෙහෙය විය යුතුයි. මේ කොටසේ සඳහන් යෝජනා ඔබ සභාවට අදාළ වන ආකාරය පෙන්වා දෙන්න. මෙම ලිපිය ඔබේ සභාවට අදාළ නැත්නම් ඒ වෙනුවට සභා අවශ්‍යතා සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 157
දෙසැම්බර් 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 75
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව හා සම්මාදම් දැමීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. ජනවාරි මාසයේ බෙදාහරින පොත් ගැන සඳහන් කර වැඩිමහල්ලෙකු ලවා එක් ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න.
විනා. 15: ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. සබය සමඟ සාකච්ඡාවක්. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහසක් කෙටියෙන් ඉදිරිපත් කර, ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නේ මේ සඟරාවල තිබෙන මොන වගේ ලිපිද කියා සබයෙන් අසන්න. එසේ පැවසීමට හේතුවද විමසන්න. එම ලිපි සමහරක් යොදාගෙන සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයද කියාත් ඉන්පසු සඟරාව ඉදිරිපත් කිරීමට කලින් කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද කියාත් සබයෙන් අසන්න. එම සඟරා දෙක ඉදිරිපත් කිරීම ගැන 6වන පිටුවේ සඳහන් යෝජනා හෝ ප්‍රදේශයට ගැළපෙන පරිදි සූදානම් කරගත් ඉදිරිපත් කිරීමක් නිරූපණය කර අවසන් කරන්න.
විනා. 20: “බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ දවසක්”c සභාව බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්නේ ජනවාරි මාසයේ කුමන සති අන්තයේද කියා සඳහන් කරන්න. තුන්වන ඡේදයේ තිබෙන යෝජනා සලකා බලා පාඩමක් හඳුන්වා දෙන ආකාරය ගැන නිරූපණයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න.
ගීතිකා අංක 133
දෙසැම්බර් 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 60
සභා බයිබල් පාඩම:
බයිබල් කතන්දර අංක 47
දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: එළිදරව් 15-22
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
සේවා රැස්වීම:
ගීතිකා අංක 153
විනා. 5: සභා නිවේදන. ඊළඟ සතියේ සේවා රැස්වීමට පැමිණෙන විට 2007 පෙබරවාරි මාසයේ රාජ්‍ය සේවාව රැගෙන ඒමට මතක් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 20: “දේශනා සේවයේදී විඳදරාගනිමු.”d කාලය තිබෙන ආකාරයට සඳහන් කර ඇති බයිබල් පදවලින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 155
ජනවාරි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 35
සභා බයිබල් පාඩම:
බයිබල් කතන්දර අංක 48
දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 1-5
අංක. 1: උත්පත්ති 3:1-15
අංක. 2: යේසුස් උතුම් ගුරුවරයෙකු වීමට හේතු (lr 1 පරි.)
අංක. 3: නිෂ්ඵල නොවන දෙය කුමක්ද? (1 කොරි. 15:58)
සේවා රැස්වීම:
ගීතිකා අංක 98
විනා. 5: සභා නිවේදන.
විනා. 10: “දේවසේවයේදී යේසුස්ව අනුකරණය කරන්න” නමැති තේමාවෙන් යුත් 2007 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ මුල් පිටුවේ පළ වූ ලිපිය මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 20: “අන් අයව පැසසීමට මං සොයමු.” වැඩිමහල්ලෙක් 2007 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 13-16 දක්වා පිටු පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක්. ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට තමන් දරන වෑයම් නිසා අන් අයගේ පැසසුමට ලක් වී තිබෙන එක්කෙනෙකුව හෝ දෙදෙනකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. වැඩිමහල්ලන්ගේ හා සෙසු අයගේ ප්‍රශංසාවලින් තමන් දිරිගැන්වීමක් ලබා තිබෙන්නේ කෙසේද? යෙහෝවා දෙවිට තවත් වැඩියෙන් සේවය කිරීමට එම ප්‍රශංසාවන් පෙලඹීමක් වී තිබෙන්නේ කෙසේද? අන් අයව ප්‍රශංසා කිරීම සහෝදර ප්‍රේමය පෙන්වීමේ වැදගත් අංගයක් නිසා එසේ කිරීමට සබයට දිරිගන්වන්න.—ගලා. 5:22, 23.
ගීතිකා අංක 114
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.