සේවා රැස්වීම් වැඩසටහන
නොවැම්බර් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 205
විනා. 10: සභා නිවේදන. ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව මෙතෙක් බෙදාහැරීම ගැන සේවා අවේක්ෂකගෙන් ලබාගත් තොරතුරුද ඇතුළත් කරන්න. ප්‍රචාරකයන් දැනටමත් නොවැම්බර් 1 මුරටැඹ හා නොවැම්බර් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරමින් සිටින නිසා ඔවුන්ට ලැබී තිබෙන හොඳ ප්‍රතිචාර ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: කැමැත්තෙන්ම දීමේ ස්වභාවය වර්ධනය කරගන්න. වර්ෂ 2008 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ 6-7 දක්වා පිටුවල ඇති තොරතුරු පදනම් කරගනිමින් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 20: “වටිනා සත්‍යයන් බෙදාගනිමු.”a දෙවන ඡේදය සලකා බලන විට මුලින්ම සත්‍යය ගැන සෙවීමට උනන්දුවක් ඇති කළ හෝ බව්තීස්මයෙන් පසු වඩාත් හොඳින් සත්‍යය අගය කිරීමට හේතු වූ බයිබලයේ සඳහන් නිශ්චිත ඉගැන්වීමක් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 71
නොවැම්බර් 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 80
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: ප්‍රශ්න පෙට්ටිය.b
විනා. 20: “ගුරුවරයෙක් වෙන්න ඔබටත් පුළුවන්!”c තමන්ට කවදාවත් බයිබල් පාඩමක් පවත්වන්න හැකියාවක් නැහැ කියා සිතුවත් පසුව සාර්ථකව බයිබල් පාඩමක් පවත්වන ප්‍රචාරකයෙකුව හෝ පුරෝගාමියෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. යෙහෝවා දෙවිව විශ්වාස කිරීම, ඔහුට හෝ ඇයට උපකාරයක් වූයේ කෙසේද? හැකියාවන් දියුණු කරගැනීමට දෙවිගේ සංවිධානයෙන් ලැබී තිබෙන උපකාර මොනවාද? බයිබල් පාඩම් පැවැත්වීමෙන් ලබා තිබෙන ආශීර්වාද මොනවාද?
ගීතිකා අංක 143
නොවැම්බර් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 217
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව හා සම්මාදම් දැමීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. දෙසැම්බර් මාසයේ බෙදාහරින පොත් ගැන සඳහන් කර ඉදිරිපත් කිරීමක් හෝ දෙකක් නිරූපණය කරන්න.
විනා. 20: සභා අවශ්‍යතා.
විනා. 15: දෙසැම්බර් 1 මුරටැඹ හා දෙසැම්බර් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහසක් කෙටියෙන් ඉදිරිපත් කරන්න. ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නේ එම සඟරාවල තිබෙන මොන වගේ ලිපිද කියා සබයෙන් අසන්න. ලිපි හඳුන්වා දීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නද කියාත් ඉන්පසු කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදද කියාත් සබයෙන් අසන්න. අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් යෝජනා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ප්‍රදේශයට ගැළපෙන පරිදි තමන් සූදානම් කරගෙන සිටින ලිපියක් ඉදිරිපත් කරන ආකාරය වැඩිමහල්ලෙක් ලවා කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 208
දෙසැම්බර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 84
විනා. 10: සභා නිවේදන. නොවැම්බර් මාසයේ සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: සභාවේ අද්දැකීම්. ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව මේ වන විට කොතරම් දුරට සභා බලප්‍රදේශය පුරා බෙදාහැර තිබෙනවාද කියා දන්වන්න. දේවසේවයේදී හෝ බයිබල් පාඩම් ආරම්භ කිරීමට මේ පත්‍රිකාව යොදාගැනීම ගැන තිබෙන අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න. නොවැම්බර් මාසයේදී බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කිරීමේදී ලැබූ දිරිගන්වනසුලු අද්දැකීම්ද පැවසීමට ආරාධනා කරන්න. විශේෂ අද්දැකීමක් හෝ දෙකක් යළි නිරූපණය කළ හැකියි.
විනා. 20: “විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට නවකයන්ව සූදානම් කරමු.”d දෙවන ඡේදය සලකා බලන විට බයිබල් ශිෂ්‍යයන්ට ඔවුන්ගේ නෑදෑයන් හා මිතුරන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද නමැති ප්‍රකාශනයේ 13, 27-31 දක්වා පිටුවල තිබෙන තොරතුරු යොදාගත හැක්කේ කෙසේද කියා කෙටියෙන් සලකා බලන්න.
ගීතිකා අංක 105
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.