ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/08 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 10/08 7 පි.

නිවේදන

◼ ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට බයිබල් පාඩම් පටන්ගැනීමේ අරමුණින් බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාවේ පිටපතක් ලබා දී එය සාකච්ඡා කරන්න. නොවැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත මුල් හමුවීමේදීම ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවන් සිටින බව ගේහිමියා පැවසුවොත් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ඉදිරිපත් කරන්න. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. දැනටමත් ඒ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම පොත හෝ 1992ට පෙර මුද්‍රණය කළ වෙනත් පොතක් ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: පහත සඳහන් පොත් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න. පවුලේ සන්තෝෂයට රහස, මැවුම්කරු හෝ දැනුම පොත.

◼ නොවැම්බර් මාසයේ සති අන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවය කිරීමට එය කදිම මාසයක්.

◼ මුලසුන භාර අවේක්ෂකගේ හා දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂකගේ දැනගැනීම සඳහායි. සභා රැස්වීම් සඳහා නව සැලැස්ම ක්‍රියාත්මක වන්නේ 2008 දෙසැම්බර් 29වනදායින් පටන්ගන්නා සතියේ සිටයි. එම සතියේ වැඩසටහන 2008 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ පළ වීමට නියමිතයි. දෙසැම්බර් 29වනදායින් පටන්ගන්නා සතියේදී පවත්වනු ලබන දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය මෙහෙය වන විට 2009 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහනේ සඳහන් මඟ පෙන්වීම් අනුගමනය කරන්න. එදින කථික ගුණාංගය ඉදිරිපත් කරන්නේ නැහැ.

◼ රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි (No Blood—Medicine Meets the Challenge) නමැති වීඩියෝ පටය ජනවාරි මාසයේ සේවා රැස්වීමේදී සලකා බලනවා. එම වීඩියෝ පට අවශ්‍ය නම් හැකි ඉක්මනින් සභාව මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතුයි.

◼ තමන් ලබා තිබෙන දිරිගන්වනසුලු අද්දැකීම් ගැන ශාඛා කාර්යාලයට ලියා එවන්න කියා සහෝදර සහෝදරියන්ට ආරාධනා කරන්න කැමතියි. ක්ෂේත්‍ර සේවයේ හෝ විවිධ පරීක්ෂා මැද දෙවිට තිබෙන පක්ෂපාතකම රැකගෙන තිබෙන ආකාරය ගැන අද්දැකීම් ඔබට එවිය හැකියි. එම අද්දැකීම් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා යන ඕනෑම භාෂාවකින් එවන්න පුළුවන්. අද්දැකීමට සම්බන්ධ සහෝදරයන්ගේ හා සහෝදරියන්ගේ සම්පූර්ණ නම් සඳහන් කරනවා නම් හොඳයි. ඔබේ අද්දැකීම් ලියා එවන්න නොහැකි නම් එය ශාඛා කාර්යාලයට දුරකථයෙන් පවසන්න පුළුවන්. එවිට එය අපට ලියාගත හැකියි. දිරිගන්වනසුලු අද්දැකීම්වලින් අන් අය යහපත කිරීමට පෙලඹෙන බවත් ඇතැම් බයිබල් ප්‍රතිපත්ති ගැන ඉගෙනගන්නා බවත් මතක තබාගන්න. එවැනි අද්දැකීම් වාර්තා කර තබාගැනීමට අප කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න