වර්ෂ 2009 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
මඟ පෙන්වීම්
වර්ෂ 2009දී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ මතු දැක්වෙන ආකාරයටයි.
තොරතුරු මූලාශ්‍ර: ශුද්ධ බයිබලය [bi2-SN], මුරටැඹ [w], උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු [lr] සහ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් [බයිබලයේ පිටු 1690 සිට 1703 දක්වා].
නියමිත වේලාවට පාසැල පටන්ගෙන, පැමිණ සිටින අයව පිළිගනිමින් පහත සඳහන් ආකාරයට පැවැත්විය යුතුයි. පාසැල් අවේක්ෂක සෑම කතාවකටම කලින් අදාළ කොටස හඳුන්වා දෙයි.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 10යි. මුල් විනාඩි හතරේදී සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සතියට නියමිත බයිබල් කියවීමේ කොටසේ කරුණු සාකච්ඡා කරයි. කෙසේවෙතත් සතිපතා බයිබල් කියවීමේ කොටස බයිබල් පොතක මුල් පරිච්ඡේදයෙන් පටන්ගන්නා විට මුල් විනාඩි හතරේදී සලකා බලන තොරතුරු ලබාගත යුත්තේ මුරටැඹ සඟරාවේ “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි” නමැති කොටසෙන් බව සලකන්න. උදාහරණයක් හැටියට ජනවාරි 5වනදායින් පටන්ගන්නා සතියේදී සලකා බලන්නේ උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද පහයි. මෙහිදී කථිකයා ඉහත සඳහන් කළ ලිපියේ උත්පත්ති පොතේ හැඳින්වීමට අදාළ ඡේදවලින් ප්‍රධාන කරුණු කිහිපයක් තෝරාගත යුතුයි. ඔහු එම තොරතුරු සභාවට ප්‍රයෝජනවත් වන අයුරින් අදාළ කළ යුතුයි. සතියට නියමිත බයිබල් කියවීමේ කොටස ගැන හෝ ඉහත සඳහන් ලිපියෙන් ගත් කරුණු ගැන හෝ සාකච්ඡා කරන විට එහි මූලික පරමාර්ථය විය යුත්තේ සලකා බලන තොරතුරු වටින්නේ ඇයි සහ අදාළ කරගන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට සබයට උපකාර කිරීමයි. මෙම පැවරුමේ මුල් කොටස සඳහා වැය කළ යුතු විනාඩි හතර ඉක්මවා නොයෑමට කථිකයා වගබලා ගත යුතුයි. ඉතිරි විනාඩි හය වෙන් කර තිබෙන්නේ සබයට අදහස් දැක්වීමට බව ඔහු මතක තබාගත යුතුයි. සතියට අදාළ කොටසින් තෝරාගත් කරුණක් ගැන තත්පර 30කින් හෝ ඊට අඩු කාලයකින් කෙටි අදහස් දැක්වීමට සබයේ සිටින අයට හැකියි. මෙම කොටසින් පසු වෙනත් පන්ති කාමරයක පැවරුම් ලබා සිටින ශිෂ්‍යයන්ට එහි යන ලෙස පාසැල් අවේක්ෂක පවසා සිටියි.
පැවරුම් අංක 1: විනාඩි 4ක් හෝ ඊට අඩුවෙන්. මෙම කියවීම පවරන්නේ සහෝදරයෙකුටයි. ශිෂ්‍යයා හැඳින්වීමක් හෝ අවසානයක් ඉදිරිපත් නොකර නියමිත කොටස කියවිය යුතුයි. මෙහිදී පාසැල් අවේක්ෂක විශේෂයෙන් සැලකිලිමත් වන්නේ කියවන කොටසේ අර්ථය තේරුම්ගෙන චතුර ලෙස, නිසි ලෙස අර්ථය කාවද්දමින්, හඬ පාලනය කරමින්, නිසි ලෙස විරාම යොදමින් හා ස්වාභාවික ගතියකින් කියවීමට ශිෂ්‍යයාට උපකාර කිරීම ගැනයි.
පැවරුම් අංක 2: විනාඩි 5යි. මෙය පවරන්නේ සහෝදරියකටයි. පාසැල් අවේක්ෂක පසුබිමක් සඳහන් කර නැති විට සේවා පාසැල් පොතේ 82වන පිටුවේ ඇති ලැයිස්තුවෙන් පසුබිමක් තෝරාගැනීමට සහෝදරියන්ට හැකියි. ශිෂ්‍යයා තමාට පවරා ඇති තේමාව භාවිත කළ යුතුයි. එය ක්ෂේත්‍ර සේවයේදී මුහුණ දෙන තත්වයකට අනුකූලවද ප්‍රදේශයට ප්‍රායෝගික වන ආකාරයකටද ඉදිරිපත් කළ යුතුයි. මූලාශ්‍රයක් දී නැති විටක අදාළ තොරතුරු සොයාගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනුයි. මෙම කොටසේදී පාසැල් අවේක්ෂක වැඩි අවධානයක් යොමු කරන්නේ ශිෂ්‍යයා තොරතුරු ගොඩනඟන ආකාරය හා බයිබලය යොදාගෙන නිවැසියාට තර්කානුකූලව කරුණු පහදා දෙන ආකාරය ගැනයි. එමෙන්ම ප්‍රධාන කරුණු තේරුම්ගැනීමට නිවැසියාට උපකාර කරන ආකාරය ගැනද ඔහු සලකා බලයි.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙය සහෝදරයෙකුට හෝ සහෝදරියකට පැවරිය හැකියි. ශිෂ්‍යයා තමන්ට පැවරී තිබෙන තේමාව මත කතාව ගොඩනැඟිය යුතුයි. මූලාශ්‍රයක් දී නැති විට අදාළ තොරතුරු සොයාගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනුයි. මෙය සහෝදරයෙකුට පවරනු ලබන විට ඔහු රාජ්‍ය ශාලාවේ රැස්ව සිටින සබය මනසෙහි තබාගෙන කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. සහෝදරියක් මෙම කොටස ඉදිරිපත් කරන විට එය සැමවිටම කළ යුතු වන්නේ පැවරුම් අංක 2හි දක්වා ඇති ආකාරයටයි. තේමාවක් අසල තරු ලකුණක් ඇත්නම් ඒවා කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි. තරුවක් දමා ඇති පැවරුම් අවශ්‍ය විටෙක වැඩිමහල්ලන්ට හෝ සභා සේවකයන්ට පැවරිය හැකියි.
උපදෙස්: විනාඩියකට හෝ දෙකකට සීමා විය යුතුයි. ශිෂ්‍යයාට පවරා තිබෙන කථික ගුණාංගය කතාවට කලින් සඳහන් කරන්නේ නැහැ. ශිෂ්‍යයන් පැවරුම් අංක 1, 2 සහ 3 ඉදිරිපත් කිරීමෙන් පසු තමන් නිරීක්ෂණය කළ හොඳ පැති පාසැල් අවේක්ෂක අගය කරයි. ශිෂ්‍යයා කතාව හොඳින් ඉදිරිපත් කිරීමට හේතුව ඔහු නිශ්චිත ලෙස පෙන්වා දෙන්නේ සේවා පාසැල් පොතට අවධානය යොමු කරමිනුයි. රැස්වීමෙන් පසුව හෝ වෙනත් අවස්ථාවක ඒ ඒ ශිෂ්‍යයා දියුණු කරගත යුතු පැති ගැන අමතර උපදෙස් පෞද්ගලික මට්ටමෙන් දීමට පාසැල් අවේක්ෂකට හැකියි.
වේලාව: සෑම කතාවක් මෙන්ම උපදේශකගේ අදහස් දැක්වීම්ද නියමිත වේලාව ඉක්මවා නොයා යුතුයි. පැවරුම් අංක 1, 2 හා 3 නියමිත කාලය ඉක්මවා යන විට පාසැල් අවේක්ෂක ඒවා ඥානවන්තව නතර කළ යුතුයි. බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් නියමිත වේලාව ඉක්මවා ගිය විට ඔවුන්ට පෞද්ගලිකව උපදෙස් දිය යුතුයි. සියලුදෙනාම තම පැවරුමේ නියමිත කාල සීමාව ගැන සැලකිලිමත් විය යුතුයි. මුළු වැඩසටහනම විනාඩි 30කට සීමා වෙයි.
උපදෙස් පෝරමය: සේවා පාසැල් පොතෙහි ඇත.
අමතර උපදේශක: පාසැල් අවේක්ෂකට අමතරව තවත් දක්ෂ වැඩිමහල්ලෙක් සිටිනවා නම් අමතර උපදේශකගේ කාර්යය ඉටු කිරීම සඳහා ඔහුව තෝරාගැනීමට වැඩිමහල් මණ්ඩලයට හැකියි. සභාවේ වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සිටිනවා නම් සෑම වසරකම වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුට මෙම පැවරුම භාර දිය හැකියි. අමතර උපදේශකගේ වගකීම වන්නේ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට පෞද්ගලික උපදෙස් අවශ්‍ය නම් එය ලබා දීමයි. සෙසු වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සැමවිටම උපදෙස් දීම අවශ්‍ය නැහැ.
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය: විනාඩි 20යි. මාස දෙකකට වරක් පාසැල් අවේක්ෂක පුනරීක්ෂණය මෙහෙයවයි. පුනරීක්ෂණයට කලින් බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කළ යුතුයි. මෙම පුනරීක්ෂණයේදී සලකා බලන්නේ එය පවත්වන සතිය ඇතුළු කලින් මාස දෙක තුළදී පාසැලේදී සලකා බැලූ තොරතුරුයි. එය පැවැත්වෙන සතියේ චාරිකා එක්රැස්වීම හෝ චාරිකා සතිය යෙදී ඇත්නම් එය පැවැත්විය යුත්තේ ඊළඟ සතියේදීයි. පැවරුම් අංක 1, 2 හා 3 සඳහා ඊළඟ සතියට නියමිත කොටස් චාරිකා සතියට හෝ එක්රැස්වීම් සතියට යොදාගත යුතුයි. සතියට නියමිත බයිබල් කියවීමේ විශේෂාංග කොටසේ වෙනසක් සිදු නොවෙයි.
වැඩසටහන
ජන. 5 බයිබල් කියවීම: උත්පත්ති 1-5
අංක. 1: උත්පත්ති 3:1-15
අංක. 2: යේසුස් උතුම් ගුරුවරයෙකු වීමට හේතු (lr 1 පරි.)
අංක. 3: නිෂ්ඵල නොවන දෙය කුමක්ද? (1 කොරි. 15:58)
ජන. 12 බයිබල් කියවීම: උත්පත්ති 6-10
අංක. 1: උත්පත්ති 9:1-17
අංක. 2: යෙහෝවා දෙවි: සියලුදෙනාම සේවය කරන්නේ එකම දෙවිට නොවේ (31ඈ, බයිබලයේ 1699 පි.)
අංක. 3: ආදරණීය දෙවි කෙනෙකුගෙන් ලියුමක් (lr 2 පරි.)
ජන. 19 බයිබල් කියවීම: උත්පත්ති 11-16
අංක. 1: උත්පත්ති 14:1-16
අංක. 2: සියලු දේවල් සෑදූ තැනැත්තා (lr 3 පරි.)
අංක. 3: යෙහෝවා දෙවි අපව හැඩගස්වන්නේ කෙසේද? (යෙසා. 64:8)
ජන. 26 බයිබල් කියවීම: උත්පත්ති 17-20
අංක. 1: උත්පත්ති 17:1-17
අංක. 2: රාජ්‍යය: දෙවිගේ රාජ්‍යය මිනිසා සඳහා කරන දේ (34අ, බයිබලයේ 1700 පි.)
අංක. 3: දෙවිට නමක් තිබෙනවා (lr 4 පරි.)
පෙබ. 2 බයිබල් කියවීම: උත්පත්ති 21-24
අංක. 1: උත්පත්ති 22:1-18
අංක. 2: ‘මේ මගේ පුතා’ (lr 5 පරි.)
අංක. 3: a අන් අය කෙරෙහි දක්වන ප්‍රේමය තවත් පුළුල් කරගත හැක්කේ කෙසේද? (2 කොරි. 6:11-13)
පෙබ. 9 බයිබල් කියවීම: උත්පත්ති 25-28
අංක. 1: උත්පත්ති 25:1-18
අංක. 2: උතුම් ගුරුවරයා අනුන්ට සේවය කළා (lr 6 පරි.)
අංක. 3: රාජ්‍යය: ක්‍රිස්තුස්ගේ සතුරන් ක්‍රියාකාරීව සිටියදීම රාජ්‍යය ක්‍රියාත්මක වීමට පටන්ගනී (34ආ, බයිබලයේ 1700 පි.)
පෙබ. 16 බයිබල් කියවීම: උත්පත්ති 29-31
අංක. 1: උත්පත්ති 29:1-20
අංක. 2: අප ‘කනස්සලු වීම නතර කළ’ යුත්තේ ඇයි? (මතෙ. 6:25)
අංක. 3: කීකරුකම ඔයාට ආරක්ෂාවක් (lr 7 පරි.)
පෙබ. 23 බයිබල් කියවීම: උත්පත්ති 32-35
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මාර්. 2 බයිබල් කියවීම: උත්පත්ති 36-39
අංක. 1: උත්පත්ති 39:1-16
අංක. 2: අනිත් අය අපිට වඩා උසස් (lr 8 පරි.)
අංක. 3: රාජ්‍යය: ‘හෘදයන් තුළ’ ඇති දෙයක් නොවේ, මිනිස් වෑයමෙන් පැමිණෙන දෙයක් නොවේ (34ඇ, බයිබලයේ 1700 පි.)
මාර්. 9 බයිබල් කියවීම: උත්පත්ති 40-42
අංක. 1: උත්පත්ති 40:1-15
අංක. 2: වරදට පොලඹවන දේවලට අපි විරුද්ධ වෙමු (lr 9 පරි.)
අංක. 3: b නිතරම තමන් හරියයි සිතීමේ උගුලට හසු නොවන්න!
මාර්. 16 බයිබල් කියවීම: උත්පත්ති 43-46
අංක. 1: උත්පත්ති 44:1-17
අංක. 2: යේසුස් භූතයන්ට වඩා බලවත් (lr 10 පරි.)
අංක. 3: බයිබලය: දෙවිගේ වචනය දේවානුභාවයෙන් දෙන ලදි (21අ, බයිබලයේ 1696 පි.)
මාර්. 23 බයිබල් කියවීම: උත්පත්ති 47-50
අංක. 1: උත්පත්ති 48:1-16
අංක. 2: අප යක්ෂයාට භය විය යුතුද?
අංක. 3: දේවදූතයන්ගෙන් උපකාර (lr 11 පරි.)
මාර්. 30 බයිබල් කියවීම: නික්මයාම 1-6
අංක. 1: නික්මයාම 1:1-19
අංක. 2: යේසුස් අපිට යාච්ඤා කරන්න උගන්වයි (lr 12 පරි.)
අංක. 3: සුව කිරීම, අන්‍ය භාෂා: අද දින ඇදහිල්ලෙන් සුව කිරීම්, දිව්‍ය අනුමැතිය තිබෙන බවට සාක්ෂියක් නොවේ (42ඇ, බයිබලයේ 1703 පි.)
අප්‍රි. 6 බයිබල් කියවීම: නික්මයාම 7-10
අංක. 1: නික්මයාම 9:1-19
අංක. 2: යේසුස්ගේ ගෝලයන් වූ අය (lr 13 පරි.)
අංක. 3: c තම තමන්ගේ බර උසුලන (ගලාති 6:5) අතරේදී අන් අයගේ බරද ඉසිලිය හැක්කේ කෙසේද? (ගලාති 6:2)
අප්‍රි. 13 බයිබල් කියවීම: නික්මයාම 11-14
අංක. 1: නික්මයාම 12:21-36
අංක. 2: අපි සමාව දිය යුත්තේ ඇයි? (lr 14 පරි.)
අංක. 3: සුව කිරීම, අන්‍ය භාෂා: අන්‍ය භාෂාවලින් කතා කිරීම තාවකාලික සැපයුමක් පමණි (42ඈ, බයිබලයේ 1703 පි.)
අප්‍රි. 20 බයිබල් කියවීම: නික්මයාම 15-18
අංක. 1: නික්මයාම 15:1-19
අංක. 2: බොරු ආගම්වලින් ඉවත් වී සිටීමට අයත් වන්නේ කුමක්ද?
අංක. 3: කරුණාව පෙන්වීම ගැන පාඩමක් (lr 15 පරි.)
අප්‍රි. 27 බයිබල් කියවීම: නික්මයාම 19-22
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මැයි 4 බයිබල් කියවීම: නික්මයාම 23-26
අංක. 1: නික්මයාම 24:1-18
අංක. 2: ඇත්තටම වැදගත් දේ මොකක්ද? (lr 16 පරි.)
අංක. 3: සුව කිරීම, අන්‍ය භාෂා: දෙවිගේ රාජ්‍යය මගින් සදාකාලික වූ ශාරීරික සුවය ගෙන දෙයි (42ආ, බයිබලයේ 1703 පි.)
මැයි 11 බයිබල් කියවීම: නික්මයාම 27-29
අංක. 1: නික්මයාම 29:1-18
අංක. 2: සන්තෝෂයට මඟ (lr 17 පරි.)
අංක. 3: d පක්ෂපාතකමින් අදහස් නොවන දෙය හා එහි අනතුර
මැයි 18 බයිබල් කියවීම: නික්මයාම 30-33
අංක. 1: නික්මයාම 31:1-18
අංක. 2: විරුද්ධවාදිකම්, පීඩා: ක්‍රිස්තියානීන්ට විරුද්ධවාදිකම් එල්ල වීමට හේතුව (36අ, බයිබලයේ 1700 පි.)
අංක. 3: ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවද? (lr 18 පරි.)
මැයි 25 බයිබල් කියවීම: නික්මයාම 34-37
අංක. 1: නික්මයාම 37:1-24
අංක. 2: රණ්ඩු දබර කිරීම හරිද? (lr 19 පරි.)
අංක. 3: e තමන්ට රිසි සේ හැසිරීම යනු කුමක්ද? අප ඉන් වැළකිය යුත්තේ ඇයි?
ජූනි 1 බයිබල් කියවීම: නික්මයාම 38-40
අංක. 1: නික්මයාම 40:1-19
අංක. 2: ඔයාට හැම වෙලේම පළමුවෙනියා වෙන්න ඕනෑද? (lr 20 පරි.)
අංක. 3: සුව කිරීම, අන්‍ය භාෂා: ආත්මික සුවය [ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම] සදාකාලික ප්‍රයෝජන ගෙන දෙයි (42අ, බයිබලයේ 1703 පි.)
ජූනි 8 බයිබල් කියවීම: ලෙවී කතාව 1-5
අංක. 1: ලෙවී කතාව 4:1-15
අංක. 2: කිසිම දෙයක් ගැන අපි පුරසාරම් දොඩන එක හරිද? (lr 21 පරි.)
අංක. 3: f ක්‍රිස්තියානීන් තමන්ට ඇති බලතල පාවිච්චි කළ යුත්තේ කෙසේද?
ජූනි 15 බයිබල් කියවීම: ලෙවී කතාව 6-9
අංක. 1: ලෙවී කතාව 8:1-17
අංක. 2: ආගම: තම ආගම වැරදි බව ඔප්පු වූවොත් එය වෙනස් කිරීම අත්‍යවශ්‍යය (4ඇ, බයිබලයේ 1691 පි.)
අංක. 3: අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි? (lr 22 පරි.)
ජූනි 22 බයිබල් කියවීම: ලෙවී කතාව 10-13
අංක. 1: ලෙවී කතාව 11:29-45
අංක. 2: මිනිස්සු අසනීප වන හේතුව (lr 23 පරි.)
අංක. 3: යේසුස්ගේ බව්තීස්ම ලත් අනුගාමිකයන් භුක්ති විඳින ආශීර්වාද
ජූනි 29 බයිබල් කියවීම: ලෙවී කතාව 14-16
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
ජූලි 6 බයිබල් කියවීම: ලෙවී කතාව 17-20
අංක. 1: ලෙවී කතාව 19:1-18
අංක. 2: ජීවිතය: ස්වර්ගික ජීවිතයක් ලැබෙන්නේ ක්‍රිස්තුස්ගේ ශරීරයට අයත් වූවන්ට පමණි (11ආ, බයිබලයේ 1693 පි.)
අංක. 3: කවදාවත් හොරෙක් වෙන්න එපා! (lr 24 පරි.)
ජූලි 13 බයිබල් කියවීම: ලෙවී කතාව 21-24
අංක. 1: ලෙවී කතාව 22:17-33
අංක. 2: නරක දේවල් කරන අයට වෙනස් වෙන්න පුළුවන්ද? (lr 25 පරි.)
අංක. 3: සැබෑ ක්‍රිස්තියානීන් දුප්පතුන් ගැන සැලකිලිමත් වන අයුරු
ජූලි 20 බයිබල් කියවීම: ලෙවී කතාව 25-27
අංක. 1: ලෙවී කතාව 25:39-54
අංක. 2: හොඳ දේ කරන්න අමාරු ඇයි? (lr 26 පරි.)
අංක. 3: පොළොව: පොළොව සඳහා දෙවිගේ අරමුණ (20අ, බයිබලයේ 1696 පි.)
ජූලි 27 බයිබල් කියවීම: ගණන් කතාව 1-3
අංක. 1: ගණන් කතාව 3:1-20
අංක. 2: මෘදුකම පෙන්වීමට තමන්වම හික්මවාගත යුත්තේ ඇයි?
අංක. 3: ඔයා අදහන දෙවි කවුද? (lr 27 පරි.)
අගෝ. 3 බයිබල් කියවීම: ගණන් කතාව 4-6
අංක. 1: ගණන් කතාව 4:1-16
අංක. 2: කීකරු වෙන්නේ කාටදැයි දැනගන්නේ කොහොමද? (lr 28 පරි.)
අංක. 3: ජීවිතය: කීකරු මිනිසුන් සඳහා සදාකාල ජීවනය සහතික කර තිබේ (11අ, බයිබලයේ 1692 පි.)
අගෝ. 10 බයිබල් කියවීම: ගණන් කතාව 7-9
අංක. 1: ගණන් කතාව 9:1-14
අංක. 2: හැම සාදයකටම දෙවි කැමතිද? (lr 29 පරි.)
අංක. 3: අප යෙහෝවා දෙවිට පක්ෂපාත බව පෙන්විය හැකි අයුරු
අගෝ. 17 බයිබල් කියවීම: ගණන් කතාව 10-13
අංක. 1: ගණන් කතාව 13:17-33
අංක. 2: අපිට දැනෙන භයෙන් ගොඩ ඒමට උපකාර (lr 30 පරි.)
අංක. 3: යක්ෂයා, භූතයෝ: භූතයෝ යනු කැරලිකාර දේවදූතයෝය (29ඇ, බයිබලයේ 1698 පි.)
අගෝ. 24 බයිබල් කියවීම: ගණන් කතාව 14-16
අංක. 1: ගණන් කතාව 14:26-43
අංක. 2: දෙවිගේ නීතියට ප්‍රිය වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ගීතා. 119:97)
අංක. 3: සහනය සොයාගත හැකි තැන (lr 31 පරි.)
අගෝ. 31 බයිබල් කියවීම: ගණන් කතාව 17-21
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
සැප්. 7 බයිබල් කියවීම: ගණන් කතාව 22-25
අංක. 1: ගණන් කතාව 22:20-35
අංක. 2: යේසුස්ව ආරක්ෂා කළ සැටි (lr 32 පරි.)
අංක. 3: මරණය: මළවුන්ගේ තත්වය (24ආ, බයිබලයේ 1697 පි.)
සැප්. 14 බයිබල් කියවීම: ගණන් කතාව 26-29
අංක. 1: ගණන් කතාව 27:1-14
අංක. 2: දෙවි සිතන ආකාරයට සිතීම යනු කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි? (එෆී. 6:4)
අංක. 3: අපිව ආරක්ෂා කරන්න යේසුස්ට පුළුවන් (lr 33 පරි.)
සැප්. 21 බයිබල් කියවීම: ගණන් කතාව 30-32
අංක. 1: ගණන් කතාව 32:1-15
අංක. 2: අපි මැරුණොත් මොනවාද වෙන්නේ ? (lr 34 පරි.)
අංක. 3: නැවත නැඟිටීම: නැවත නැඟිටීම ලැබෙන්නේ ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීමටය (15ආ, බයිබලයේ 1694 පි.)
සැප්. 28 බයිබල් කියවීම: ගණන් කතාව 33-36
අංක. 1: ගණන් කතාව 33:1-23
අංක. 2: අපිට මරණයෙන් නැඟිටින්න පුළුවන්! (lr 35 පරි.)
අංක. 3: සියලුම ආණ්ඩුවලට වඩා දේවරාජ්‍යය උසස් වන අයුරු
ඔක්. 5 බයිබල් කියවීම: ද්විතීය කතාව 1-3
අංක. 1: ද්විතීය කතාව 2:1-15
අංක. 2: පොළොව: කිසිදා විනාශයට හෝ ජනශුන්‍ය තත්වයකට පත් නොවෙයි (20ආ, බයිබලයේ 1696 පි.)
අංක. 3: නැවත නැඟිටුවන්නේ කාවද? ඔවුන් ජීවත් වෙන්නේ කොහේද? (lr 36 පරි.)
ඔක්. 12 බයිබල් කියවීම: ද්විතීය කතාව 4-6
අංක. 1: ද්විතීය කතාව 4:15-28
අංක. 2: යෙහෝවාව සහ ඔහුගේ පුතාව මතක තබාගැනීම (lr 37 පරි.)
අංක. 3: ස්වල්පයක් වඩා හොඳයි කියා කිව හැක්කේ කුමක් සම්බන්ධයෙන්ද? (හිතෝ. 15:16)
ඔක්. 19 බයිබල් කියවීම: ද්විතීය කතාව 7-10
අංක. 1: ද්විතීය කතාව 9:1-14
අංක. 2: අපි යේසුස්ට ප්‍රේම කරන්න ඕනෑ ඇයි? (lr 38 පරි.)
අංක. 3: ස්වර්ගය: ස්වර්ගයට යන්නේ 1,44,000ක් පමණි (43අ, බයිබලයේ 1703 පි.)
ඔක්. 26 බයිබල් කියවීම: ද්විතීය කතාව 11-13
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
නොවැ. 2 බයිබල් කියවීම: ද්විතීය කතාව 14-18
අංක. 1: ද්විතීය කතාව 15:1-15
අංක. 2: දේවගරුබිය පෙන්විය හැකි පැති මොනවාද?
අංක. 3: දෙවි තම පුතාව සිහි කරයි (lr 39 පරි.)
නොවැ. 9 බයිබල් කියවීම: ද්විතීය කතාව 19-22
අංක. 1: ද්විතීය කතාව 22:1-19
අංක. 2: දෙවිව සතුටු කරන විදිහ (lr 40 පරි.)
අංක. 3: සභාව: සභාව පේතෘස් මත ගොඩනඟා නැත (39ආ, බයිබලයේ 1702 පි.)
නොවැ. 16 බයිබල් කියවීම: ද්විතීය කතාව 23-27
අංක. 1: ද්විතීය කතාව 25:1-16
අංක. 2: දෙවිව සතුටු කරන දරුවෝ (lr 41 පරි.)
අංක. 3: g අප පරිශුද්ධ දේවල් ලෙස සැලකිය යුත්තේ මොනවාද?
නොවැ. 23 බයිබල් කියවීම: ද්විතීය කතාව 28-31
අංක. 1: ද්විතීය කතාව 30:1-14
අංක. 2: අපි වැඩ කරන්න ඕනෑ ඇයි? (lr 42 පරි.)
අංක. 3: ජීවිතය: “වෙනත් බැටළුවන්” නමැති අසීමිත සංඛ්‍යාවකට මිහිපිට ජීවිතය පොරොන්දු වී තිබේ (11ඇ, බයිබලයේ 1693 පි.)
නොවැ. 30 බයිබල් කියවීම: ද්විතීය කතාව 32-34
අංක. 1: ද්විතීය කතාව 32:1-21
අංක. 2: ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ යනු කුමක්ද? (ශෙප. 1:14)
අංක. 3: අපේ සහෝදර සහෝදරියන් කවුද? (lr 43 පරි.)
දෙසැ. 7 බයිබල් කියවීම: යොෂුවා 1-5
අංක. 1: යොෂුවා 5:1-15
අංක. 2: අපේ මිතුරන් දෙවිට ප්‍රේම කරන අය වෙන්න ඕනෑ (lr 44 පරි.)
අංක. 3: දෙවිගේ රාජ්‍යය මොකක්ද?—අපිට එය ඕනෑ බව පෙන්වන සැටි (lr 45 පරි.)
දෙසැ. 14 බයිබල් කියවීම: යොෂුවා 6-8
අංක. 1: යොෂුවා 8:1-17
අංක. 2: ලෝකයක් වතුරෙන් විනාශ වෙයි—ආයෙත් සැරයක් ඒ වගේ වෙයිද? (lr 46 පරි.)
අංක. 3: දේශනාකාරයා 7:21, 22හි ඇති උපදෙස අදාළ කරගැනීම වටින්නේ ඇයි?
දෙසැ. 21 බයිබල් කියවීම: යොෂුවා 9-11
අංක. 1: යොෂුවා 9:1-15
අංක. 2: අර්මගෙදොන් ළඟ බව අපි දැනගන්නේ කොහොමද? (lr 47 පරි.)
අංක. 3: දෙවිගේ සාමකාමී නව ලෝකයේ ජීවත් වෙන්න ඔයාට පුළුවන් (lr 48 පරි.)
දෙසැ. 28 බයිබල් කියවීම: යොෂුවා 12-15
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
[පාදසටහන්වල]
a සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
b සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
c සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
d සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
e සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
f සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
g සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.