සේවා රැස්වීම් වැඩසටහන
ඔක්තෝබර් 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 174
විනා. 10: සභා නිවේදන. ඔක්තෝබර් 20වනදා පටන් බෙදාහැරීමට නියමිත විශේෂ පත්‍රිකාව ජනයා අතට පත් කිරීම සඳහා සභාව කර තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න. තමන්ට අවශ්‍ය තරම් පත්‍රිකා තවමත් ලබාගෙන නැත්නම් ඉක්මනින් ඒවා ලබාගැනීමට සියලුදෙනාවම දිරිගන්වන්න. ඔක්තෝබර් 1 මුරටැඹ හා ඔක්තෝබර් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන 8වන පිටුවේ සඳහන් ඉදිරිපත් කිරීම් කෙටියෙන් සලකා බලන්න. ප්‍රචාරකයන් දැනටමත් මේ සඟරා දෙක සති කිහිපයක සිට බෙදාහරිමින් සිටින නිසා සේවයේදී ඒ ගැන ලැබූ අද්දැකීම් පැවසීමට ආරාධනා කරන්න.
විනා. 35: “සභා රැස්වීම් සඳහා නව සැලැස්ම.”a කාලය තිබෙන ආකාරයට ලිපියේ බයිබල් පද කියවා අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 216
ඔක්තෝබර් 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 113
විනා. 5: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 20: දේවසේවයෙන් ලබන ප්‍රීතිය දිගටම රැකගන්න. වර්ෂ 2005 ජූලි 1 මුරටැඹ සඟරාවේ 24 සිට 25 දක්වා පිටුවල තිබෙන 11 සිට 17 දක්වා ඡේදවල තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරන දිරිගන්වනසුලු කතාවක්. දිගු කාලයක සිට දෙවිට විශ්වාසවන්තව සේවය කරන කෙනෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. මිනිසුන් ශුභාරංචියට සවන් නොදෙන අවස්ථාවලදී පවා දිගටම ප්‍රීතිය පවත්වාගැනීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ කෙසේද?
විනා. 20: නොවැම්බර් 1 මුරටැඹ සහ නොවැම්බර් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහසක් කෙටියෙන් ඉදිරිපත් කර, ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නේ මේ සඟරාවල තිබෙන මොන වගේ ලිපිද කියා සබයෙන් අසන්න. එසේ පැවසීමට හේතුවද විමසන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයද කියාත් ඉන්පසු සඟරාව ඉදිරිපත් කිරීමට කලින් කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද කියාත් සබයෙන් අසන්න. සඟරා ඉදිරිපත් කිරීම ගැන 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ ප්‍රදේශයට ගැළපෙන පරිදි සූදානම් කරගත් ඉදිරිපත් කිරීමක් නිරූපණය කර අවසන් කරන්න.
ගීතිකා අංක 148
ඔක්තෝබර් 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 30
විනා. 5: සභා නිවේදන. ගිණුම් වාර්තාව හා සම්මාදම් දැමීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 30: “පෞද්ගලික පාඩමත් පවුලේ පාඩමත් අතපසු නොකරමු.”b කාලය තිබෙන ආකාරයට සඳහන් කර තිබෙන බයිබල් පද කියවා ඒ ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 142
නොවැම්බර් 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 100
විනා. 10: සභා නිවේදන. ඔක්තෝබර් මාසයේ සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 20: වර්ෂ 2009 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන. දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහනේ “මඟ පෙන්වීම්” යටතේ සඳහන් නව දිව්‍යාණ්ඩු සේවා පාසැල ගැන පාසැල් අවේක්ෂක සබය සමඟ සාකච්ඡා කරයි. මෙහිදී පාසැලේ කර තිබෙන වෙනස්කම්වලට ඔහු විශේෂ අවධානයක් යොමු කරයි. පාසැලෙන් ලැබෙන පැවරුම් අතපසු නොකර හොඳින් ඉටු කිරීමටත් බයිබල් කියවීමේ විශේෂාංගවලදී අදහස් දැක්වීම සඳහා සූදානම් වීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න. එමෙන්ම පාසැල් අවේක්ෂක දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගනිමු නමැති පොත පදනම් කරගෙන ඉදිරිපත් කරන අදහස්වලට හොඳින් සවන් දී ප්‍රයෝජන ගැනීමටද ඔවුන්ව දිරිගන්වන්න.
විනා. 15: ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න. සේවා අවේක්ෂක හෝ වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් 2008 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ 9-12 දක්වා පිටුවල තිබෙන 5-18 දක්වා ඡේද පදනම් කරගත් කතාවක් ඉදිරිපත් කරයි. බලපෑමෙන් යුක්තව ඉගැන්වීමට උපකාරවත් වන ක්‍රම 5 හඳුන්වා දී ඒ ගැන කෙටියෙන් අදහස් දක්වන්න. එම තොරතුරු තමන්ගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීමට උපකාරවත් වී තිබෙන ආකාරය පැවසීමට ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කැඳවන්න.
ගීතිකා අංක 91
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.