සභා රැස්වීම් සඳහා නව සැලැස්ම
1, 2. වර්ෂ 2009 ජනවාරි සිට සභා රැස්වීම්වල සිදු කරන වෙනස්කම් මොනවාද?
1 වර්ෂ 2008 අප්‍රියෙල් 21වනදායින් පටන්ගත් සතියේදී ලොව පුරාම සිටින අපගේ සහෝදරයන්ට විශේෂ නිවේදනයක් අසන්න ලැබුණා. එහි මෙසේ සඳහන් වුණා. “වර්ෂ 2009 ජනවාරි 1වනදා සිට සභා පොත් පාඩම පවත්වන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීම පවත්වන දවසේදීමයි. ඉදිරියේදී සභා පොත් පාඩම හඳුන්වන්නේ සභා බයිබල් පාඩම ලෙසයි.”
2 නව රැස්වීම් වැඩසටහන: මෙම රැස්වීම් සඳහා ගත වන මුළු කාලය පැයයි විනාඩි 45යි. ඊට ගීතිකා හා යාච්ඤාද ඇතුළත්. රැස්වීම ගීතිකාවකින් හා යාච්ඤාවකින් (විනා. 5යි) ආරම්භ වෙයි. ඉන්පසු විනාඩි 25කට සභා බයිබල් පාඩමද එය අවසන් වූ විගස විනාඩි 30කට දිව්‍යාණ්ඩු සේවා පාසැලද පැවැත්වෙයි. පසුව සේවා රැස්වීම ආරම්භ කිරීමට පෙර ගීතිකාවක් (විනා. 5යි) ගායනා කරයි. සේවා රැස්වීම විනාඩි 35කට පැවැත්වීමෙන් පසු ගීතිකාවකින් හා යාච්ඤාවකින් (විනා. 5යි) එදින රැස්වීම අවසන් වෙයි. මෙම රැස්වීම් තුනේම වැඩසටහන සෑම මසකම අපගේ රාජ්‍ය සේවාවේ පළ කරන අතර රැස්වීම් තුනට හොඳින් සූදානම් වීමට එය ඔබට උපකාරවත් වෙයි.
3. සභා බයිබල් පාඩම පවත්වන්නේ කෙසේද?
3 සභා බයිබල් පාඩම: මෙම රැස්වීම පවත්වන්නේ මුරටැඹ පාඩම පවත්වන ආකාරයටයි. කලින් සතියේ තොරතුරු යළි සලකා බැලීම අවශ්‍ය නැහැ. හැඳින්වීම ඉතා කෙටි විය යුතුයි. එවිට සැමෝටම කෙටි පිළිතුරු දීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙයි. සෑම සතියකම එක් එක් වැඩිමහල්ලා විසින් මෙම රැස්වීම පැවැත්වීම සඳහා මුලසුනභාර අවේක්ෂක සැලසුම් කරයි.
4. සේවා රැස්වීමේ සිදු වන වෙනස්කම් මොනවාද?
4 සේවා රැස්වීම: සේවා රැස්වීම පෙර සේම ක්‍රියාත්මක වුණත් එහි කොටස් කෙටි කර තිබෙනවා. ඉදිරියේදී නිවේදන සඳහා වෙන් කර ඇත්තේ විනාඩි 5යි. සභාවේ අත්‍යවශ්‍ය නිවේදන හා ශාඛා කාර්යාලයෙන් ලැබෙන සමහර ලිපි කියවීමට එම කාලය ප්‍රමාණවත් වෙයි. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වෙන ස්ථාන, ශාලාව පිරිසිදු කිරීම, ගිණුම් වාර්තාව හා ශාඛා කාර්යාලයෙන් ලැබෙන සාමාන්‍ය ලිපි සභාවට කියවීම අවශ්‍ය නැහැ. නමුත් ඒවා සහෝදරයන්ට කියවීම සඳහා දැන්වීම් පුවරුවේ දමනු ලබනවා. රැස්වීමේ පැවරුම් ලබන අය ලැබී තිබෙන උපදෙස්වලට එකඟව හොඳින් සූදානම් වී තමන්ට ලැබී තිබෙන කාලය තුළ එම පැවරුම ඉටු කළ යුතුයි.
5. චාරිකා සතියේදී නව රැස්වීම් සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කෙසේද?
5 චාරිකා සතිය: චාරිකා සතියේ වැඩසටහනේ වෙනසක් සිදු වන්නේ නැහැ. අඟහරුවාදා පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් හා සේවා රැස්වීමෙන් පසු සුපුරුදු ලෙස ගීතිකාවක් ගායනා කරයි. ඉන්පසු චාරිකා අවේක්ෂක විනාඩි 30ක කතාවක් ඉදිරිපත් කරනවා. දැනටමත් කරන ආකාරයට චාරිකා සතියේ තවත් සන්ධ්‍යාවක සභා බයිබල් පාඩම පවත්වන අතර ඉන්පසු ගීතිකාවක් ගායනා කරනවා. චාරිකා අවේක්ෂක සේවා කතාව ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවයි. පසුව ගීතිකාවකින් හා යාච්ඤාවකින් රැස්වීම අවසන් වෙයි.
6. කණ්ඩායම් අවේක්ෂකගේ වගකීම කුමක්ද?
6 ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම: වැඩිමහල් මණ්ඩලය විසින් “කණ්ඩායම් අවේක්ෂකයන්ව” පත් කරන අතර ඔවුන්ගේ වගකීම වන්නේ තමන්ට පවරා ඇති කණ්ඩායමේ ක්ෂේත්‍ර සේවා කටයුතු බලාගැනීම හා එඬේර බැහැදැකීම් කිරීමයි. මේ සඳහා සභා සේවකයෙකුව යොදාගන්නා විට ඔහුව හඳුන්වන්නේ “කණ්ඩායම් සේවක” ලෙසයි.
7. නව රැස්වීම් සැලැස්මෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
7 අප සලකා බැලූ දෙයින් පෙනී යන්නේ මෙම නව සැලැස්ම නිසා අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරගැනීමට උපකාරවත් වන තොරතුරු රැසක් අපට සූදානම් කර තිබෙන බවයි. දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය වඩා ඵලදායක ලෙස ඉටු කිරීමට නව රැස්වීම් සැලැස්ම මගින් හොඳ පුහුණුවක් ලැබෙයි.—එෆී. 4:13, 14; 2 තිමෝ. 3:17.
8. කලින්ම සූදානම් වීමෙන් අපත් අන් අයත් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
8 මෙම රැස්වීම්වලට කලින්ම සූදානම් වීමෙන් රැස්වීම් අතරතුරේදී ඉදිරිපත් කරන මූලික කරුණු හොඳින් තේරුම්ගැනීමට හැකි වෙයි. එකිනෙකාව දිරිගන්වමින් අදහස් දැක්වීමටද එමගින් අප සියලුදෙනාට අවස්ථාව උදා වෙයි. (රෝම 1:11, 12; හෙබ්‍රෙ. 10:24) අප සියලුදෙනාගේම ඉලක්කය විය යුත්තේ ‘සත්‍යයේ වචනය හරියාකාරව හැසිරවීම’ මගින් ‘[අපේ] දියුණුව සියල්ලන්ට පෙනෙන්න’ සැලැස්වීමයි.—1 තිමෝ. 4:15; 2 තිමෝ. 2:15.
9. අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද? ඒ ඇයි?
9 සභා රැස්වීම් සඳහා නව සැලැස්ම ගැන අප බොහෝ සතුටු වෙනවා. මේ කාලයේදී “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන මඟ පෙන්වීම්වලින් අපි ප්‍රයෝජන ගනිමු. ආසන්නයටම පැමිණ තිබෙන ‘මහත් පීඩාවට’ උතුම් එඬේරා අපව සූදානම් කරන විට අපි ඔහුට වඩා ළංව සිටිමු.—මතෙ. 24:21, 45; හෙබ්‍රෙ. 13:20, 21; එළි. 7:14.