ඔබ පොදු කලාපයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද?
1 “මේ සඟරාව ක්ෂේත්‍ර සේවයේදී බෙදා දෙන තෙක් මට ඉස්පාසුවක් නැහැ.” එක් සහෝදරියක් එසේ පැවසුවේ 2008 ජනවාරි 1 මුරටැඹ කියවීමෙන් පසුවයි. පොදු කලාපයේ විවිධ කොටස් යටතේ පළවන ලිපි ඔබ හොඳින් කියවා තිබෙනවාද? ඒවා ක්ෂේත්‍ර සේවයේදී හොඳින් බෙදා හැරිය හැකි ආකාර ඔබ අත්හදා බලා තිබෙනවාද?
2 “යේසුස්ගෙන් ඉගෙනගනිමු.” මේ කොටස යටතේ පළ වන ලිපි බයිබල් පාඩම් පටන්ගැනීමට යොදාගන්න පුළුවන්. ඔබ දැනටමත් එසේ කර නැත්නම් එම කොටස යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. ඔබට පුළුවන් මේ කොටසේ මාතෘකාව පෙන්වන්න. ඉන්පසු එහි මුල් ඡේදයේ සඳහන් ආකාරයට යේසුස් ඉගැන්වූ කාරණයට ගෙවැසියාගේ අවධානය යොමු කරන්න. උනන්දුවක් දක්වයි නම් උපමාතෘකා යොදාගෙන සාකච්ඡාව දිගටම කරගෙන යෑමට වෑයම් කරන්න. පිළිතුරු දැනගැනීමට ආශාවක් ඇති කරන අයුරින් එම උපමාතෘකා සකස් කර තිබෙනවා. එහි සඳහන් ප්‍රශ්නවලට උත්තර දීමට ගෙවැසියාට ආරාධනා කරන්න. ඡේදයට අදාළ පින්තූර කෙටියෙන් පැහැදිලි කරන්න. ඉන්පසු ඊළඟ ඡේදය සාකච්ඡා කරන්න. මුල් හමුවීමේදී ලිපියෙන් භාගයක් පමණ සාකච්ඡා කළ හැකියි. ඉතිරි භාගය සාකච්ඡා කිරීමට නැවත යන්න. ඔබ එලෙස පටන්ගත් පාඩම බයිබලයේ ඉගැන්වීම් පොතෙන් දිගටම කරගෙන යෑමට සූදානම් වී යන්න.
3 “පවුලේ සමඟියට අත්වැලක්.” මේ කොටස යටතේ ලිපි පළ වන්නේ මාස තුනකට වතාවක්. මෙම ලිපිවල අරමුණ වන්නේ පවුලේ සමඟියට බාධාවක් වන ගැටලුවලට මුහුණ දෙන විට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැකි ආකාරය ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට හා දෙමාපියන්ට පෙන්වා දීමයි. බයිබලයේ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් සඳහන් වන බව තේරුම්ගැනීම සඳහා සාක්ෂිකරුවන් නොවන අයට උපකාර කිරීමටද මේ ලිපි යොදාගත හැකියි.—2 තිමෝ. 3:16, 17.
4 දරුවන්ටත් යමක්. “යොවුන් ඔබට” නමැති කොටස යටතේ පළ වන ලිපි මගින් බයිබලයේ යම් සිද්ධියක් හොඳින් අධ්‍යයනය කිරීම සඳහා ප්‍රස්තාවක් ලබා දෙනවා. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන පෙන්වා දීමට මේ ලිපි සේවයේදී හමු වන දරුවන්ට හඳුන්වා දෙන්න පුළුවන්. (ගීතා. 119:9, 105) දෙමාපියෙකුව හමුවන විට “ඔබේ දරුවන්ට උගන්වන්න” නමැති කොටස යටතේ මාස දෙකට වතාවක් පළවන ලිපිය හඳුන්වා දෙන්න. කුඩා දරුවන්ට බයිබල් චරිතවලින් වටිනා පාඩම් ඉගෙනගැනීමට උපකාර කිරීම සඳහා මේ ලිපි යොදාගන්න පුළුවන්. ඔබත් ඔබේ දරුවන් සමඟ මේ ලිපි නොවරදවාම කියවනවාද?
5 වෙනත් අංග: සාක්ෂිකරුවන් නොවන අය විසින් බොහෝදුරට ඇසීමට ඉඩ තිබෙන ප්‍රශ්නයක් “පාඨකයන් අසයි” නමැති කොටසේ සෑම මාසයකම පළ වෙනවා. ගෙයින් ගෙට සේවයේදී සඟරා ඉදිරිපත් කරන විට එම ලිපිය හඳුන්වා දෙන්න ඔබට හැකියි. “. . . ලිපියක්” නමැති කොටස යටතේ පළ වන්නේ මිෂනාරිවරුන් හා වෙනත් අය සේවය කරන විට මුහුණ දුන් අභියෝග ගැන ඔවුන් විසින්ම පවසන වාර්තා ගැනයි. ශුභාරංචිය ලොව පුරාම දේශනා කරනු ලබන බවත් එය යේසුස්ගේ පැමිණ සිටින කාලයේ එක් ලක්ෂණයක් බව තේරුම්ගැනීමටත් මේ ලිපි උනන්දුව දක්වන අයට උපකාරවත් වෙයි.—මතෙ. 24:3, 14.
6 මාසිකව පළ වන “දෙවිට ළං වෙන්න” නමැති කොටසේ ලිපි සකස් කර තිබෙන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ බයිබල් කියවීමට අයත් තොරතුරු පදනම් කරගෙනයි. මේ ලිපි යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට ආශාවක් ඇති කළ හැකියි. “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු” නමැති කොටස අවුරුද්දකට හතරවතාවක් පළ වෙනවා. මේ යටතේ ලිපි සකස් කරනු ලබන්නේ බයිබල් වාර්තා සිතින් මවාගෙන කියවීමටයි. ඒවායේ සඳහන් අයගේ ඇදහිල්ල, ඔවුන් මුහුණ දුන් අභියෝග, ඔවුන් ගත් තීරණ වැනි දේ ගැන හොඳින් සලකා බැලීමට උනන්දු කිරීම එම ලිපිවල අරමුණයි.
7 මහජනයාට බෙදාහැරීම සඳහා මුද්‍රණය කරනු ලබන මුරටැඹ කලාපයේ සියලුම ලිපි අත්නෑර කියවීමට ඔබ මහත් ආශාවක් දක්වනවා ඇති. අපි මෙම කලාපයේ ලිපි ගැන හොඳින් දැනුවත් වී ඒවා සාර්ථකව ජනයාට හඳුන්වා දෙමු.