දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2008 අගෝස්තු 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2008 ජූලි 7 සිට අගෝස්තු 25 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. අප අන් අය සමඟ බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන කතා කරන විට සාධාරණකම පෙන්විය හැක්කේ කෙසේද? (ෆිලි. 4:5) [be 251 පි. 3 ඡේ.]
2. බයිබලය පිළිනොගන්නා අයට අප සාක්ෂි දරන අවස්ථාවලදී පාවුල් ඇරියොපගසයේ සිටි ග්‍රීක ජාතිකයන්ට සාක්ෂි දැරූ ආකාරය සිතා බැලීම උපකාරවත් වන්නේ කෙසේද? (ක්‍රියා 17:22, 23) [be 252 පි. 1-2 ඡේ.]
3. අප සමඟ කතා කරන තැනැත්තා වැරදි බව අපට පෙනී ගියත් ඔහු සමඟ සාධාරණව කටයුතු කිරීමට අපට හැක්කේ කෙසේද? [be 253 පි. 1-2 ඡේ.]
4. සත්‍යය ඒත්තුගන්වන ආකාරයෙන් කතා කිරීමට අප වෑයම් කරද්දී මතක තබාගත යුත්තේ කුමක්ද? [be 255 පි. 3 ඡේ. සහ කොටුව]
5. සවන්දෙන්නන්ගේ හදවතට කතා කිරීමේදී විචාර බුද්ධිය භාවිත කළ හැක්කේ කෙසේද? (හිතෝ. 20:5) [be 258 පි. 1 ඡේ.–259 පි. 1 ඡේ.]
පැවරුම් අංක 1
6. පසුබිමකට අනුව කතාවක් සකස් කරගන්නා විට සහෝදරියන් සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද? [be 44 පි. 5-6 ඡේ.]
7. බයිබල් කියවීමේ විශේෂාංග සලකා බැලිය යුත්තේ කෙසේද? (නෙහෙ. 8:8) [be 47 පි. 2-3 ඡේ.]
8. සේවා රැස්වීමේදී නිරූපණයක හෝ සම්මුඛ සාකච්ඡාවක තිබෙන කොටසක් මෙහෙයවන සහෝදරයෙක් සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද? [be 49 පි. 5 ඡේ.]
9. අප සාක්ෂි දැරීමේ කාර්යයේ හවුල් වීම ගැන ක්‍රියා පොතේ අවධාරණය කර තිබෙන්නේ කෙසේද? (ක්‍රියා 20:20, 21; 28:23) [bsi08-1SN 16 පි. 35 ඡේ.]
10. ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කරන සහෝදරයන් තම කතාව බයිබලය මත පදනම් කරගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? (ක්‍රියා 17:2, 3) [be 52 පි. 6 ඡේ.-53 පි. 2 ඡේ.]
සතියේ බයිබල් කියවීම
11. ෆිලිප්පියේ සිරගෙයි භාරකරු “සියදිවි නසාගන්න හැදුවේ” ඇයි? (ක්‍රියා 16:25-27) [wE90 5/15 25 පිටුවේ කොටුව; w02 4/15 25 පි. 6 ඡේ.]
12. අරිස්තාකස් සහ ගායස් පීඩාවලට මුහුණ දුන්නේ කෙසේද? (ක්‍රියා 19:29; 20:4, 5) [w08 2/15 10 පි. 16-17 ඡේ.]
13. සාවුල් ‘කෙවිටවලට පයින් ගැසුවා’ කීමෙන් අදහස් කළේ කුමක්ද? (ක්‍රියා 26:14) [w03 10/1 32 පි.]
14. ‘ආඥාව තුළින් පාපයට පෙලඹවීමක්’ ලැබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි? (රෝම 7:8, 11) [w08 6/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—රෝම පොතෙන් විශේෂාංග”]
15. අපේ සතුරන්ගේ හිස මත “ගිනි අඟුරු ගොඩගසනවා” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (රෝම 12:20) [w08 6/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—රෝම පොතෙන් විශේෂාංග”]