බයිබල් පාඩම් පටන්ගැනීමට අලුත් ලිපි පෙළක්
1. මුරටැඹ පොදු කලාපයේ පළ වන අලුත් ලිපි පෙළ කුමක්ද? එය සකස් කර තිබෙන්නේ කුමක් සඳහාද?
1 බයිබල් පාඩම් පටන්ගැනීමට අපට උපකාර කිරීම සඳහා 2011 ජනවාරි මාසයේ සිට මාස්පතා මුරටැඹ පොදු කලාපයේ අලුත් ලිපි පෙළක් පළ වෙනවා. එය පළ වන්නේ “බයිබලයෙන් පිළිතුරු සොයමු” යන තේමාව යටතේයි. එම ලිපි කියවීමෙන් ජනයා සතුටක් ලබන බවට කිසිම සැකයක් නැහැ. නමුත් එය සකස් කර තිබෙන්නේ ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහායි.
2. මෙම ලිපි පෙළට ඇතුළත් සමහර දේවල් මොනවාද?
2 ඇතුළත් දේ: එහි මාතෘකා සහ උප මාතෘකා සඳහන් කර තිබෙන්නේ සාකච්ඡාව තුළදී ජනයාගෙන් ඇසිය හැකි ප්‍රශ්න ආකාරයටයි. එහි ප්‍රධාන බයිබල් පද සඳහන් කර තිබෙනවා. ඒවා උපුටා දක්වා නැත්තේ ප්‍රශ්නයට පිළිතුර බයිබලයෙන්ම දැනගැනීමට නිවැසියාට අවස්ථාවක් දීම සඳහායි. එහි ඡේද ඉතාම කෙටි නිසා දොරකඩ සිටම වැඩි වේලාවක් නොගෙන එය සාකච්ඡා කළ හැකියි. සෑම ලිපියක්ම බයිබල් ඉගැන්වීම් පොතට යොමු දක්වා තිබෙන නිසා ඔබ කැමති ඕනෑම අවස්ථාවක එය බයිබල් පාඩමක් බවට පත් කරගන්න පුළුවන්.
3. සේවයේයෙදෙන විට දොරකඩදීම පාඩමක් පටන්ගැනීමට එම ලිපි පෙළ යොදාගන්න පුළුවන් කොහොමද?
3 එය යොදාගත හැකි ආකාරය: ඔබ සඟරා ඉදිරිපත් කරද්දී ලිපියේ මාතෘකාවට යොමු දක්වන්න ඔබට හැකියි. උදාහරණයකට ජනවාරි 1 කලාපයේ සලකා බලන්නේ බයිබලයේ ඇති ප්‍රයෝජන ගැනයි. ඔබට මෙසේ ඇසිය හැකියි. “ඔබ හිතන විදිහට බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්ද එහෙමත් නැත්නම් හොඳ උපදෙස් තියෙන පොතක් විතරක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන වටිනා තොරතුරු තියෙන ලිපියක් මේකෙ තියෙනවා.” ඊළඟට ලිපියේ පළමු ප්රශ්නය කියවා මුල් ඡේදය කියවන්න. ඊට අදාළ ප්‍රධාන බයිබල් පදයද කියවන්න. ඉන්පසු නැවතත් මුලින් ඇසූ ප්රශ්නය අසා ඒ ගැන නිවැසියාගේ අදහස් දැනගන්න. කාලය තිබෙන පරිදි අංක කර තිබෙන ප්‍රශ්න හැකි තරම් ප්‍රමාණයක් නිවැසියා සමඟ සාකච්ඡා කරන්න. නිවසෙන් පිට වීමට පෙර ඉතුරු ප්‍රශ්න සලකා බැලීමට වෙනත් වේලාවක් නියම කරගන්න. මීළඟ කලාපය පැමිණෙන තෙක් ඉතුරු ප්‍රශ්න සලකා බැලීම සඳහා සතිපතා යෑමට සැලසුම් කරන්න. කළ හැකි තවත් දෙයක් නම් එම ලිපියම යොදාගෙන කෙලින්ම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමයි.
4. නැවත බැලීම් සඳහා මෙම ලිපි පෙළ යොදාගන්න පුළුවන් කොහොමද?
4 එම අලුත් ලිපි පෙළ ඔබේ සඟරා මාර්ග සහ නැවත බැලීම් සඳහාද බලපෑමෙන් යුතුව යොදාගත හැකියි. ඔබට අසන්න තිබෙන්නේ මෙපමණයි. “මුරටැඹ සඟරාවේ අලුත් ලිපි පෙළක් පළ වෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා මම ඔබට පෙන්නන්නම්.” “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම” සඳහා බොහෝදෙනෙකුට උපකාර කිරීමට මේ අලුත් ලිපි පෙළ ප්‍රයෝජනවත් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.—1 තිමෝ. 2:4.