ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/08 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 8/08 3 පි.

නිවේදන

◼ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත මුල් හමුවීමේදීම ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් එයින් පාඩමක් පටන්ගැනීමෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට බයිබල් පාඩම් පටන්ගැනීමේ අරමුණින් බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාවේ පිටපතක් ලබා දී එය සාකච්ඡා කරන්න. නොවැම්බර්: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවන් සිටින බව ගේ හිමියා පැවසුවොත් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කරන්න.

◼ ඉඳ හිට සේවයේ යන බලප්‍රදේශ ආවරණය කරන සභාවල සහෝදරයන් සමඟ සේවයේ හවුල් වීමට ඔක්තෝබර් මාසයේදී බොහෝදෙනෙකුට අවස්ථාව තිබෙනවා. වැඩිමහල්ලන්ට ඒ සම්බන්ධව ශාඛා කාර්යාලයෙන් නැවත වතාවක් මඟ පෙන්වීම් ලැබෙන අතර ඔබ එම වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට කැමති නම් කල්තියාම සූදානම් වෙන්න කියා ඉල්ලා සිටිනවා.

◼ සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හෝ සභා සාමාජිකත්වයෙන් ඉවත් වූ අය යළි සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් පෙන්වයි නම් ගත යුතු ක්‍රියාමාර්ගය සඳහා 1991 ජූලි 1 මුරටැඹ සඟරාවේ 21-23 දක්වා පිටුවල උපදෙස් සලකා බලන ලෙස වැඩිමහල්ලන්ට සිහිගන්වන්න කැමතියි.

◼ බ්‍රේල් අකුරුවලින් ලිවීම සඳහා යොදාගන්නා පරිගණක හෝ තිර කථන පරිගණක වැඩසටහන් භාවිත කරන අන්ධ හෝ තරමක් දෘශ්‍යාබාධිත ප්‍රචාරකයන් හා උනන්දුව දක්වන අයට පෞද්ගලික අධ්‍යයනය සඳහා වොච්ටවර් සඟරාවේ බ්‍රේල් අකුරුවලට පරිවර්තනය කළ විද්‍යුත් ලිපි ලබාගත හැකියි. වොච්ටවර් සඟරාවේ පොදු හා පාඩම් යන කලාප දෙකම කෙටි කළ (2වන පෙළ) ඉංග්‍රීසි බ්‍රේල් අකුරුවලින් ලබාගත හැකියි. එමෙන්ම කෙටි නොකළ (1වන පෙළ) ප්‍රංශ හා ස්පාඤ්ඤ බ්‍රේල් අකුරුවලින් පාඩම් කලාපය ලබාගත හැකියි. එම ලිපි ඉල්ලුම් කරන අයට විද්‍යුත් තැපෑලෙන් ඒවා එවනු ලබනවා. එම ලිපි ලබාගැනීමට කැමති අය සභාවේ ලේකම් මගින් 711, දුම්රියපොළ පාර, වත්තල නමැති සමිතියේ ලිපිනයට ඒ බව ලියා දැන්විය හැකියි. එම ලිපියේ එම තැනැත්තාගේ නම, නිවසේ ලිපිනය, භාවිත කරන විද්‍යුත් උපකරණයේ නම හෝ වර්ගය, විද්‍යුත් තැපැල් ලිපිනය හා ලිපි අවශ්‍ය කරන්නේ ඉහත සඳහන් කුමන භාෂාවේ අකුරුවලින්ද කියා සඳහන් කළ යුතුයි. එම තැනැත්තාට විද්‍යුත් තැපැල් ලිපිනයක් නැත්නම් එම ලිපි ඔහුට ලබා දීමට සැලැස්විය හැකි වෙනත් කෙනෙකුගේ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දිය යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න