සේවා රැස්වීම් වැඩසටහන
ජූනි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 121
විනා. 10: සභා නිවේදන.
විනා. 20: බයිබල් පාඩමකට සූදානම් වන ආකාරය. වර්ෂ 2004 අගෝස්තු අපගේ රාජ්‍ය සේවාවේ 1වන පිටුව මත පදනම් කතාවක්. මේ සාකච්ඡාව අවසානයේදී ප්‍රචාරකයෙක් බයිබල් පාඩමකට යන්න කලින් එම පාඩම පැවැත්වීමට කඩි මුඩියේ සූදානම් වන ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු තවත් ප්‍රචාරකයෙක් එම රාජ්‍ය සේවාවේ දී තිබෙන යෝජනා සමහරක් අදාළ කරගත හැකි ආකාරය සලකා බලමින් බයිබල් පාඩමකට සූදානම් වන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: “අත් නෑර දේශනා කරමු.”a කාලය තිබේ නම් සඳහන් කර තිබෙන බයිබල් පද යොදාගනිමින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 201
ජූනි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 90
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හතරවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන ජූනි 1 මුරටැඹ හා ජූනි පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: ශුභාරංචියේ ඇති ප්‍රායෝගික වටිනාකම අවධාරණය කරන්න. සේවා පාසැල් පොතේ 159වන පිටුවේ සඳහන් කරුණු පදනම් කරගනිමින් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. තම ප්‍රදේශයේ සිටින ජනයා මේ දවස්වල වැඩියෙන් කතා බහ කරන කාරණා ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. අපි ඔවුන්ට සාක්ෂි දරන විට එම කාරණා සම්බන්ධ කරගත හැකි ආකාරය ගැන යෝජනා සබයෙන් අසන්න.
විනා. 20: “ඔබ පවුලක් හැටියට ගැලවීම සඳහා පියවර ගන්නවාද?”b කාලය තිබේ නම් සඳහන් කර තිබෙන බයිබල් පද යොදාගනිමින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 54
ජූනි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 140
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් කිරීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. ජූලි මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන සඳහන් කර එය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: ස්ථාවර පුරෝගාමී සේවය තෘප්තිමත් ජීවිතයකට මඟ සලසයි. වර්ෂ 2008 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ 17-19 දක්වා පිටුවල කරුණු පදනම් කරගත් කතාවක්. හැකි නම් මෑතක සිට හා බොහෝ කාලයක සිට ස්ථාවර පුරෝගාමී සේවය කරන දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මෙම සේවය උපකාරවත් වී තිබෙන ආකාරය ගැන පැවසීමට ඔවුන්ට ආරාධනා කරන්න.
ගීතිකා අංක 82
ජූනි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97
විනා. 10: සභා නිවේදන. ජූනි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ඊළඟ සතියේ පැමිණෙන විට ජූලි 1 මුරටැඹ හා ජූලි පිබිදෙව්! සඟරා ගෙන ඒමටත් ප්‍රදේශයේ ජනයාට ගැළපෙන ආකාරයට එම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන කරන සාකච්ඡාවේදී අදහස් දැක්වීමටත් සූදානම් වී පැමිණෙන්න කියා මතක් කරන්න.
විනා. 20: සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු. සේවා පාසැල් පොතේ 62වන පිටුවේ 4වන ඡේදයේ සිට 64 පිටුවේ අවසානය දක්වා තිබෙන තොරතුරු පදනම් කරගෙන කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ප්‍රදේශයේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස මේ තොරතුරු අදාළ කරන්න. ගෙයින් ගෙට සේවයේදී හෝ අවිධිමත් ලෙස සාක්ෂි දැරීමේදී ජනයාව සංවාදයක් සඳහා යොමු කරගැනීමේ හැකියාව තිබෙන බව සභාවේ කවුරුත් දන්නා ප්‍රචාරකයෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
විනා. 15: ඔබට මතකද? වර්ෂ 2008 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ 29වන පිටුවේ තොරතුරු පදනම් කරගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්.
ගීතිකා අංක 179
ජූලි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 125
විනා. 10: සභා නිවේදන.
විනා. 15: අලුත් සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. සබය සමඟ සාකච්ඡාවක්. ජූලි 1 මුරටැඹ සහ ජූලි පිබිදෙව්! සඟරාවල ලිපි ගැන සමස්ත අදහස කෙටියෙන් ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නා ලිපි මොනවාද කියාත් එසේ පැවසීමට හේතු ගැනත් සබයෙන් අසන්න. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලිපිවල විශේෂ කරුණු ගැන සඳහන් කිරීමට සබයට ආරාධනා කරන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයක්ද? ඉන්පසු කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද? අපගේ රාජ්‍යය සේවාවේ සඳහන් යෝජනාවක් හෝ සබයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් යොදාගනිමින් ජූලි 1 මුරටැඹ සහ ජූලි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: “වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් හමු වූ විට.”c මේ කොටස හැසිර විය යුත්තේ සේවා අවේක්ෂක විසිනුයි. වෙනත් භාෂාවකින් රැස්වීම් පත්වන කණ්ඩායම් හෝ සභාවන් තම බලප්‍රදේශයේ තිබෙනවා නම් දෙවන ඡේදය සාකච්ඡා කරන විට ඒ ගැන සඳහන් කරන්න. මේ කණ්ඩායම් හෝ සභා සමඟ එක්ව තම ප්‍රදේශය තුළ දේශනා සේවය සහයෝගයෙන් කරගෙන යෑමට යොදා තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න.
ගීතිකා අංක 188
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.