ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/08 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • මැයි 12න් පටන්ගන්නා සතිය
  • මැයි 19න් පටන්ගන්නා සතිය
  • මැයි 26න් පටන්ගන්නා සතිය
  • ජූනි 2න් පටන්ගන්නා සතිය
2008 අපගේ රාජ්‍ය සේවාව
km 5/08 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

මැයි 12න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 134

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හතරවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන මැයි 1 මුරටැඹ හා මැයි පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට අපට හැකියි! වර්ෂ 2005 ජූනි 15 මුරටැඹ සඟරාවේ 30-31 පිටු මත පදනම් කතාවක්. යම් පරීක්ෂාවකට සාර්ථකව මුහුණ දීමට දෙවි තමන්ට උපකාර කර තිබෙන ආකාරය ගැන අදහස් දැක්වීමට ප්‍රචාරකයන් කිහිපදෙනෙකුට ආරාධනා කරන්න.

විනා. 20: ජූනි, ජූලි හා අගෝස්තු මාසවලදී උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔබට පුළුවන්ද? සබය සමඟ සාකච්ඡාවක්. වසර 2007 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ (අතිරේකයේ) පළ වූ, “උපකාරික, ස්ථාවර හා විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කිරීම” නමැති උපමාතෘකාවේ කරුණු සලකා බලමින් උපකාරික පුරෝගාමි සේවය කිරීමට තිබිය යුතු සුදුසුකම් පෙන්වා දෙන්න. රැකියාවෙන් නිවාඩු ගෙන උපකාරික පුරෝගාමි සේවය කර තිබෙන අය ලැබූ ආශීර්වාද ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. උපකාරික පුරෝගාමි සේවය කිරීමට අන් අයගෙන් ලැබුණු දිරිගැන්වීම් හා උපකාර ගැන පැවසීමට පාසැල් නිවාඩු කාලයේදී උපකාරික පුරෝගාමි සේවය කළ අයට ආරාධනා කරන්න. දෙවිට තවත් ළං වීමට උපකාරික පුරෝගාමි සේවය කිරීම තමන්ට උපකාරවත් වූයේ කෙසේද? ඔවුන් ලැබූ ප්‍රීතිය ගැන පැවසිය හැක්කේ කුමක්ද? ජූනි, ජූලි හා අගෝස්තු මාසවලදී උපකාරික පුරෝගාමි සේවය කළ හැකි සියලුදෙනාටම ඒ ගැන සිතා බැලීමට දිරිගන්වන්න.

ගීතිකා අංක 187

මැයි 19න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 47

විනා. 10: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය සලකා බලන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: දෙවි ඉදිරියේ පොහොසත් වෙන්න ඔබ කැමතිද?aස්ථාවර පුරෝගාමීන්ට තිබිය යුතු සුදුසුකම් ගැන 2007 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ (අතිරේකයේ) සඳහන් වෙනවා. ඒ ගැන අදහස් දක්වන්න. සැප්තැම්බර් 1වනදා සිට පුරෝගාමි සේවය කිරීමට ආශාවෙන් සිටින අයට හැකි විගස තම අයදුම්පත් භාර දිය හැකියි.

ගීතිකා අංක 206

මැයි 26න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 103

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් දැමීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. මැයි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. හතරවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන ජූනි 1 මුරටැඹ හා ජූනි පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: ‘මාගේ වියගහ ඔබ පිටට ගන්න’b කාලය තිබේ නම් සඳහන් කර තිබෙන බයිබල් පද යොදාගනිමින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 20: ජූනි මාසයේදී බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. කතාවක් සහ නිරූපණ. වර්ෂ 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ ඉදිරිපත් කිරීම් සමහරක් සලකා බලන්න. කොටස් දෙකකින් යුත් නිරූපණයක් ඉදිරිපත් කරන්න. මුල් කොටසේ බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන ආකාරයද දෙවන කොටසේදී බයිබල් පාඩමක් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව නැවත බැලීමක් කරන ආකාරයද නිරූපණය කරන්න.

ගීතිකා අංක 169

ජූනි 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 221

විනා. 10: සභා නිවේදන.

විනා. 20: විශ්වාසවන්තව ක්‍රියා කරන්නෝ බොහෝ ආශීර්වාද ලබයි. (හිතෝ. 28:20) ලේකම් විසින් ඉදිරිපත් කරන කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවලදී සේවය වැඩි කිරීම සඳහා සභාව දැරූ වෑයම්වලට යෙහෝවා දෙවි ආශීර්වාද කර තිබෙන ආකාරය ගැන කෙටියෙන් පවසා ඒ ගැන සබයට ප්‍රශංසා කරන්න. උපකාරික පුරෝගාමි සේවය කළ අයගේ ගණන සඳහන් කරන්න. අලුතින් පටන්ගත් බයිබල් පාඩම් ගණන ගැනත් සේවයේ ලැබූ තවත් හොඳ ප්‍රතිඵල ගැනත් සඳහන් කරන්න. සිහි කිරීම ගැනත් සිහි කිරීමේ ආරාධනාපත් බෙදාහැරීම ගැනත් ලැබූ අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. ක්ෂේත්‍ර සේවයේ ලැබූ විශේෂ අද්දැකීම් රඟ දැක්විය හැකියි. උපකාරික පුරෝගාමි සේවය කිරීමෙන් ලැබූ ආශීර්වාද ගැන පැවසීමට දෙදෙනෙකුව හෝ තුන්දෙනෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

විනා. 15: “සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්න”c ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වන ආකාරයත් සූදානම් වන වේලාව ගැනත් පැවසීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 44

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න