“සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්න”
1 යේසුස් දේශනා කිරීමේ වැඩපිළිවෙළ මුලින්ම දියත් කළ විට ඒ සඳහා ගෝලයන්ව සූදානම් කිරීමට කාලය ගත්තා. (මතෙ. 10:5-14) අප සෑම කෙනෙක්ම කාර්යබහුල බව ඇත්තයි. ඒත් සේවයේ යන්න කලින් සූදානම් වීමට මිනිත්තු කිහිපයක් වැය කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.—2 කොරි. 9:6.
2 සූදානම් විය හැකි අයුරු: මුලින්ම කළ යුත්තේ පොත් පත් සඟරා ඉදිරිපත් කිරීමට පෙර අප කියවීමයි. මිනිසුන් ගැනද අප සිතිය යුතුයි. ඔවුන් මුහුණ දෙන ගැටලු මොනවාද? ඔවුන්ගේ ආගමික විශ්වාසයන් මොනවාද? අපගේ රාජ්‍ය සේවාවේ යෝජනා හා රීසනිං පොතේ අදහස්ද බලන්න පුළුවන්.
3 සේවා රැස්වීමේ නිරූපණවලට හොඳ අවධානයක් දෙන්න. අප සේවයේ අද්දැකීම් ලබන විට සූදානම් වීම සඳහා කලින් තරම් කාලයක් යොදවන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. කෙසේවෙතත් අප සේවයේ හවුල් වන සෑම දවසකම සේවයේ යන්න කලින් අප සාක්ෂි දරන්න යන ආකාරය ගැන සිතා බලා එය තවත් දියුණු කරගන්නවා නම් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අවශ්‍ය කරන පොත් පත් සඟරා බෑගයේ තිබෙනවාද කියාත් සොයා බැලිය යුතුයි.
4 අප ගෙවැසියාට පවසන දෙය මතක තබාගත හැක්කේ කෙසේද? එක් ක්‍රමයක් නම් හඬ නඟා පෙරහුරු කිරීමයි. සමහර අය පවුලේ පාඩමේදී පෙරහුරු කිරීම් කරනවා. තවත් අය ගෙවැසියාට පවසන්න යන දෙය කුඩා කොළයක ලියා ගෙන, නිවසට ඇතුල් වෙන්න කලින් එය ඉක්මනින් බලාගන්නවා.
5 ප්‍රයෝජනවත් වීමට හේතු: හොඳින් සූදානම් වීමෙන් දේවසේවයෙන් හොඳ ප්‍රතිඵල මෙන්ම වැඩි ප්‍රීතියක්ද ලැබෙයි. ඒ වගේම සන්සුන්ව ගෙවැසියෙකුට සාක්ෂි දැරීමටද හැකියි. අප මොනවාද කතා කරන්නේ කියා වැඩියෙන් සිතනවා වෙනුවට ගෙවැසියා ගැන සිතා සාක්ෂි දැරීමටත් හැකි වෙයි. තවද අප ඉදිරිපත් කරන ප්රකාශනවල සඳහන් කරුණු ගැන හොඳින් දන්නවා නම් උනන්දුවකින් ඒවා ඉදිරිපත් කිරීමටත් හැකි වෙනවා.
6 “සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්න” කියා බයිබලය අපව දිරිගන්වනවා. (තීත. 3:1) ශුභාරංචිය ගැන ජනයාට පැවසීමට වඩා තවත් උතුම් කාර්යයක් නැහැ. සේවයේ යන්න කලින් හොඳින් සූදානම් වීමෙන් අප පෙන්වන්නේ සවන් දීමට කැමති ගෙවැසියන් කෙරෙහිත් අප නියෝජනය කරන යෙහෝවා දෙවි කෙරෙහිත් අපට ගෞරවනීය හැඟීමක් තිබෙන බවයි.—යෙසා. 43:10.