ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/08 3-4 පි.
  • පාලක මණ්ඩලයෙන් ලිපියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලිපියක්
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ප්‍රිය සහෝදර සහෝදරියනි,
2008 අපගේ රාජ්‍ය සේවාව
km 4/08 3-4 පි.

පාලක මණ්ඩලයෙන් ලිපියක්

ප්‍රිය සහෝදර සහෝදරියනි,

පාවුල් තමන්ට ලැබුණු සෑම අවස්ථාවකදීම තම සහෝදරයන් කළ සේවය අගය කළා. ඒ වගේම ඔවුන් කෙරෙහි තමන්ට ඇල්මක් ඇති බව දන්වා සිටියා. රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ඔහු ලියුවේ, “ඔබේ ඇදහිල්ල ගැන ලොව පුරාම කතා කෙරෙන හෙයින්, පළමුකොට යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාගේ දෙවිට මම ඔබ සියල්ලන් ගැන ස්තුති කරමි” කියායි. (රෝම 1:8) රෝම අධිරාජ්‍යය පුරාම සිටි පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් තම ශක්තිමත් ඇදහිල්ල සහ දේවසේවය තුළ දැක්වූ උනන්දුව නිසා ප්‍රසිද්ධ වුණා. (1 තෙස. 1:8) තම සහෝදරයන් ගැන පාවුල්ට කොතරම් ප්‍රේමයක් තිබුණද කියා එයින් අපට සිතාගත හැකියි!

පාවුල් මෙන් අපත් ඔබට ප්‍රේම කරන නිසා, ඔබ ගැන සිතන හැමවිටම අප යෙහෝවාට දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවිත් ඔබට පෞද්ගලිකවම ප්‍රේම කරන බවට ඔබට නිසැක වෙන්න පුළුවන්. ඔබෙන් සමහරදෙනෙක් සේවයේදී දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත් ඔබ දිගටම දේවසේවයේ නියැළෙන බවට අපට ස්ථිරයි. ඔබේ ඒ නිර්භීතකම නිසා යෙහෝවා දෙවිගේ හදවත සතුටු කිරීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.—හිතෝ. 27:11.

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වර්තමාන ක්‍රියාකාරකම්” ගැන කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන විට අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. ඊට හේතුව යේසුස් ක්‍රිස්තුස් “ජය ගනිමින් ගොස් සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබන බවත් යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව සාදන කිසිම අවියක් සාර්ථක නොවන බවත් අප තේරුම්ගන්නා නිසයි.—එළි. 6:2; යෙසා. 54:17.

ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් ලියුවේ මෙසේයි: “මා දෙවිට ස්තුති කරන්නේ, . . . ඔබ ශුභාරංචිය වෙනුවෙන් කළ දේවල් නිසාය.” (ෆිලි. 1:3-5) පාලක මණ්ඩලයේ සාමාජිකයන් වන අපටත් ඔබ ගැන හැඟෙන්නේ එලෙසයි. පසුගිය 2007 සේවා වසර තුළදී ලොව පුරා රටවල් 236ක ප්‍රචාරකයන් 66,91,790ක් පැය 1,43,17,61,554ක් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන දේශනා කරමින් තම කාලය හා ශ්‍රමය වැය කළා. ශුභාරංචිය වෙනුවෙන් ඔබ දැක්වූ දායකත්වය මොන තරම්ද! ඔබ සියලුදෙනාගේ කැපවීම නිසා අවංක හදවත් ඇති දහස් ගණනකට සත්‍යය ගැන දැනගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ආකාරයෙන් ඔබ කර තිබෙන්නේ යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කිරීමයි.

තවත් අවස්ථාවක පාවුල් තෙසලෝනිකවරුන්ට ලියද්දී තම සහෝදරයන් ගැන තමාට විශේෂ සැලකිල්ලක් ඇති බව පෙන්වූවා. ඔහු ලියුවේ, “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇති ඔබේ බලාපොරොත්තුව නිසා ඔබ පෙන්වන විඳදරාගැනීමද අපි නොකඩවා මතක් කරන්නෙමු” කියායි.(1 තෙස. 1:2, 3) ඔව්, අපි කාටත් ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් වැදගත් වන්නේ ඒ දේවල් විඳදරාගැනීමයි. පෞද්ගලිකව ඔබ මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? දරුණු අසනීපයක් නිසා ඔබ යෙහෝවා දෙවිට කලින් කළ සේවය දැන් කරන්න බැරි නිසා දුක් වෙනවාද? ඔබගේ පවුලේ සාමාජිකයෙකුගේ මරණය නිසා තවමත් ඔබ සිටින්නේ දුකින්ද? (හිතෝ. 30:15, 16) ස්වාමීන් තුළ පමණක් විවාහ වීමට වූ උපදෙසට කීකරු වන ඔබ, යෙහෝවා දෙවිට මහත් ප්‍රේමයක් ඇති සහකරුවෙක් හෝ සහකාරියක් සොයමින් සිටිනවාද? ඔබේ සෙවීම තවමත් සාර්ථක වී නැද්ද? (1 කොරි. 7:39) ඔබ සිටින්නේ ආර්ථික අපහසුතා මැද ඔබේ දරුවන්ව ඇති දැඩි කරමින්ද? ඔබගේ තත්වය කුමක් වුවත් දෙවිට කරන සේවයට මුල් තැන දෙනවා නම් දෙවි “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක” නොකරන බවට ඔබට සහතික විය හැකියි. සහෝදර සහෝදරියනි, අපි “යහපත කිරීම අත් නොහරිමු.”—හෙබ්‍රෙ. 6:10; ගලා. 6:9.

ඔබට විඳදරාගැනීමට උපකාර කරන්නේ කුමක්ද? තෙසලෝනිකවරුන්ට උපකාරයක් වූ ලෙස “යේසුස් ක්‍රිස්තුස් තුළ වූ බලාපොරොත්තුව” ඔබටද උපකාරයක් වේවි. පාවුල්ට හොඳ හේතු තිබුණා “ගැලවීමේ බලාපොරොත්තුව” අපිව වැරදි සිතුවිලිවලින් සහ හිතට වද දෙන ප්‍රශ්නවලින් ආරක්ෂා කරයි කියලා කියන්න. ඒ නිසයි ඔහු ඒ බලාපොරොත්තුව හිස් වැස්මකට සමාන කළේ.—1 තෙස. 5:8.

ප්‍රීතියෙන් විඳදරාගැනීම මගින් ඔබට පුළුවන් දෙවි පාලනය කරන ආකාරයට විරුද්ධව සාතන් ගෙන ආ චෝදනාවට පිළිතුරක් සපයන්න. ඔහු චෝදනා කළේ, දෙවිගේ සේවකයන් දෙවිට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන බලාගෙන බව හා පීඩා ප්‍රශ්න වැඩි වෙද්දී සහ තමන් හිතනවාට වඩා අවසානය තව දුරයි කියා දැනෙද්දී ඔවුන් දෙවිට කරන නමස්කාරය ටිකෙන් ටික අඩු කරන බවයි. නමුත් සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමේ මහඟු වරප්‍රසාදය ඔබට ලැබී තිබෙනවා. ඒ වගේම ඔබේ බලාපොරොත්තුව ඉටු වෙන දවසට ඔබ තව තවත් ළං වන බවටද ඔබට නිසැක විය හැකියි.

පාවුල් තම සහෝදරයන්ගේ ශක්තිමත් ඇදහිල්ල ගැනත්, දේවසේවය සඳහා ඔවුන්ගේ නොමසුරු දායකත්වය ගැනත්, ඔවුන්ගේ විඳදරාගැනීම ගැනත්, ඔවුන්ට ප්‍රශංසා කළා. ඒ වගේම අපිත් ඔබව අගය කරන්නත් අපි ඔබට කොයි තරම් ප්‍රේම කරනවාද කියා මතක් කරන්න කැමතියි. ඔබේ යහපත් වැඩවල දිගටම යෙදී සිටින්න කියා දිරිගන්වන්නද කැමතියි.

ඉදිරියටත් දෙවිගේ ආශීර්වාදය අපි ඔබට පතමු. අපගේ සුබ පැතුම් මේ සමඟ එවන්නෙමු.

ඔබගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න