නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහරින්න. සිහි කිරීමට සහ විශේෂ කතාවට පැමිණි අයව නැවත හමු වන්න. එහි අරමුණ වන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට දැඩි වෑයමක් දරන්න. ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක් හා සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ අප්‍රියෙල් මාසයේ පටන් 2008 දිස්ත්‍රික් සමුළු බැජ් කාඩ්පත් සභාවට ලැබෙන පොත් පත් තොගය සමඟ එවනු ඇත. එනිසා මේවා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැත. සභාවට අමතර කාඩ්පත් අවශ්‍ය නම් පොත් පත් ඉල්ලුම් පෝරමයේ (S-14) සඳහන් කර එවන්න. සභාවේ කැමති අයට ප්ලාස්ටික් බැජ් කාඩ්පත් රඳවනයන්ද ඉල්ලුම් කළ හැකියි.
◼ සභා ලේකම් විසින් ස්ථාවර පුරෝගාමී සේවය සඳහා ඉල්ලුම් පත (S-205) සහ උපකාරික පුරෝගාමීන් සඳහා ඉල්ලුම් පත (S-205b) යන පෝරම ඇති තරම් ප්‍රමාණයක් නිතරම සභාවේ තබා ගත යුතුයි. මේවා පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) මඟින් ඉල්ලුම් කළ හැකියි. අඩුමතරමින් අවුරුද්දකටවත් ප්‍රමාණවත් පෝරම සභාවේ තබාගත යුතුයි. ස්ථාවර පුරෝගාමි අයදුම්පත් ශාඛා කාර්යාලයට එවීමට පෙර, ඒවා සම්පූර්ණයෙන්ම පුරවා ඇද්දැයි බලන්න.
◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ සහ ලේකම්වරුන්ගේ නම්, ලිපින සහ දුරකථන අංක ශාඛා කාර්යාලයේ තිබිය යුතුයි. එහි යම් වෙනසක් වේ නම් සේවා කමිටුව විසින් Presiding Overseer/Secretary Change of Address (S-29) පෝරමය පුරවා අත්සන් කර වහාම ශාඛා කාර්යාලයට එවිය යුතුයි. දුරකථන අංකයේ යම් වෙනසක් වුවත් ඒ බව සඳහන් කර අලුත් පෝරමයක් එවිය යුතුයි.
◼ ඔබ විදේශ සංචාරයක යෙදෙන ඕනෑම අවස්ථාවක එම රටේ සභා රැස්වීම්වලට, එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යෑමට අදහස් කරන්නේ නම් ඒවා පැවැත්වෙන දින, වේලාවන් හා ස්ථාන ගැන එම රටේ ශාඛා කාර්යාලයෙන් තොරතුරු විමසිය යුතුයි. ශාඛා කාර්යාවල ලිපින වත්මන් වාර්ෂික පොතේ අන්තිම පිටුවේ සඳහන් වෙයි.