දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය පහත සඳහන් ප්‍රශ්න 2008
අප්‍රියෙල් 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2008 මාර්තු 3 සිට අප්‍රියෙල් 28 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. අපි ඉදිරිපත් කරන කතා නියමිත මූලාශ්‍රය මත ගොඩනඟා ගැනීම වැදගත් වන්නේ ඇයි? මේ ආකාරයට කතාවක් ගොඩනඟා ගත හැක්කේ කෙසේද? [be 234 පි. 1 ඡේ.–235 පි. 1 ඡේ.]
2. අපි උගන්වන විට ප්‍රශ්න යොදාගැනීම වැදගත් වන්නේ ඇයි? [be 236 පි. 1-5 ඡේ.]
3. යම් විෂයක කරුණු තර්කානුකූලව ගොඩනඟා තිබෙන ආකාරය සබයට තේරුම්ගැනීම සඳහා ප්‍රශ්න ඇසීම උපකාරවත් වන්නේ කෙසේද? [be 237 පි. 3 ඡේ.–238 පි. 1 ඡේ.]
4. උගන්වන විට ඇතුළාන්ත හැඟීම් පිටතට ඇදගැනීම සඳහා දක්ෂ ලෙස ප්‍රශ්න ඇසිය යුත්තේ ඇයි ? (හිතෝ. 20:5; මතෙ. 16:13-16; යොහ. 11:26) [be 238 පි. 3-5 ඡේ.]
5. ඉගැන්වීමේදී උපමාලංකාර යොදාගැනීම ප්‍රයෝජනදායක වන්නේ ඇයි? (උත්. 22:17; යෙරෙ. 13:11) [be 240 පි. 1-3 ඡේ.]
පැවරුම් අංක 1
6. දේවරාජ්‍යය යටතේ ජීවනය ලැබීමට අපට මඟ පෙන්වන ප්‍රතිපත්ති මාක් පොතේ සඳහන් වෙනවා. ඒවායින් සමහරක් මොනවාද? [bsi08-1-SN 8 පි. 32 ඡේ.]
7. අද දින දෙවිගේ බලය ඔහුගේ සේවකයන්ට උපකාරකයෙකු ලෙස ක්‍රියා කරන්නේ කෙසේද? (යොහන් 14:25, 26) [be 19 පි. 2-3 ඡේ.]
8. කියවීමෙන් ලැබෙන වටිනාම ප්‍රයෝජනය කුමක්ද? [be 21 පි. 3 ඡේ.]
9. අධ්‍යයනය යනු කුමක්ද? [be 27 පි. 3 ඡේ.–28 පි. 1 ඡේ.]
10. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන බව සනාථ කිරීමට ලූක්ගේ වාර්තාව උපකාරවත් වන්නේ කෙසේද? [bsi08-1-SN 10 පි. 30-31 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. තමාට “යහපත් ගුරුතුමෙනි” කියා ඇමතූ මිනිසෙකුව යේසුස් නිවැරදි කළේ ඇයි? (මාක් 10:17, 18) [w08 2/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—මාක් පොතෙන් විශේෂාංග”]
12. යේසුස් අත්තික්කා ගසේ නිදර්ශනය යොදාගත්තේ ඊශ්‍රායෙල් ජාතියේ කුමන තත්වය හෙළි කිරීමටද? (මාක් 11:12-14, 20, 21) [w03 5/15, 26 පි. 3-4 ඡේ.]
13. දෙවිගේ බලය මරියා මත ක්‍රියාත්මක වීම නිසා ඇගේ කුසෙහි පුතෙකු ‘පිළිසිඳ ගන්නවා’ කියා ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට පැවසූ වදන්වලින් අදහස් කළේ කුමක්ද? (ලූක් 1:30, 31, 34, 35) [w08 3/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—ලූක් පොතෙන් විශේෂාංග”; it-2 56 පි. 2 ඡේ.]
14. යේසුස්ගේ ගෝලයන් “සබත් දවසේදී කිරීමට තහනම් දෙයක්” කළාද? (ලූක් 6:1, 2) [gt 31 පරි.]
15. යේසුස් මාර්තාට දුන් උපදෙසෙන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (ලූක් 10:40-42) [w99 9/1, 31 පි.]