සේවා රැස්වීම් වැඩසටහන
දෙසැම්බර් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 46
විනා. 10: සභා නිවේදන. හතරවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන නොවැම්බර් පිබිදෙව්! හා දෙසැම්බර් 1 මුරටැඹ ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: වසර 2008 දිව්‍යාණ්ඩු සේවා පාසැල. පාසැල් අවේක්ෂක ඉදිරිපත් කරන කතාවක්. මෙහිදී 2007 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ සඳහන් සභාවට ගැළපෙන කරුණු අවධාරණය කරන්න. අමතර උපදේශකගේ කාර්යයද සලකා බලන්න. පාසැලේ පැවරුම් හොඳින් ඉටු කිරීමටත් බයිබල් විශේෂාංගවලදී අදහස් දැක්වීමටත් දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති පොතෙන් සතිපතා සාකච්ඡා කරන යෝජනා අදාළ කරගැනීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 15: “බිඳුණු සිත් ඇති අයව සනසවන්න”a මීට අදාළ වන සභාවේ අද්දැකීමක් හෝ දෙකක් සඳහන් කරන්න.
ගීතිකා අංක 34
දෙසැම්බර් 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 28
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. නිවේදන යටතේ තිබෙන ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ නමැති DVD තැටිය ගැන විශේෂයෙන් සඳහන් කරන්න.
විනා. 20: “උද්‍යෝගය දිගටම පවත්වාගනිමු”b දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වන ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. මේ ප්‍රශ්න අසන්න. ඔබේ උද්‍යෝගය පවත්වාගන්න ඔබ දරා තිබෙන්නේ මොන වගේ වෑයම්ද? ඔබේ උද්‍යෝගය දිගටම පවත්වාගන්න උපකාරවත් වෙලා තිබෙන්නේ මොනවාද?
විනා. 15: වසර 2007 අගෝස්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ “නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන” නමැති කොටස සාකච්ඡා කරන්න. දන්නවා නම් ඊළඟ චාරිකා එක්රැස්වීම පවත්වන දින දැනුම් දෙන්න. මෙයට සහභාගි වීමට කල්තියා සැලසුම් කිරීමට සියලුදෙනාවම දිරිගන්වන්න.
ගීතිකා අංක 139
දෙසැම්බර් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 212
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා, සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න. ජනවාරි මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන සඳහන් කර ඒවා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: දෙවි සපයන ප්‍රඥාව යොදාගෙන ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැකි අයුරු. වර්ෂ 2005 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ 23-27 දක්වා පිටු මත පදනම් කතාවක්. පවුලේ පාඩම පවත්වන ආදර්ශවත් ගෘහ මූලිකයෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. බයිබලයේ උපදෙස් අදාළ කරගැනීමෙන් ඔහුගේ පවුලේ අය ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?
ගීතිකා අංක 21
දෙසැම්බර් 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 89
විනා. 10: සභා නිවේදන. හතරවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන දෙසැම්බර් පිබිදෙව්! හා දෙසැම්බර් 15 මුරටැඹ සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. ප්‍රශ්න පෙට්ටිය පුනරීක්ෂණය කරන්න. දෙසැම්බර් මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: දේවසේවයට අපව පොලඹවන්නේ දේවභක්තියයි. වර්ෂ 1990 මාර්තු 1 මුරටැඹ සඟරාවේ 22-23 දක්වා පිටු මත පදනම් දිරිගන්වනසුලු කතාවක්.
විනා. 20: “බයිබල් පාඩමක් පැවැත්වීම ඔබේ ඉලක්කය කරගන්න.”c මෑතකදී බයිබල් පාඩමක් පටන්ගෙන තිබෙන එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. පාඩම ආරම්භ කළේ කෙසේද? ඒ තැනැත්තා දියුණුවක් ලබමින් සිටින්නේ කිනම් පැතිවලින්ද?
ගීතිකා අංක 202
ජනවාරි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 159
විනා. 10: සභා නිවේදන.
විනා. 15: වත්මන් සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් විය හැකි අයුරු. ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි පිබිදෙව්! සඟරා පදනම් කරගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්. මේ කලාප දෙකේ මූලික කරුණු කෙටියෙන් ගෙනහැර දැක්වීමෙන් පසු සභා බලප්‍රදේශයේ ජනයාගේ සිත්ගත හැකි ලිපි මොනවාද කියාත් ඊට හේතුව කුමක්ද කියාත් සබයෙන් අසන්න. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලිපි සඳහා යොදාගත හැකි යෝජනා මොනවාද කියා පැවසීමට සබයට ආරාධනා කරන්න. සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා ඇසිය හැකි ප්‍රශ්න මොනවාද? ඉන්පසු කියවිය හැක්කේ එම ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද? ඒ බයිබල් පදය ලිපියට සම්බන්ධ කරන්නේ කෙසේද? අපගේ රාජ්‍ය සේවාවේ තිබෙන ඉදිරිපත් කිරීම් හෝ සබයේ අය යෝජනා කළ ඉදිරිපත් කිරීම් යොදාගනිමින් මේ සඟරා දෙක ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: එකිනෙකාට ආගන්තුක සත්කාරය පිරිනමන්න. වර්ෂ 2005 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ පිටු 21-23 දක්වා පදනම් කතාවක්. ආගන්තුක සත්කාරයට ලැදි කෙනෙක් බව කවුරුත් දන්න ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ආගන්තුක සත්කාරය පෙන්වීමට ඔවුන් වෑයම් දරා තිබෙන්නේ කෙසේද? මෙසේ කිරීමෙන් තමන් හා තම පවුලේ අය ලබා තිබෙනේනේ කිනම් ආශීර්වාදද?
ගීතිකා අංක 99
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.