බයිබල් පාඩමක් පැවැත්වීම ඔබේ ඉලක්කය කරගන්න
1 “ඔබේ ඇස් ඔසවා, අස්වැන්න නෙළීම සඳහා කෙත් සුදු පාටට තිබෙන හැටි බලන්න.” (යොහ. 4:35) යේසුස් පැවසූ ඒ වචන මේ කාලයටත් අදාළයි. ඒ කෙසේද?
2 යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට අවංක ආශාවක් තිබෙන අය තවත් සිටිනවා. මෙවැනි අයව අපට හමු වෙනවා. සෑම අවුරුද්දකම බව්තීස්ම වන අයගේ ගණනින් ඒ බව පැහැදිලි වෙනවා. බයිබල් පාඩමක් පවත්වන්න ඔබට අවංක ආශාවක් තිබෙනවා නම් ඒ සඳහා කුමක් කළ හැකිද?
3 ඉලක්කයක් තබන්න: මුලින්ම කළ යුත්තේ බයිබල් පාඩමක් පටන්ගෙන දිගටම පැවැත්වීම සඳහා ඉලක්කයක් තබාගැනීමයි. සේවයේ හවුල් වන විට මේ ඉලක්කය මනසේ තබාගන්න. අපේ පැවරුමට දේශනා කිරීම වගේම ඉගැන්වීමත් ඇතුළත්. එමනිසා පාඩම් පටන්ගත හැකි පුද්ගලයන්ව සෙවීමට අපි හැකි සෑම වෑයමක්ම දැරිය යුතුයි.—මතෙ. 24:14; 28:19, 20.
4 මෙයත් මතක තබාගන්න: මහත් ඕනෑකමින් කරන යාච්ඤාව ඉතා වැදගත්. දෙවි ගැන දැනගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කර තිබෙන අයව අපිට හමු වෙන්න පුළුවන්. එවැනි අයට යෙහෝවා දෙවි ගැන ඉගැන්වීමට දෙවි අපිව යොදාගැනීම මොන තරම් උතුම් ආශීර්වාදයක්ද!—හග්. 2:7; ක්රියා 10:1, 2.
5 එක් සහෝදරියක් බයිබල් පාඩමක් සොයාගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කර, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්රිකාවේ පිටපත් කිහිපයක් ඇය රැකියා කරන ස්ථානයේ අන් අයට පෙනෙන විදිහට තැබුවා. එහි සේවය කරන කාන්තාවක් එයින් එකක් අරගෙන කියවීමෙන් පසුව එහි කූපනය පුරවන්න හදනවා සහෝදරිය දැක්කා. සහෝදරිය ඇය සමඟ කතා කිරීමෙන් පසු ඇය සමඟ බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් වුණා.
6 දක්ෂ ලෙස බයිබල් පාඩම් පවත්වන සහෝදර සහෝදරියන් සමඟ කතා කිරීමෙන්ද ඔබේ ඉලක්කය සපුරාගැනීම සඳහා මහත් දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. බයිබල් පාඩමක් සොයාගැනීමට ඔබ දරන වෑයම්වලට ආශීර්වාද කරන්න කියා දෙවිට යාච්ඤා කරන්න. මේ ඉලක්කය සපුරාගැනීම සඳහා ලබාගත හැකි සෑම උපකාරයකින්ම ප්රයෝජන ගන්න. එසේ කිරීමෙන් වැඩි කල් යන්න මත්තෙන් බයිබල් පාඩමක් පැවැත්වීමේ ප්රීතිය ඔබටත් භුක්ති විඳින්න පුළුවන්!