නිවේදන
◼ ඔක්තෝබර්: ඉඳ හිට සේවයේ යෙදෙන බලප්‍රදේශවල තිබෙන සභාවන්ට සහයෝගයක් වශයෙන් ඔවුන් සමඟ සේවයේ හවුල් වන විට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ උත්තර දෙති යන පත්‍රිකාව යොදාගත හැකියි. ඒ සමඟම මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් ඉදිරිපත් කළ හැකියි. උනන්දුවක් දක්වන්නේ නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව දී, බයිබල් පාඩමක් ඇරඹීමේ අදහස ඇතුව සංවාදයක යෙදෙන්න. නොවැම්බර්: ඉදිරිපත් කරන්නේ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතයි. තමන්ට දරුවන් නැහැ කියා පවසන අයට සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාව දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ යෙහෝවාට ළං වන්න හෝ පවුලේ සන්තෝෂයට රහස යන පොත්වලින් එකක් ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: දැනුම පොත (තිබෙනවා නම්) සහ සෝදිසියෙන් සිටින්න හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකා දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න. නැතහොත් 1991ට පෙර ප්‍රකාශිත පිටු 192කින් යුත් පොතක් ඉදිරිපත් කළ හැකියි.පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ඉදිරිපත් කළ හැකියි.
◼ දෙසැම්බර් මාසයේ සම්පූර්ණ සති අන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න එය කදිම මාසයක් වේවි.
◼ “වසර 2008 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන” මෙම රාජ්‍ය සේවාව සමඟ එවා ඇත. එය 2008 වසර පුරාම පරෙස්සමින් තබාගන්න.
◼ සේවා රැස්වීමේ අවසාන පැවරුම ඉදිරිපත් කරන සහෝදරයා විසින් අවසන් ගීතිකාව හඳුන්වා දිය යුතුයි. ඉන්පසු ඔහු හෝ කලින් පවරා තිබෙන සුදුසුකම් ලත් වෙනත් සහෝදරයෙක් විසින් අවසාන යාච්ඤාව ඉදිරිපත් කරයි.