2008 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
මඟ පෙන්වීම්
වර්ෂ 2008දී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීම සඳහා අනුගමනය කරන විධිවිධානය මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍ර: ශුද්ධ බයිබලය [bi], දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු [be], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi08-SN] සහ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු [lr].
නියමිත වේලාවට පාසැල ඇරඹිය යුතුය. මුලින්ම ගීතිකාව ගායනා කර යාච්ඤා කළායින් පසු, සියලුදෙනාවම පාසැලට පිළිගෙන මතු දැක්වෙන ආකාරයට පාසැල පැවැත්විය යුතුය. පාසැල් අවේක්ෂකයා සෑම කොටසක්ම හඳුන්වා දිය යුතුයි.
කථික ගුණාංගය: විනාඩි 5යි. සේවා පාසැල් පාඩම් පොත පදනම් කරගත් කථික ගුණාංගයක් පාසැල් අවේක්ෂක, අමතර උපදේශක හෝ වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු විසින් සාකච්ඡා කෙරේ. (වැඩිමහල්ලන් සීමිත සංඛ්‍යාවක් සිටින සභාවල සුදුසුකම් ලත් සභා සේවකයෙකුව යොදාගත හැක.)
පැවරුම් අංක 1: විනාඩි 10යි. මෙම කොටස හසුරුවනු ලබන්නේ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසිනි. එය දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු හෝ “මුළු ලියවිල්ල “—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය නමැති මූලාශ්‍ර මත පදනම් විය යුතුය. මෙම කොටස ඉදිරිපත් කළ යුත්තේ විනාඩි දහයකට සීමා වූ උපදෙස් කතාවක් ලෙසය. පුනරීක්ෂණයක් වශයෙන් සබයෙන් පිළිතුරු ලබාගන්නේ නැත. මෙහි පරමාර්ථය විය යුත්තේ දක්වා ඇති තොරතුරු පියවීමත් සාකච්ඡා කරනු ලබන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකමට අවධානය දීමත්ය. මෙහිදී සභාවේ සාමාජිකයන්ට විශේෂයෙන්ම උපකාරවත් වන කරුණු උලුප්පා දැක්විය යුතුය. භාවිත කළ යුත්තේ වැඩසටහනේ සඳහන්ව ඇති තේමාවයි. මෙම කතාව දීමේ පැවරුම ලබන සහෝදරයන් නියමිත කාලය තුළ එය ඉදිරිපත් කර අවසන් කිරීම බලාපොරොත්තු වේ. අවශ්‍යතාව පැනනඟින විට පෞද්ගලිකව උපදෙස් දිය හැකිය.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 10යි. මුල් විනාඩි පහේදී සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සාකච්ඡා කෙරෙන තොරතුරු සභාවට ප්‍රයෝජනවත් වන ආකාරයකින් අදාළ කළ යුතුය. සතියට නියමිත බයිබල් කියවීමේ ඕනෑම කොටසක් ගැන අදහස් දැක්වීමට පුළුවන. මෙය නියමිත කියවීමේ සාරාංශයක් විතරක්ම නොවේ. මෙහිදී කථිකයාගේ පරමාර්ථය වන්නේ සලකා බලන තොරතුරු වටින්නේ ඇයි සහ කෙසේද යන්න තේරුම්ගැනීමට සබයට උපකාර කිරීමය. එම මූලික කොටස සඳහා වැය කළ යුතු විනාඩි පහ ඉක්මවා නොයෑමට කථිකයා වගබලා ගත යුතුය. එමෙන්ම සබයේ සහභාගිත්වය සඳහා විනාඩි පහක් වෙන් කිරීමටද ඔහු වගබලා ගත යුතුය. බයිබල් කියවීමේදී තමන්ගේ සිත්ගත් දේවල් සහ ඒවායින් නෙළාගත් ප්‍රයෝජන පදනම් කරගෙන කෙටි අදහස් දැක්වීම සඳහා (තත්පර 30කට හෝ ඊට අඩුවෙන්) සබයට අවස්ථාව ලබා දිය යුතුය. අනතුරුව පාසැල් අවේක්ෂක වෙනත් පන්ති කාමරවල පැවරුම් ලැබ සිටින ශිෂ්‍යයන්ට එම පාසැල්වලට සහභාගි වන ලෙස ආරාධනා කරයි.
පැවරුම් අංක 2: විනාඩි 4ක් හෝ ඊට වඩා අඩුවෙන්. මෙය පවරන්නේ සහෝදරයෙකුටයි. ශිෂ්‍යයා විසින් නියමිත කොටස හැඳින්වීමක් හෝ අවසානයක් නොමැතිව කියවිය යුතු වේ. පාසැල් අවේක්ෂකගේ ඉලක්කය වන්නේ අර්ථවත් ලෙස, චතුර ලෙස, නිසි ලෙස අර්ථය කාවද්දමින්, හඬ පාලනය කරමින්, යෝග්‍ය විරාම යොදමින් සහ ස්වාභාවික ගතියකින් කියවීමට ශිෂ්‍යයාට උපකාර කිරීමය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙම පැවරුම ලබන්නේ සහෝදරියෙකි. සේවා පාසැල් පොතේ 82වන පිටුවෙහි දක්නට ලැබෙන ලැයිස්තුවෙන් පසුබිමක් අවේක්ෂක විසින් තෝරා දීමට ඉඩ තිබේ. එසේ නැතහොත් එය පෞද්ගලිකව තෝරාගැනීමට සහෝදරියන්ට හැකියි. ශිෂ්‍යාව තමාට පවරා ඇති තේමාව භාවිත කළ යුතු අතර, බලප්‍රදේශයට අනුව ප්‍රායෝගික මෙන්ම ස්වාභාවික ආකාරයකින් එය ඉදිරිපත් කළ යුතුය. මූලාශ්‍රයක් දක්වා නැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යාව විසින් එක්රැස් කරගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. නවක ශිෂ්‍යයන්ට යොමු සටහන් සපයා ඇති කොටස් පැවරිය යුතුය. ශිෂ්‍යාව තොරතුරු ගොඩනඟන ආකාරයටත්, ශුද්ධ ලියවිලි ගැන තර්කානුකූලව සිතා බැලීමට හා ඉදිරිපත් කිරීමේ ප්‍රධාන කරුණු තේරුම්ගැනීමට නිවැසියාට උපකාර කරන ආකාරයටත් පාසැල් අවේක්ෂකගේ වැඩි අවධානය යොමු වේ. පාසැල් අවේක්ෂක එක සහයකයෙකු නම් කරයි.
පැවරුම් අංක 4: විනාඩි 5යි. ශිෂ්‍යයා විසින් පවරන ලද තේමාව ගොඩනැඟිය යුතුය. මූලාශ්‍රයක් සඳහන් කර නොමැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යයා විසින් එක්රැස් කරගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. මෙය සහෝදරයෙකුට පවරනු ලබන විට, ඔහු රාජ්‍ය ශාලාවේ රැස්ව සිටින සබය මනසෙහි තබාගෙන එය කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. සහෝදරියක මෙම කොටස ඉදිරිපත් කරන විට, එය සෑම විටකම ඉදිරිපත් කළ යුතු වන්නේ පැවරුම් අංක 3හි දක්වා ඇති ආකාරයටය. පාසැල් අවේක්ෂක තමාට යෝග්‍යයයි පෙනෙන අවස්ථාවන්හිදී පැවරුම් අංක 4 සහෝදරයෙකුට දිය හැක. යම් විෂයක් අසල තරුවක් දක්වා ඇත්නම්, ඒවා කතා වශයෙන් ගොඩනැඟීම සඳහා සහෝදරයන්ට පමණක් පැවරිය යුතු බව කරුණාවෙන් සලකන්න. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සහ සේවා රැස්වීමේ කොටස් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් වැඩිමහල්ලන් සහ සභා සේවකයන් සංඛ්‍යාවක් සිටී නම් තරුවක් දමා ඇති එම පැවරුම් ඔවුන්ටද පැවරිය හැකියි.
උපදෙස්: විනාඩියයි. පාසැල් අවේක්ෂකයා ශිෂ්‍යයාට පවරා තිබෙන කථික ගුණාංගය කලින් සඳහන් කරන්නේ නැහැ. පැවරුම් අංක 2, 3 සහ 4 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කතාවේ පැසසිය යුතු යම් අංගයක් ගැන ධනාත්මක නිරීක්ෂණ කිහිපයක් පාසැල් අවේක්ෂක ඉදිරිපත් කරයි. ඔහු නිකම්ම “කතාව හොඳයි” කියා කියනවා වෙනුවට එම ඉදිරිපත් කිරීම සාර්ථක වූයේ මන්දැයි පෙන්වීමට විශේෂිත කරුණු ගෙනහැර දක්වයි. සෑම ශිෂ්‍යයෙකුගේම තත්වය සුවිශේෂ නිසා, එක් එක්කෙනාගේ අවශ්‍යතාවට අනුව රැස්වීමෙන් පසුව හෝ වෙනත් අවස්ථාවක පෞද්ගලිකව ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකි අමතර උපදෙස් දිය හැක.
ගත කළ යුතු වේලාව: කිසිම කතාවක් නියමිත වේලාව ඉක්මවා නොයා යුතුය. උපදේශක ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ. අංක 2 සිට 4 දක්වා පැවරුම් නියමිත කාලය ඉක්මවා යන විට, ඒවා උපායශීලීව නතර කළ යුතු වේ. කථික ගුණාංගය, පැවරුම් අංක 1 හෝ බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔවුන්ට පෞද්ගලිකව උපදෙස් දිය යුතුය. සියලුදෙනාම තමන්ට නියමිත කාල සීමාව ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. ගීතිකාව හා යාච්ඤාව හැර මුළු වැඩසටහනම විනාඩි 45කට සීමා වේ.
උපදෙස් පෝරමය: පාඩම් පොතෙහි ඇත.
අමතර උපදේශක: පාසැල් අවේක්ෂකට අමතරව තවත් දක්ෂ වැඩිමහල්ලෙක් සිටී නම්, අමතර උපදේශක නමැති පැවරුම ඉටු කිරීම සඳහා එවන් කෙනෙකුව වැඩිමහල් මණ්ඩලය විසින් තෝරාගත හැකිය. සභාවේ වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සිටී නම්, සෑම අලුත් වසරකදීම වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුට මෙම පැවරුම භාර දිය හැකිය. පැවරුම් අංක 1 සහ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට පෞද්ගලික උපදෙස් අවශ්‍ය නම්, එය ලබා දීම අමතර උපදේශකගේ වගකීම වේ. සෙසු වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් විසින් දෙනු ලබන මෙවැනි සෑම කතාවකින් අනතුරුව උපදෙස් ලබා දිය යුතුමයි යන්න මින් අදහස් නොකෙරේ.
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය: විනාඩි 30යි. සෑම මාස දෙකකට වරක් පාසැල් අවේක්ෂක විසින් පුනරීක්ෂණයක් මෙහෙයවනු ලැබේ. ඊට පෙරාතුව ඉහත දක්වා ඇති පරිද්දෙන් කථික ගුණාංගය හා බයිබල් කියවීමෙන් විශේෂාංගද ඉදිරිපත් කෙරේ. පුනරීක්ෂණය පදනම් වන්නේ පුනරීක්ෂණය පවත්වන සතිය ඇතුළු කලින් මාස දෙක තුළදී පාසැලේදී සලකා බැලූ තොරතුරු මතය. පුනරීක්ෂණය පැවැත්වෙන සතියේ ඔබේ සභාවට චාරිකා එක්රැස්වීම වැටී ඇත්නම් පුනරීක්ෂණය (සහ සතියේ ඉතිරි වැඩසටහන) ඉදිරි සතියට දැමිය හැකි අතර ඉදිරි සතියට නියමිත වැඩසටහන එක්රැස්වීමේ සතිය සඳහා යොදාගත යුතුයි. චාරිකා අවේක්ෂක ඔබේ සභාවට පැමිණෙන සතියේදී පුනරීක්ෂණය යෙදී ඇත්නම් ගීතිකාව, කථික ගුණාංගය සහ බයිබල් විශේෂාංග, වැඩසටහනේ තිබෙන පරිදි ඉදිරිපත් කළ යුතුයි. උපදෙස් කතාව (කථික ගුණාංග කොටසෙන් පසුව) සඳහා ඊළඟ සතියට නියමිත කොටස යොදාගත යුතුයි. ඊළඟ සතියේ දිව්‍යාණ්ඩු සේවා පාසැල සඳහා ඒ සතියට නියමිත කථික ගුණාංග කොටස සහ බයිබල් විශේෂාංග යොදාගෙන ඉන්පසු පුනරීක්ෂණය පැවැත්විය හැකියි.
වැඩසටහන
ජන. 7 බයිබල් කියවීම: මතෙව් 1-6 ගීතිකා අංක 62
කථික ගුණාංගය: අවශ්‍ය වූ පැහැදිලි කිරීම ලබා දීම (be 228 පි. 2–3 ඡේ.)
අංක 1: මතෙව් පොතට හැඳින්වීම (bsi08 3-4 පි. 1-10 ඡේ.)
අංක 2: මතෙව් 5:1-20
අංක 3: යේසුස් උතුම් ගුරුවරයෙකු වීමට හේතු (lr 1 පරි.)
අංක 4: දෙවිගේ බලයෙන් අපට උපකාර ලැබෙන ආකාර
ජන. 14 බයිබල් කියවීම: මතෙව් 7-11 ගීතිකා අංක 224
කථික ගුණාංගය: සිත සම්බන්ධ වී ඇති අන්දම (be 228 පි. 4–229 පි. 1 ඡේ.)
අංක 1: දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න (be 9 පි. 1–10 පි. 1 ඡේ.)
අංක 2: මතෙව් 10:1-23
අංක 3: අවංකකමේ වටිනාකම
අංක 4: ආදරණීය දෙවි කෙනෙකුගෙන් ලියුමක් (lr 2 පරි.)
ජන. 21 බයිබල් කියවීම: මතෙව් 12-15 ගීතිකා අංක 133
කථික ගුණාංගය: ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු (be 230 පි. 1-6 ඡේ.)
අංක 1: දිනපතා බයිබලය කියවන්න (be 10 පි. 2 ඡේ.–12 පි. 4 ඡේ.)
අංක 2: මතෙව් 14:1-22
අංක 3: සියලු දේවල් සෑදූ තැනැත්තා (lr 3 පරි.)
අංක 4: ක්‍රිස්තු-විරෝධියා කවුද?
ජන. 28 බයිබල් කියවීම: මතෙව් 16-21 ගීතිකා අංක 176
කථික ගුණාංගය: පර්යේෂණය කිරීමෙන් සබය දැනුවත් කරන තොරතුරු සොයාගන්න (be 231 පි. 1-3 ඡේ.)
අංක 1: “අසන්නේ කෙසේද කියා බලාගන්න” (be 13 පි. 1–14 පි. 4 ඡේ.)
අංක 2: මතෙව් 17:1-20
අංක 3: දෙවිට නමක් තිබෙනවා (lr 4 පරි.)
අංක 4: ක්‍රිස්තියානීන් පරිශුද්ධ ලෙස සලකන දේවල්
පෙබ. 4 බයිබල් කියවීම: මතෙව් 22-25 ගීතිකා අංක 151
කථික ගුණාංගය: බයිබල් පද පැහැදිලි කිරීම (be 231 පි. 4-5 ඡේ.)
අංක 1: රැස්වීම්වලදී හා එක්රැස්වීම්වලදී සවන් දීම (be 15 පි. 1 ඡේ.–16 පි. 5 ඡේ.)
අංක 2: මතෙව් 23:1-24
අංක 3: සදහටම ජීවත් වීම නිරස වන්නේ නැහැ
අංක 4: ‘මේ මගේ පුතා’ (lr 5 පරි.)
පෙබ. 11 බයිබල් කියවීම: මතෙව් 26-28 ගීතිකා අංක 110
කථික ගුණාංගය: යෙදුම්වල අදහස පැහැදිලි කිරීම (be 232 පි. 1 ඡේ.)
අංක 1: මතෙව්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 5 පි. 29-33 ඡේ.)
අංක 2: මතෙව් 27:1-22
අංක 3: ඇදහිල්ලට ඇතුළත් වන දේ
අංක 4: උතුම් ගුරුවරයා අනුන්ට සේවය කළා (lr 6 පරි.)
පෙබ. 18 බයිබල් කියවීම: මාක් 1-4 ගීතිකා අංක 167
කථික ගුණාංගය: බයිබල් පද තර්කානුකූලව ගෙනහැර දැක්වීම (be 232 පි. 2-4 ඡේ.)
අංක 1: මාක් පොතට හැඳින්වීම (bsi08 6-7 පි. 1-11 ඡේ.)
අංක 2: මාක් 2:1-17
අංක 3: කීකරුකම ඔයාට ආරක්ෂාවක් (lr 7 පරි.)
අංක 4: ප්‍රේමය ධෛර්යය වඩවාගැනීමට හේතු වෙයි
පෙබ. 25 බයිබල් කියවීම: මාක් 5-8 ගීතිකා අංක 72
කථික ගුණාංගය: ඔබේ සබයට ප්‍රයෝජනවත් තොරතුරු තෝරාගන්න (be 233 පි. 1-5 ඡේ.)
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මාර්. 3 බයිබල් කියවීම: මාක් 9-12 ගීතිකා අංක 195
කථික ගුණාංගය: නියමිත තොරතරු මූලාශ්‍රය පමණක් භාවිත කරන්න (be 234 පි. 1–235 පි. 3 ඡේ.)
අංක 1: ඔබේ මතකය දියුණු කිරීමට ඔබට හැක (be 17 පි. 1-19 පි. 2 ඡේ.)
අංක 2: මාක් 11:1-18
අංක 3: දෙවිට බොරු කීමට බැරි හේතුව
අංක 4: අනිත් අය අපිට වඩා උසස් (lr 8 පරි.)
මාර්. 10 බයිබල් කියවීම: මාක් 13-16 ගීතිකා අංක 87
කථික ගුණාංගය: බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම (be 236 පි. 1-5 ඡේ.)
අංක 1: මාක්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 7-8 පි. 31-3 ඡේ.)
අංක 2: මාක් 14:1-21
අංක 3: වරදට පොලඹවන දේවලට අපි විරුද්ධ වෙමු (lr 9 පරි.)
අංක 4: ‘මිනිසාගේ උදහසින් දෙවිගේ ධර්මිෂ්ඨකම ඉටු නොවන්නේ’ ඇයි? (යාකො. 1:20)
මාර්. 17 බයිබල් කියවීම: ලූක් 1-3 ගීතිකා අංක 13
කථික ගුණාංගය: වැදගත් අදහස් හඳුන්වා දීමට ප්‍රශ්න යොදාගන්න (be 237 පි. 1-2 ඡේ.)
අංක 1: ලූක් පොතට හැඳින්වීම (bsi08 8-10 පි. 1-9 ඡේ.)
අංක 2: ලූක් 1:1-23
අංක 3: “ක්‍රියාවලින් වෙන් වූ ඇදහිල්ල නිෂ්ඵල” වීමට හේතු (යාකො. 2:20)
අංක 4: යේසුස් භූතයන්ට වඩා බලවත් (lr 10 පරි.)
මාර්. 24 බයිබල් කියවීම: ලූක් 4-6 ගීතිකා අංක 156
කථික ගුණාංගය: යම් විෂයක කරුණු තර්කානුකූලව ගෙනහැර දැක්වීමට ප්‍රශ්න යොදාගැනීම (be 237 පි. 3 ඡේ.–238 පි. 3 ඡේ.)
අංක 1: මතක තබාගැනීමට ශුද්ධාත්මයෙන් (දෙවිගේ බලයෙන්) ඉටු වන කාර්යභාරය (be 19 පි. 3 ඡේ.–20 පි. 3 ඡේ.)
අංක 2: ලූක් 4:1-21
අංක 3: දේවදූතයන්ගෙන් උපකාර (lr 11 පරි.)
අංක 4: දේවගරුබිය පව් කිරීමෙන් අපව වළක්වයි
මාර්. 31 බයිබල් කියවීම: ලූක් 7-9 ගීතිකා අංක 122
කථික ගුණාංගය: ඇතුළාන්ත හැඟීම් පිටතට ඇදගැනීම සඳහා ප්‍රශ්න යොදාගැනීම (be 238 පි. 4-6 ඡේ.)
අංක 1: කියවීමට අවධානය යොමු කළ යුත්තේ ඇයි? (be 21 පි. 1–23 පි. 3 ඡේ.)
අංක 3: දෙවි අපට ප්‍රේම කරන බවටත්, අපි සතුටෙන් සිටීම ඔහුගේ ආශාව බවටත් ඇති සාක්ෂි
අංක 4: යේසුස් අපිට යාච්ඤා කරන්න උගන්වයි (lr 12 පරි.)
අප්‍රි. 7 බයිබල් කියවීම: ලූක් 10-12 ගීතිකා අංක 68
කථික ගුණාංගය: අමතර අවධාරණය සඳහා ප්‍රශ්න යොදාගැනීම (be 239 පි. 1-2 ඡේ.)
අංක 1: ඔබේ කියවීමට අවධානය යොමු කළ හැකි අයුරු (be 23 පි. 4 ඡේ.–26 පි. 5 ඡේ.)
අංක 2: ලූක් 11:37-54
අංක 3: යේසුස්ගේ ගෝලයන් වූ අය (lr 13 පරි.)
අංක 4: එළිදරව් 17:17හි අදහස කුමක්ද?
අප්‍රි. 14 බයිබල් කියවීම: ලූක් 13-17 ගීතිකා අංක 86
කථික ගුණාංගය: වැරදි සිතුවිලි හෙළි කිරීමට ප්‍රශ්න යොදාගැනීම (be 239 පි. 3-5 ඡේ.)
අංක 1: අධ්‍යයනය කළ හැකි අයුරු (be 27 පි. 1 ඡේ.–31 පි. 2 ඡේ.)
අංක 2: ලූක් 16:1-15
අංක 3: කරල් ඇහිඳීම හා සම්බන්ධ දෙවිගේ නීතියෙන් අපට ඉගෙනගත හැකි දේ (ලෙවී. 19:9, 10)
අංක 4: අපි සමාව දිය යුත්තේ ඇයි? (lr 14 පරි.)
අප්‍රි. 21 බයිබල් කියවීම: ලූක් 18-21 ගීතිකා අංක 182
කථික ගුණාංගය: ඉගැන්වීම සඳහා උපමා/නිදර්ශන භාවිතය (be 240 පි. 1 ඡේ.–241 පි. 1 ඡේ.)
අංක 1: ලූක් —ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 10-11 පි. 30-5 ඡේ.)
අංක 2: ලූක් 18:1-17
අංක 3: කරුණාව පෙන්වීම ගැන පාඩමක් (lr 15 පරි.)
අංක 4: ‘මැසිවිලි නැඟීමෙන් වළකින්න’ යන්නෙන් අදහස් වන දේ (ෆිලි. 2:14)
අප්‍රි. 28 බයිබල් කියවීම: ලූක් 22-24 ගීතිකා අංක 218
කථික ගුණාංගය: උපමා භාවිත කිරීම (be 241 පි. 2 ඡේ.–242 පි.1 ඡේ.)
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මැයි 5 බයිබල් කියවීම: යොහන් 1-4 ගීතිකා අංක 31
කථික ගුණාංගය: ශුද්ධ ලියවිල්ලේ ඇති නිදර්ශන (be 242 පි. 2-3 ඡේ.)
අංක 1: යොහන් පොතට හැඳින්වීම (bsi08 11-13 පි. 1-9 ඡේ.)
අංක 2: යොහන් 3:1-21
අංක 3: දාවිත් සාවුල් රජව මැරීම ප්‍රතික්ෂේප කළා. ඉන් අපට ඉගෙනගත හැකි දේ
අංක 4: ඇත්තටම වැදගත් දේ මොකක්ද? (lr 16 පරි.)
මැයි 12 බයිබල් කියවීම: යොහන් 5-7 ගීතිකා අංක 150
කථික ගුණාංගය: එය තේරුම්ගත හැකි වේවිද? (be 242 පි. 4 ඡේ.–243 පි. 1 ඡේ.)
අංක 1: අධ්‍යයනය කිරීම ආශීර්වාදයක් (be 31 පි. 3 ඡේ.–32 පි. 4 ඡේ.)
අංක 2: යොහන් 6:1-21
අංක 3: අනනියස් සහ සෆීරා ගැන සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි දේ
අංක 4: සන්තෝෂයට මඟ (lr 17 පරි.)
මැයි 19 බයිබල් කියවීම: යොහන් 8-11 ගීතිකා අංක 102
කථික ගුණාංගය: හුරුපුරුදු පසුබිම්වලින් ගත් නිදර්ශන (be 244 පි. 1-2 ඡේ.)
අංක 1: බයිබලයේ ආධාරයෙන් පර්යේෂණය කළ හැකි අයුරු (be 33 පි. 1 ඡේ–35 පි. 2 ඡේ.)
අංක 2: යොහන් 11:38-57
අංක 3: ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවද? (lr 18 පරි.)
අංක 4: දහවෙනි පනතට අකීකරු වුවහොත් දඬුවම් දීමට හැකිකමක් නැත්නම් දෙවි එය දුන්නේ ඇයි?
මැයි 26 බයිබල් කියවීම: යොහන් 12-16 ගීතිකා අංක 3
කථික ගුණාංගය: ඔබේ සබයට ගැළපෙන නිදර්ශන (be 244 පි. 3 ඡේ.–245 පි. 4 ඡේ.)
අංක 1: පර්යේෂණ සඳහා වෙනත් මෙවලම් භාවිත කිරීමට ඉගෙනීම (be 35 පි. 3 ඡේ.–38 පි. 4 ඡේ.)
අංක 2: යොහන් 12:1-19
අංක 3: රණ්ඩු දබර කිරීම හරිද? (lr 19 පරි.)
අංක 4: අපගේ සියලු බර යෙහෝවා දෙවිට භාර දිය හැකි අයුරු (ගීතා. 55:22)
ජූනි 2 බයිබල් කියවීම: යොහන් 17-21 ගීතිකා අංක 198
කථික ගුණාංගය: දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව භාවිත කිරීම (be 247 පි. 1-2 ඡේ.)
අංක 1: යොහන්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 13-14 පි. 30-5 ඡේ.)
අංක 2: යොහන් 21:1-14
අංක 3: අපට නොපෙනෙන දෙවියන්ව විශ්වාස කරන්නේ ඇයි?
අංක 4: ඔයාට හැම වෙලේම පළමුවෙනියා වෙන්න ඕනෑද? (lr 20 පරි.)
ජූනි 9 බයිබල් කියවීම: ක්‍රියා 1-4 ගීතිකා අංක 92
කථික ගුණාංගය: යේසුස් දෘශ්‍යාධාරක උපයෝගි කරගත්තේ කෙසේද? (be 247 පි. 3 ඡේ.)
අංක 1: ක්‍රියා පොතට හැඳින්වීම (bsi08 14-15 පි. 1-8 ඡේ.)
අංක 2: ක්‍රියා 1:1-14
අංක 3: කිසිම දෙයක් ගැන අපි පුරසාරම් දොඩන එක හරිද? (lr 21 පරි.)
අංක 4: ‘කතා කිරීමේ නිදහස’ යන්නට ඇතුළත් වන්නේ කුමක්ද? (හෙබ්‍රෙ. 3:6)
ජූනි 16 බයිබල් කියවීම: ක්‍රියා 5-7 ගීතිකා අංක 2
කථික ගුණාංගය: දෘශ්‍යාධාරක උපයෝගි කරගත හැකි ආකාරය (be 248 පි. 1-3 ඡේ.)
අංක 1: දළ සටහනක් පිළියෙල කිරීම (be 39-42 පි.)
අංක 2: ක්‍රියා 5:1-16
අංක 3: අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි? (lr 22 පරි.)
අංක 4: යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම ප්‍රඥාවේ පටන්ගැන්ම වන්නේ ඇයි? (ගීතා. 111:10)
ජූනි 23 බයිබල් කියවීම: ක්‍රියා 8-10 ගීතිකා අංක 116
කථික ගුණාංගය: සිතියම්, මුද්‍රිත එක්රැස්වීම් වැඩසටහන් සහ වීඩියෝ පටි භාවිත කිරීම (be 248 පි. 4 ඡේ.–249 පි. 2 ඡේ.)
අංක 1: ශිෂ්‍ය කතා පැවරුමකට සූදානම් වීම (be 43 පි. 1 ඡේ.–44 පි. 3)
අංක 2: ක්‍රියා 8:1-17
අංක 3: යේසුස් ‘දුප්පතාව ගලවන්නේ’ කොහොමද? (ගීතා. 72:12)
අංක 4: මිනිස්සු අසනීප වන හේතුව (lr 23 පරි.)
ජූනි 30 බයිබල් කියවීම: ක්‍රියා 11-14 ගීතිකා අංක 79
කථික ගුණාංගය: වඩාත් විශාල පිරිසක් වෙනුවෙන් දෘශ්‍යාධාරක භාවිත කිරීම (be 249 පි. 3 ඡේ.–250 පි. 1 ඡේ.)
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
ජූලි 7 බයිබල් කියවීම: ක්‍රියා 15-17 ගීතිකා අංක 203
කථික ගුණාංගය: තර්කානුකූල වීම වැදගත් වන්නේ මන්ද (be 251 පි. 1-3 ඡේ.)
අංක 1: විෂයක් හා පසුබිමක් සකස් කරගන්නා ආකාරය (be 44 පි. 4 ඡේ.–46 පි. 2 ඡේ.)
අංක 2: ක්‍රියා 16:1-15
අංක 3: නොබියව යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා ඇති හේතු
අංක 4: කවදාවත් හොරෙක් වෙන්න එපා! (lr 24 පරි.)
ජූලි 14 බයිබල් කියවීම: ක්‍රියා 18-21 ගීතිකා අංක 32
කථික ගුණාංගය: පටන්ගන්නා අන්දම (be 252 පි. 1-4 ඡේ.)
අංක 1: සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම (be 47 පි. 1 ඡේ.– 49 පි. 1 ඡේ.)
අංක 2: ක්‍රියා 20:1-16
අංක 3: නරක දේවල් කරන අයට වෙනස් වෙන්න පුළුවන්ද? (lr 25 පරි.)
අංක 4: නික්මයාම 23:19ආ කොටසෙහි තහනම් කර ඇති දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
ජූලි 21 බයිබල් කියවීම: ක්‍රියා 22-25 ගීතිකා අංක 200
කථික ගුණාංගය: නම්‍යශීලී විය යුතු අවස්ථාව (be 252 පි. 5 ඡේ.– 253 පි. 2 ඡේ.)
අංක 1: සේවා රැස්වීමේ කොටස් හා වෙනත් කතා සූදානම් වීම (be 49 පි. 2 ඡේ.–51 පි. 2 ඡේ.)
අංක 2: ක්‍රියා 22:1-16
අංක 3: සාක්ෂිකරුවන් යොහන් 13:34, 35 ඉටු කරන්නේ කුමනාකාරවලින්ද?
අංක 4: හොඳ දේ කරන්න අමාරු ඇයි? (lr 26 පරි.)
ජූලි 28 බයිබල් කියවීම: ක්‍රියා 26-28 ගීතිකා අංක 29
කථික ගුණාංගය: ප්‍රශ්න ඇසීම හා හේතු දැක්වීම (be 253 පි. 3 ඡේ.–254 පි. 2 ඡේ.)
අංක 1: ක්‍රියා —ප්‍රයෝජනවත් වීමට හේතු(bsi08 15-17 පි. 32-40 ඡේ.)
අංක 2: ක්‍රියා 26:1-18
අංක 3: ඔයා අදහන දෙවි කවුද? (lr 27 පරි.)
අංක 4: යෙහෝවා දෙවි ඉවසීමට හේතුව
අගෝ. 4 බයිබල් කියවීම: රෝම 1-4 ගීතිකා අංක 170
කථික ගුණාංගය: දෙවිගේ වචනය මත ස්ථිරව පදනම් කරගත් තර්ක ඉදිරිපත් කිරීම (be 255 පි. 1 ඡේ.–256 පි. 2 ඡේ.)
අංක 1: රෝම පොතට හැඳින්වීම (bsi08 17-18 පි. 1-7 ඡේ.)
අංක 2: රෝම 3:1-20
අංක 3: දේවදූතයන් අපිට ශක්තිය හා ආරක්ෂාව සපයන අයුරු
අංක 4: කීකරු වෙන්නේ කාටදැයි දැනගන්නේ කොහොමද? (lr 28 පරි.)
අගෝ. 11 බයිබල් කියවීම: රෝම 5-8 ගීතිකා අංක 207
කථික ගුණාංගය: ඉදිරිපත් කරන තර්ක අමතර සාක්ෂිවලින් තහවුරු කිරීම (be 256 පි. 3-5 ඡේ.)
අංක 1: ප්‍රසිද්ධ කථා සූදානම් කිරීම (be 52 පි. 1 ඡේ.–54 පි. 1 ඡේ.)
අංක 2: රෝම 6:1-20
අංක 3: හැම සාදයකටම දෙවි කැමතිද? (lr 29 පරි.)
අංක 4: ධර්මිෂ්ඨකම අපට ආරක්ෂාවක් විය හැකි අන්දම
අගෝ. 18 බයිබල් කියවීම: රෝම 9-12 ගීතිකා අංක 152
කථික ගුණාංගය: ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීම (be 257 පි. 1-4 ඡේ.)
අංක 1: රෝම—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 18-19 පි. 20-5 ඡේ.)
අංක 2: රෝම 9:1-18
අංක 3: ඕපාදූපවලින් හා බොරු ආරංචි පැතිරවීමෙන් ඇති වන හානි මොනවාද?
අංක 4: අපිට දැනෙන භයෙන් ගොඩ ඒමට උපකාර (lr 30 පරි.)
අගෝ. 25 බයිබල් කියවීම: රෝම 13-16 ගීතිකා අංක 16
කථික ගුණාංගය: හදවතට ළඟාවීමට වෑයම් කිරීම (be 258 පි. 1 ඡේ.–259 පි. 1 ඡේ.)
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
සැප්. 1 බයිබල් කියවීම: 1 කොරින්ති 1-9 ගීතිකා අංක 199
කථික ගුණාංගය: පුද්ගලයෙකුගේ සිතේ තිබෙන අදහස් ඉවතට ගැනීම (be 259 පි. 2- 4 ඡේ.)
අංක 1: 1 කොරින්ති පොතට හැඳින්වීම (bsi08 20-21 පි. 1-7 ඡේ.)
අංක 2: 1 කොරින්ති 4:1-17
අංක 3: සහනය සොයාගත හැකි තැන (lr 31 පරි.)
අංක 4: ධනවත්ව සිටීම දෙවිගෙන් ආශීර්වාද ලැබී ඇති බවට සාක්ෂියක්ද?
සැප්. 8 බයිබල් කියවීම: 1 කොරින්ති 10-16 ගීතිකා අංක 35
කථික ගුණාංගය: ප්‍රයෝජනදායක හැඟීම් කැලතීම (be 259 පි. 5 ඡේ.–260 පි. 1 ඡේ.)
අංක 1: 1 කොරින්ති—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 21-22 පි. 23 -6 ඡේ.)
අංක 2: 1 කොරින්ති 13:1–14:6
අංක 3: වචනය පිළිපදින්නන් සතුටෙන් සිටින්නේ ඇයි?
අංක 4: යේසුස්ව ආරක්ෂා කළ සැටි (lr 32 පරි.)
සැප්. 15 බයිබල් කියවීම: 2 කොරින්ති 1-7 ගීතිකා අංක 58
කථික ගුණාංගය: දෙවි කෙරෙහි ගරුබිය වගා කරගැනීමට අන් අයට උපකාර කිරීම (be 260 පි. 2-3 ඡේ.)
අංක 1: 2 කොරින්ති පොතට හැඳින්වීම (bsi08 22 පි. 1-4 ඡේ.)
අංක 2: 2 කොරින්ති 1:1-14
අංක 3: අපිව ආරක්ෂා කරන්න යේසුස්ට පුළුවන් (lr 33 පරි.)
අංක 4: පීඩා විඳිද්දී සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රීති වන්නේ ඇයි?
සැප්. 22 බයිබල් කියවීම: 2 කොරින්ති 8-13 ගීතිකා අංක 12
කථික ගුණාංගය: අපගේ හැසිරීම යෙහෝවාට වැදගත් (be 260 පි. 4 ඡේ.–261 පි. 1 ඡේ.)
අංක 1: 2 කොරින්ති—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 22-23 පි. 18 -20 ඡේ.)
අංක 2: 2 කොරින්ති 9:1-15
අංක 3: සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවෙන්නේ ඇයි?
අංක 4: අපි මැරුණොත් මොනවාද වෙන්නේ ? (lr 34 පරි.)
සැප්. 29 බයිබල් කියවීම: ගලාති 1-6 ගීතිකා අංක 163
කථික ගුණාංගය: සෝදිසියක් කිරීමට අන් අයට උපකාර කිරීම (be 261 පි. 2-4 ඡේ.)
අංක 1: ගලාති පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 24-25 පි. 1-6 ඡේ., 14-18 ඡේ.)
අංක 2: ගලාති 1:1-17
අංක 3: අපිට මරණයෙන් නැඟිටින්න පුළුවන්! (lr 35 පරි.)
අංක 4: මිනිසුන්ට තිබෙන භයෙන් මිදෙන්න ප්‍රේමය උපකාර වන අයුරු
ඔක්. 6 බයිබල් කියවීම: එෆීස 1-6 ගීතිකා අංක 99
කථික ගුණාංගය: මුළු හදවතින්ම දෙවිට කීකරු වන්න (be 261 පි. 5 ඡේ.–262 පි. 3 ඡේ.)
අංක 1: එෆීස පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 26-27 පි. 1-8 ඡේ., 16-19 ඡේ.)
අංක 2: එෆීස 3:1-19
අංක 3: සමාව ඉල්ලීම දුර්වලකමක් නොවෙයි
අංක 4: නැවත නැඟිටුවන්නේ කාවද? ඔවුන් ජීවත් වෙන්නේ කොහේද? (lr 36 පරි.)
ඔක්. 13 බයිබල් කියවීම: ෆිලිප්පි 1–කොලොස්සි 4 ගීතිකා අංක 123
කථික ගුණාංගය: ජනයාගේ හදවත්වලට කතා කිරීමෙන් යෙහෝවාට සහයෝගය දැක්වීම (be 262 පි. 4 ඡේ.)
අංක 1: ෆිලිප්පි පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 28-29 පි. 1-7 ඡේ., 12-14 ඡේ.)
අංක 2: ෆිලිප්පි 3:1-16
අංක 3: යෙහෝවාව සහ ඔහුගේ පුතාව මතක තබාගැනීම (lr 37 පරි.)
අංක 4: a කොලොස්සි—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 30-31 පි. 12 -14 ඡේ.)
ඔක්. 20 බයිබල් කියවීම: 1 තෙසලෝනික 1– 2 තෙසලෝනික 3 ගීතිකා අංක 161
කථික ගුණාංගය: නියමිත වේලාව තුළ රැඳී සිටින අයුරු (be 263 පි. 1–264 පි. 4 ඡේ.)
අංක 1: 1 සහ 2 තෙසලෝනික පොත්වලට හැඳින්වීම හා ඒවා ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 3-6 පි. 1-5, 13-15, 1-4, 10-11, ඡේ.)
අංක 2: 1 තෙසලෝනික 1:1–2:8
අංක 3: අපි යේසුස්ට ප්‍රේම කරන්න ඕනෑ ඇයි? (lr 38 පරි.)
අංක 4: b 1 හා 2 තිමෝති—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 7 සහ 9 පි. 15-19, 10-12 ඡේ.)
ඔක්. 27 බයිබල් කියවීම: 1 තිමෝති 1–2 තිමෝති 4 ගීතිකා අංක 69
කථික ගුණාංගය: බලපෑමෙන් යුත් අවවාදානුශාසනා (be 265 පි. 1-3 ඡේ.)
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
නොවැ. 3 බයිබල් කියවීම: තීතස් 1–ෆිලෙමොන් ගීතිකා අංක 149
කථික ගුණාංගය: ප්‍රේමය නිසා අවවාදානුශාසනා දීම (be 266 පි. 1-4 ඡේ.)
අංක 1: තීතස් පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 10-11 පි. 1-4, 8-10 ඡේ.)
අංක 2: තීතස් 1:1-16
අංක 3: දෙවි තම පුතාව සිහි කරයි (lr 39 පරි.)
අංක 4: c ෆිලෙමොන්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 12-13 පි. 7 -10 ඡේ.)
නොවැ. 10 බයිබල් කියවීම: හෙබ්‍රෙව් 1-8 ගීතිකා අංක 144
කථික ගුණාංගය: බයිබලය ඇසුරෙන් අවවාදානුශාසනා දීම (be 267 පි. 1-2 ඡේ.)
අංක 1: හෙබ්‍රෙව් පොතට හැඳින්වීම (bsi08 13-15 පි. 1-9 ඡේ.)
අංක 2: හෙබ්‍රෙව් 3:1-19
අංක 3: දෙවිව සතුටු කරන විදිහ (lr 40 පරි.)
අංක 4: සැබෑ සහ බොරු නිහතමානිකමේ වෙනස
නොවැ. 17 බයිබල් කියවීම: හෙබ්‍රෙව් 9-13 ගීතිකා අංක 28
කථික ගුණාංගය: නිදහසේ කතා කිරීමට හැකියාව ඇතුව (be 267 පි. 3-4 ඡේ.)
අංක 1: හෙබ්‍රෙව්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 15-16 පි. 23-7 ඡේ.)
අංක 2: හෙබ්‍රෙව් 10:1-17
අංක 3: දෙවිව සතුටු කරන දරුවෝ (lr 41 පරි.)
අංක 4: සමාව දීමෙන් එක්සත්කම වඩවන අයුරු
නොවැ. 24 බයිබල් කියවීම: යාකොබ් 1-5 ගීතිකා අංක 88
කථික ගුණාංගය: දිරිගන්වනසුලු කෙනෙක් වීම වැදගත් වන්නේ මන්ද? (be 268 පි. 1-3 ඡේ.)
අංක 1: යාකොබ් පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 16-18 පි. 1-7, 15-17 ඡේ.)
අංක 2: යාකොබ් 1:1-21
අංක 3: අපි වැඩ කරන්න ඕනෑ ඇයි? (lr 42 පරි.)
අංක 4: “විනිශ්චය පරදවා දයාව ජය නාද කරන්නේ” කෙසේද? (යාකො. 2:13)
දෙසැ. 1 බයිබල් කියවීම: 1 පේතෘස් 1–2 පේතෘස් 3 ගීතිකා අංක 18
කථික ගුණාංගය: යෙහෝවා කර ඇති දේ සිහියට නංවන්න (be 268 පි. 4 ඡේ.–269 පි. 2 ඡේ.)
අංක 1: 1 පේතෘස් පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 19-20 පි. 1-5, 11-13 ඡේ.)
අංක 2: 1 පේතෘස් 2:1-17
අංක 3: අපේ සහෝදර සහෝදරියන් කවුද? (lr 43 පරි.)
අංක 4: d 2 පේතෘස්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 21-22 පි. 8 -10 ඡේ.)
දෙසැ. 8 බයිබල් කියවීම: 1 යොහන් 1–යූද් ගීතිකා අංක 50
කථික ගුණාංගය: දෙවි තම ජනයාට උපකාර කර ඇති අයුරු පෙන්වීම (be 269 පි. 3-5 ඡේ.)
අංක 1: 1, 2 සහ 3 යොහන් පොත්වලට හැඳින්වීම හා ඒවා ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 22-26 පි. 1-5, 11-13; 1-3, 5; 1-3, 5 ඡේ. )
අංක 2: 1 යොහන් 4:1-16
අංක 3: අපේ මිතුරන් දෙවිට ප්‍රේම කරන අය වෙන්න ඕනෑ (lr 44 පරි.)
අංක 4: e යූද්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 28 පි. 8-10 ඡේ.)
දෙසැ. 15 බයිබල් කියවීම: එළිදරව් 1-6 ගීතිකා අංක 219
කථික ගුණාංගය: දෙවි දැන් කරමින් සිටින දේ ගැන ප්‍රීති වන බව පෙන්වන්න (be 270 පි. 271–1 පි. 2 ඡේ.)
අංක 1: එළිදරව් පොතට හැඳින්වීම (bsi08 28-30 පි.1-6 ඡේ.)
අංක 2: එළිදරව් 3:1-13
අංක 3: දෙවිගේ රාජ්‍යය මොකක්ද?—අපිට එය ඕනෑ බව පෙන්වන සැටි (lr 45 පරි.)
අංක 4: ඉවසීමට හා දයාවට සීමාවන් තිබෙන්නේ ඇයි?
දෙසැ. 22 බයිබල් කියවීම: එළිදරව් 7-14 ගීතිකා අංක 21
කථික ගුණාංගය: දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීම (be 5 පි. 1–8 පි. 1 ඡේ.)
අංක 1: එළිදරව්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi08 30-31 පි. 28-34 ඡේ.)
අංක 2: එළිදරව් 8:1-13
අංක 3: ලෝකයක් වතුරෙන් විනාශ වෙයි—ආයෙත් සැරයක් ඒ වගේ වෙයිද? (lr 46 පරි.)
අංක 4: “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” යන ප්‍රකාශයේ අදහස මොකක්ද? (1 යොහන් 3:20)
දෙසැ. 29 බයිබල් කියවීම: එළිදරව් 15-22 ගීතිකා අංක 60
කථික ගුණාංගය: නිවැරදි කියවීම (be 83 පි. 1-5 ඡේ.)
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
[පාදසටහන්වල]
a සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
b සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
c සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
d සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.
e සහෝදරයන්ට පමණක් පවරන්න. සභා සේවකයන් හෝ වැඩිමහල්ලන් නම් වඩාත් සුදුසුයි.