දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2007 ඔක්තෝබර් 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2007 සැප්තැම්බර් 3 සිට ඔක්තෝබර් 29 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. නැවත කීම වැදගත් ඉගැන්වීමේ ක්‍රමයක් වන්නේ ඇයි? [be 206 පි. 1-2 ඡේ., කොටුව]
2. කතාවක තේමාව අවධාරණය කළ හැකි ක්‍රම මොනවාද? [be 210 පි., කොටුව]
3. කතාවක මූලික කරුණු මොනවාද? ඒවා තීරණය කිරීමට අපිට උපකාරවත් වන්නේ කුමක්ද? [be 212 පි. 1-3 ඡේ.]
4. ඕනෑවට වඩා මූලික කරුණු කතාවකට ඇතුළත් නොකළ යුත්තේ ඇයි? [be 213 පි. 2-4 ඡේ.]
5. අපි යොදාගන්න හැඳින්වීම මගින් උනන්දුව අවදි කිරීම වැදගත් වන්නේ ඇයි? මෙය කළ හැක්කේ කෙසේද? [be 215 පි. 1 ඡේ.; 216 පි. 1-3 ඡේ, කොටුව]
පැවරුම් අංක 1
6. දේවවචනය මත රඳා සිටින්න අපිට හැකි බව තේරුම්ගැනීමට ගීතාවලිය 119:89, 90හි සඳහන් වදන් උපකාරවත් වන්නේ කෙසේද? [w05 4/15, 15 පි. 3 ඡේ.]
7. එසකියෙල් පොතේ අවධාරණය කරන්නේ කුමක්ද? මේ කාලයේ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන අය අද්දකින්නේ කුමක්ද? [bsi07-SN 8 පි. 33 ඡේ.]
8. අපේ සිත ආරක්ෂා කිරීමට ‘යෙහෝවා දෙවිගේ වචනයට’ හැක්කේ කෙසේද? (ගීතා. 18:30) [w05 9/1, 30 පි. 2 ඡේ.]
9. දානියෙල් පොත පුරාම රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව අවධාරණය කර ඇත්තේ කෙසේද? [bsi07-SN 10 පි. 23 ඡේ.]
10. දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා ඇති අනාවැකි කෙරෙහි තිබෙන අපේ විශ්වාසය හොෂෙයා පොත මගින් තවත් ශක්තිමත් වන්නේ කෙසේද? [bsi07-SN 12 පි. 14 ඡේ.]
සතියේ බයිබල් කියවීම
11. එසකියෙල්ගේ දර්ශනයේ දේවමාලිගාව මැනීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අද අපිට එමගින් ලබා දෙන නිසැකකම කුමක්ද? (එස. 40:2-5) [w99 3/1, 9 පි. 6 ඡේ; 14 පි. 7 ඡේ.]
12. එසකියෙල්ගේ දර්ශනයේ අවසන් ඉටුවීමේදී “අධිපතියා” කියන්නේ කාටද? (එස. 48:21) [w99 3/1, 16 පි. 13-15 ඡේ.; 22-23 පි. 19-20 ඡේ.]
13. දානියෙල් 2:21හි පවසා තිබෙන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? [w98 9/15, 12 පි. 9 ඡේ.]
14. දානියෙල් දෙවි ඉදිරියෙහි ‘බොහෝ ප්‍රේමය ලැබූ තැනැත්තෙක්’ වීමට හේතු වුණේ කුමක්ද? (දානි. 9:23) [dp 185 පි. 12 ඡේ; w04 8/1, 12 පි. 17 ඡේ.]
15. ‘දෙවි ගැන දැනුමක් ඊශ්‍රායෙල් දේශයේ’ තිබුණේ නැහැ කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි එම වදන් සැලකිල්ලට ගත යුත්තේ ඇයි? (හොෂෙ. 4:1, 2, 6) [w05 11/15, 21 පි. 21 ඡේ.; jdE 57-58 පි. 5 ඡේ.; 61 පි. 10 ඡේ.]