ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/07 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • සැප්තැම්බර් 10න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 17න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 24න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 1න් පටන්ගන්නා සතිය
2007 අපගේ රාජ්‍ය සේවාව
km 9/07 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැප්තැම්බර් 10න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 225

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන අගෝස්තු පිබිදෙව්! හා සැප්තැම්බර් 1 මුරටැඹ සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. අවස්ථා දෙකේදීම එක සඟරාවක් පමණක් හඳුන්වා දුන්නත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි.

විනා. 15:ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් සභාව සමඟ කරන සාකච්ඡාවක්. වෙලාව තිබේ නම් සඳහන් කර ඇති බයිබල් පද කියවා සාකච්ඡා කරන්න.

විනා. 20: “යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න”a අන්‍යයන්ගේ හොඳ ආදර්ශයෙන් තමන් ප්‍රයෝජන ලැබූ අයුරු පැවසීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 130 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 17න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 60

විනා. 10: සභා නිවේදන.

විනා. 15: පසුගිය සේවා වසරේ අපේ සභාවේ සේවය ඇගයීම. සේවා අවේක්ෂක පසුගිය සේවා වසරේ සභාවේ වැඩ කටයුතු ගැන කතා කරයි. දේවසේවයේදී ඉටු කළ යහපත් දේවල් ගැන කතා කර, සභාවට ප්‍රශංසා කරන්න. අලුත් සේවා වසරේදී දියුණු කරගත යුතු පැති එකක් හෝ දෙකක් පෙන්වා දෙන්න. පුරෝගාමීන්ගේ සේවය ගැනද කතා කර, ඔවුන් කරන යහපත් සේවය ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න. අක්‍රියාශීලී අයට උපකාර කිරීමෙන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැන කතා කරන්න.

විනා. 20: එක්සත් සහෝදරත්වයක්. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 16වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්.—මෙහි අතිරේකය බලන්න.

ගීතිකා අංක 74 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 24න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 162

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ සභාවට ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න.

විනා. 15: “යේසුස්ව ආදර්ශයට ගනිමු” යන දිස්ත්‍රික් සමුළුවෙන් දේවසේවය සඳහා උපකාරවත් වේයයි ප්‍රචාරකයන්ට හැඟී ඇති කරුණු පිළිබඳව සබයෙන් විමසන්න. මෙම කොටස මෙහෙයවිය යුත්තේ සේවා අවේක්ෂක විසින්. දැනටමත් එම කරුණු සේවයේදී අදාළ කරගනිමින් සිටිනවාද නැතහොත් එසේ කිරීමට අදහස් කරනවාද කියා සබයෙන් අදහස් ගන්න.—මෙම 2007 ජූලි අපගේ රාජ්‍ය සේවාවේ 2වන පිටුවේ සලකන්න යන කොටස බලන්න.

විනා. 20: බයිබලය ගැන තවත් දැනගන්න යන පත්‍රිකාව ඔක්තෝබර් මාසයේදී බයිබල් පාඩම් පටන්ගැනීමට යොදාගන්න. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළ පසු නිවැසියා යම් උනන්දුවක් දක්වයි නම් බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව යොදාගනිමින් බයිබල් පාඩමක් ඇරඹිය හැකියි. කෙටියෙන් පත්‍රිකාව පිළිබඳ විස්තර කර අසාගෙන සිටින හැම කෙනාටම පත්‍රිකාව බැගින් දෙන්න. එම මොහොතේම හෝ පසුව පැමිණ එම පත්‍රිකාව සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් හෝ සලකා බැලිය හැකි බව නිවැසියාට පවසන්න. අටවන පිටුවේ ඇති යෝජනා යොදාගෙන සැප්තැම්බර් 15 මුරටැඹ සහ සැප්තැම්බර් පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන අයුරු නිරූපණය කරන්න. එක් නිරූපණයකදී සඟරා ප්‍රතික්ෂේප කළ පසු නිවැසියාට පත්‍රිකාවක් දෙන ආකාරය පෙන්වන්න. අනික් නිරූපණයේදී නිවැසියා සඟරා ලබාගත් පසු ඔහුට හෝ ඇයට පත්‍රිකාවක් දෙන ප්‍රචාරකයා එහි 5වන පිටුවේ කරුණු සාකච්ඡා කර 6වන පිටුවේ කූපනය පෙන්වා බයිබලයේ ඉගැන්වීම් පොතක් රැගෙන ආපසු පැමිණෙන්නද කියා විමසන ආකාරයත් නිරූපණය කරන්න.

ගීතිකා අංක 222 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 1න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 88

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. සැප්තැම්බර් මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.

විනා. 15: ශාඛා කාර්යාලයෙන් ලැබුණු ලිපිය. මෙම අපගේ රාජ්‍ය සේවාවේ ඉදිරි පිටුවේ සඳහන් ලිපිය පදනම් කරගෙන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. “යේසුස්ව ආදර්ශයට ගනිමු” දිස්ත්‍රික් සමුළුවේ ඇරයුම්පත් බෙදාහැරීමේදී ලබපු අද්දැකීම් ගැනත් සබයෙන් විමසන්න.

විනා. 20: “අපේ සේවය පුළුල් කළ හැකිද?”b සේවය පුළුල් කිරීමට වෑයම් කරන සහෝදර සහෝදරියන්ගෙන් අදහස් විමසා, ඉදිරියේදීත් තම දේවසේවය පුළුල් කිරීමට බලාපොරොත්තු වන අයුරු පැහැදිලි කරන්න කියා ඔවුන්ට පවසන්න. සබයේ සිටින්නන්ගේ අදහස් එකක් හෝ දෙකක් ගැනීමට කලින්ම සූදානම් කළ හැකියි.

ගීතිකා අංක 102 සහ අවසාන යාච්ඤාව.

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න