නිවේදන
◼ ජූනි: මැවුම්කරු පොත හෝ පවුලේ සන්තෝෂය පොත ඉදිරිපත් කළ හැකියි. ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් අවස්ථාවේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිවැසියන් ළඟ මෙම ප්‍රකාශනය තිබේ නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය ගැන තේරුම්ගැනීම සඳහා බයිබල් පාඩමක් කරන ආකාරය කෙටි වේලාවකින් පෙන්වන්න. ඔක්තෝබර්: මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන්න. උනන්දුවක් දක්වන්නේ නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව දී, බයිබල් පාඩමක් ඇරඹීමේ අදහස ඇතුව සංවාදයක යෙදෙන්න.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙක් මාර්තු, අප්‍රියෙල් හා මැයි මාස සඳහා සභා ගිණුම් විගණනය කළ යුතුයි. ඉන්පසු, සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.—Instructions for Congregation Accounting (S-27) බලන්න.
◼ පිරිසිදු කිරීම සඳහා වත්තල ශාඛා කාර්යාලය 2008 මැයි 9 සහ 10 යන දිනවල වසා තබනු ලබයි. ඒ දිනවල කාර්යාලයට අමුත්තන් පැමිණීම සඳහා හෝ සභාවලට පොත් පත් රැගෙන යෑම සඳහා සැලසුම් යොදන්නේ නැහැ.