දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2007 ජූනි 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2007 මැයි 7 සිට ජූනි 25 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න. ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. කතා කරන විට ඇති වන පීඩනය අඩු කරගෙන අපගේ කටහඬේ ගුණය වැඩි කරගැනීමට අපට කළ හැක්කේ කුමක්ද? [be 185 පි. 1-3 ඡේ.]
2. අපගේ සේවයේදී “සියලු ආකාරයේ පුද්ගලයන්ට . . . සියල්ල” වීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? (1 කොරි. 9:20-23) [be 186 පි. 2-4 ඡේ.]
3. අන් අයට සවන් දීම සම්බන්ධයෙන් අපිට යෙහෝවා දෙවිව අනුකරණය කළ හැක්කේ කෙසේද? (උත්. 18:23-33; 1 රාජා. 22:19-22) [be 187 පි. 1-2, 5 ඡේ.]
4. ප්‍රගතියක් ලබන්න අන් අයට උපකාර කළ හැකි ප්‍රායෝගික ක්‍රම මොනවාද? [be 187 පි. 6 ඡේ- 188 පි. 3 ඡේ.]
5. අන් අයට ගෞරවය දැක්වීම ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍ය ඇයි? [be 190 පි. 3 ඡේ. සහ කොටුව]
පැවරුම් අංක 1
6. අප උගන්වන අයගේ හදවතට ළඟාවීමට වෑයම් කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? [be 59 පි. 1 ඡේ.]
7. අපේ ආදර්ශය අප උගන්වන අයට බලපාන්නේ කොහොමද? [be 61 පි. 1 ඡේ.]
8. නිවසේදීම අපේ සංවාද හැකියාව දියුණු කරගත හැක්කේ කෙසේද? [be 62 පි. 3 ඡේ.]
9. අනාගතවක්තෘ යෙරෙමියා අපට සපයන්නේ මොන වගේ ආදර්ශයක්ද? [bsi07-SN 3 පි. 36 ඡේ.]
10. දෙවි දුෂ්ටකම විනාශ කරන්න යන ආකාරය විලාප ගී පොතේ සඳහන් කර තිබෙනවා. මෙය දැනගැනීමෙන් අපට ලැබෙන දිරිගැන්වීම හා අනතුරු ඇඟවීම කුමක්ද? [bsi07-SN 5 පි. 13 ඡේ.]
සතියේ බයිබල් කියවීම
11. යෙරෙමියා 37:21හි විස්තර කර තිබෙන යෙරෙමියාගේ අද්දැකීමෙන් අපට කුමන නිසැකකමක් ඇතුව සිටිය හැකිද?
12. යෙහෝවා දෙවි බාරුක්ට ‘කෙඳිරිගෑමෙන් වෙහෙස’ වන තරමට ‘ඔහුගේ වේදනාවට දුක එකතු කළා’ කියා බාරුක් පැවසුවේ ඇයි? ඔහු මේ ගැටලුවට දැක්වූ මුල් ප්‍රතිචාරය කුමක්ද? (යෙරෙ. 45:1-5)
13. බැබිලෝනිය “සහමුලින්ම පාළු” කර එහි කිසි වැසියෙක් නොසිටි තත්වයට පත් වුණේ කවදාද? (යෙරෙ. 50:13)
14. යාච්ඤාව පිළිබඳව විලාප ගී 3:8, 9, 42-45හි ඇති ප්‍රතිපත්තිය කුමක්ද?
15. එසකියෙල් පළමුවන පරිච්ඡේදයේ විස්තර කරන රථයෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද?