සේවා රැස්වීම් වැඩ සටහන
සැප්තැම්බර් 11න් පටන් ගන්නා සතිය
ගීතිකා අංක 20
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? යන වීඩියෝ පටය නැරඹීමට සෑම කෙනෙකුවම දිරිගන්වන්න. මෙය සැප්තැම්බර් 25න් පටන් ගන්නා සේවා රැස්වීමේදී ඇති සාකච්ඡාවට සූදානම් කිරීමකි. මෙහි 8 පිටුවේ සඳහන් යෝජනා හෝ වෙනත් යෝජනා යොදාගෙන, අගෝස්තු පිබිදෙව්! සහ සැප්තැම්බර් 1 මුරටැඹ කලාප බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, “මට මගේ ආගම තියෙනවා” යයි පවසන කෙනෙකුට පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: සේවා රැස්වීමෙන් සහ දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් ප්‍රයෝජන ගැනීම. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 64 පිටුවේ උප මාතෘකාවේ සිට 69 පිටුවේ උපමාතෘකාව දක්වා තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 15: ශාඛා කාර්යාලයෙන් ලැබුණු ලිපිය. අපගේ රාජ්‍ය සේවාවේ මේ කලාපයේ ඉදිරි පිටුවේ සඳහන් ලිපිය පදනම් කරගෙන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්.
ගීතිකා අංක 126 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 18න් පටන් ගන්නා සතිය
ගීතිකා අංක 213
විනා. 5: සභා නිවේදන.
විනා. 15: පසුගිය සේවා වසරේ අපේ සභාවේ සේවය ඇගයීම. සේවා අවේක්ෂක පසුගිය සේවා වසරේ සභාවේ වැඩ කටයුතු ගැන කතා කරයි. දේවසේවයේදී කළ යහපත් දේවල් ගැන කතා කර, සභාවට ප්‍රශංසා කරන්න. මේ වසරේදී දියුණු කර ගත යුතු පැති එකක් හෝ දෙකක් පෙන්වා දෙන්න. පුරෝගාමීන්ගේ සේවය ගැනද කතා කර, ඔවුන් කරන යහපත් සේවය ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න. අක්‍රියාශීලී අයට උපකාර කිරීමෙන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැන කතා කරන්න.
විනා. 25: “ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන විශේෂ ව්‍යාපෘතිය.” වැඩිමහල්ලෙකු විසින් උද්‍යෝගයෙන් කරන සාකච්ඡාවක්. වැඩිමහල්ලන් වෙත 2006 ජූනි 6 දිනය සහිතව එවන ලද ලිපියේ අඩංගු නිවේදනය කියෙව්වායින් පසුව, රාජ්‍ය ආරංචි අංක 37 පත්‍රිකාවේ එක් එක් පිටපත බැගින් බෙදාදෙන්න. ඉන් පසුව, ලිපියේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව කරගෙන යන්න. මුළු සභා බල ප්‍රදේශය ආවරණය කිරීම සඳහා සභාවෙන් යොදා ඇති සැලසුම් විස්තර කරන්න. මේ ව්‍යාපෘතියට හවුල් වෙන ලෙස සියල්ලන්ටම දිරිගන්වන්න. කෙටි ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න.
ගීතිකා අංක 50 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 25න් පටන් ගන්නා සතිය
ගීතිකා අංක 94
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. සැප්තැම්බර් සේවා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මෙහි 8 පිටුවේ සඳහන් යෝජනා හෝ වෙනත් යෝජනා යොදා ගෙන සැප්තැම්බර් 15 මුරටැඹ හෝ සැප්තැම්බර් පිබිදෙව්! කලාප වීදි සේවයේදී ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 25: “ගැඹුරින් සලකා බැලිය යුතු වීඩියෝ පටයක්.” a මෙහි1වන ඡේදය සලකා බැලීමෙන් පසුව, යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? යන වීඩියෝ පටය නැරඹූ අයගේ පෞද්ගලික අදහස් කෙටියෙන් විමසන්න. ඉන්පසුව, ඒ එක්කම 2-7 ඡේදවල ඉදිරිපත් කර ඇති එක් එක් ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අවසානයේදී, Young People Ask—What Will I Do With My Life? [යෞවන අය අසති—මගේ ජීවිතයේ ඉලක්ක මොනවාද?] යන DVD තැටිය පවුලක් හැටියට නරඹන ලෙස සියල්ලන්ට දිරිගන්වන්න.
විනා. 10: සභා අද්දැකීම්. පිබිදෙව්! විශේෂ කලාපය හෝ බයිබලයේ ඉගැන්වීම් පොත බෙදාදෙන විට ලබා ගත් අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට දිරිගන්වන්න. කැපී පෙනෙන අද්දැකීම් වේ නම් ඒවා යළිත් නිරූපණය කර පෙන්විය හැකියි.
ගීතිකා අංක 183 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 2න් පටන් ගන්නා සතිය
ගීතිකා අංක 36
විනා. 10: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය පුනරීක්ෂණය කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “ගෙයින් ගෙට සාක්ෂි දැරීම”b කාලය තිබේ නම්, සඳහන් කර ඇති බයිබල් පදවලින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 127 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.