නිවේදන
◼ අගෝස්තු මාසයේ බෙදා දෙන පොත් පත්: යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති පත්‍රිකාව (T-76). තිබේ නම් මෙම විවරණිකාද බෙදන්න: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!; ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සෝදිසියෙන් සිටින්න!, සියලු ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද?; සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් ආරම්භ කිරීමටත්, පොත් ලබාගත් සෑම කෙනෙක්වම නැවත ගොස් හමු වී පාඩමක් පටන්ගැනීමටත් සෑම උත්සාහයක්ම දරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදාහරින්න. උනන්දුවක් දක්වන අය සමඟ සෝදිසියෙන් සිටින්න! විවරණිකාව යොදාගෙන බයිබලය කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට බලන්න. [ඔක්තෝබර් මාසයේදී කලාතුරකින් වැඩ කරන ප්‍රදේශ ඇති අනෙක් සභාවලට උපකාර කිරීමට අවස්ථා සැලසෙයි.] නොවැම්බර්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත බෙදාහැරේ. තමාට දරුවන් නැතැයි ගෙවැසියා කියයි නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? පත්‍රිකාව හෝ වෙනත් සුදුසු පත්‍රිකාවක් දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. එය නැත්නම්, මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක යන පොත සභාවේ තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න.
◼ ඔබේ පොත් පත් නියමිත වේලාවට ලබාගැනීමට නම්, අපගේ රාජ්‍ය සේවාවේ මෙම පිටපත ලැබුණු විගසම පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) පුරවා එවන්න. ශාඛා කාර්යාලයට ලැබිය යුතු නියමිත දිනය දැනගැනීමට කරුණාකර 2006 පොත් පත් ඉල්ලුම් පෝරමයේ 1වන පිටුවේ අනෙක් පැත්ත බලන්න.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරන ලද කෙනෙක් සැප්තැම්බර් 1දාට හෝ ඉන්පසුව හැකි තරම් ඉක්මනින් සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. ශාලා නඩත්තුව හෝ ඉදි කිරීම සම්බන්ධයෙන් චෙක්පත්වලින් ගනුදෙනු කරන වෙනත් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම්, එයද විගණනය කළ යුතුයි. මෙම විගණනය(න්) සම්පූර්ණ කළ පසු ඊළඟ ගිණුම් වාර්තාව සමඟ ඒ බව සභාවට දැනුම් දිය යුතුයි.