දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2006 අගෝස්තු 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2006 ජූලි 3 සිට අගෝස්තු 28 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න. ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. ඉගැන්වීමේදී දෘෂ්ටි සම්බන්ධය ඉතා වැදගත් වන්නේ මන්ද? (මතෙ. 19:25, 26; ක්‍රියා 14:9, 10) [be 124 පි. 3 ඡේ.–125 පි. 3 ඡේ.]
2. ස්වාභාවික ගතිය වැදගත් ඇයි? ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට එම ගතිය විදහා පෑ හැක්කේ කෙසේද? [be 128 පි. 1-5 ඡේ., කොටුව]
3. අප පිරිසිදුව පිළිවෙළකට ඇඳ පැළඳ සිටීම වැදගත් වෙන්නේ ඇයි? [be 131 පි. 1-3 ඡේ.]
4. “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන්” සිටින බව අපේ ඇඳුම් පැළඳුම්වලින් හා පෞද්ගලික පෙනුම තුළින් අපට පෙන්විය හැක්කේ කෙසේද? (1 තිමෝ. 2:9) [be 131 පි. 4 ඡේ.–132 පි. 1 ඡේ.]
5. අප ලෝකයට ඇලුම් නොකරන බව අපගේ පෞද්ගලික පෙනුම මගින් පෙන්වීමේදී අප අදාළ කරගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද? [be 133 පි. 2-3 ඡේ.]
පැවරුම් අංක 1
6. කියවීමෙන් කෙනෙකුට ලැබෙන මහඟු ප්‍රයෝජනය කුමක්ද? [be 21 පි. 3 ඡේ.]
7. යමෙක් ඥානවන්තයෙක්ද මෝඩයෙක්ද කියා තීරණය වන්නේ කෙසේද? (හිතෝ. 14:2) [w04 11/15 26 පි. 5 ඡේ.]
8. ‘තේරුම් ඇත්තාට දැනුම ලබාගැනීම පහසු’ වන්නේ මන්ද? (හිතෝ. 14:16) [w04 11/15, 28 පි. 4-5 ඡේ.]
9. අධ්‍යයනය යනු කුමක්ද? [be 27 පි. 3 ඡේ.]
10. යෙහෝවා දෙවිගේ මැවීමේ ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීම අපව පොලඹවන්නේ කුමක් කරන්නද? [w04 11/15 8 පි. 4 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. ඉපැරණි කාලවලදී, ‘ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු’ මහත් සේනාවක් සිටින පරිදි යෙහෝවා ‘වචනය දුන්නේ’ කෙසේද? මෙය අදට අදාළ වන්නේ කෙසේද? (ගීතා. 68:11)
12. හරි දේ කිරීමෙන් වැළකී සිටීමට ආසප්ට පෙලඹීමක් ඇති වුණේ ඇයි? ඔහුගේ සිතිවිලි නිවැරදි කරනු ලැබුවේ කෙසේද? (ගීතා. 73:2, 3, 16, 17)
13. ඊශ්‍රායෙලිතයන්ට සැපයූ මන්නා ‘ස්වර්ගයේ ධාන්‍ය’ කියාත් “බලවතුන්ගේ කෑම” කියාත් හඳුන්වනු ලැබුවේ ඇයි? (ගීතා. 78:24, 25)
14. ‘මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානය’ යනු කුමක්ද? අපට එහි “වාසය” කළ හැක්කේ කෙසේද? (ගීතා. 91:1, 2)
15. යෙහෝවා දෙවිගේ ශුද්ධවන්තයන්ගේ, එනම් ඔහුට පක්ෂපාත අයගේ මරණය ඔහුගේ ඇස් හමුවේ වටින්නේ කිනම් අර්ථයෙන්ද? (ගීතා. 116:15)