නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
මේ ලෝකය අපට කියාපාන්නේ මෙම සමාජ ක්‍රමය සදහටම පවතින බවයි. නමුත් දේවවචනයේ අපට කියන්නේ එහි අනෙක් පැත්තයි. (1 යොහ. 2:15-17) පොළොවේ ධන සම්පත් රැස් කිරීම කොතරම් නිෂ්ඵල දෙයක්ද කියා එභි අපට හොඳ හැටි පෙන්වා දෙනවා. ඒ නිසා, දෙවිගේ සෙනඟව ශක්තිමත් කිරීම සඳහා 2007 සේවා වසරේ චාරිකා එක්රැස්වීම් වැඩසටහනේ තේමාව වනුයේ ‘ස්වර්ගයේ වස්තු රැස් කරගන්න’ යන්නයි.—මතෙ. 6:19, 20.
ධනය හා සැප සම්පත් ගැන කෙනෙකුට තිබෙන ආකල්පය, එෆීස 2:2හි සඳහන් ‘අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවය වන ආකාශයේ බලය’ සමඟ සම්බන්ධ කර තිබෙනවා. අප ආශ්වාස කරන වායුව සැම තැන පැතිර තිබෙනවා සේ, “ලෝකයේ ආත්මය” මේ සමාජයේ සැම තැන පැතිර තිබෙනවා. (1 කොරි. 2:12) එයට යම් ‘බලයක්’ තිබෙනවා කියා පවසන්නේ එය මිනිසුන් තුළ ප්‍රබල බලපෑමක් ඇති කරන නිසයි. මේ ලෝකයේ බොහෝදෙනා තුළ තිබෙන සැප සම්පත් පසුපස හඹා යෑමේ ආකල්පයට එරෙහි වී වැදගත් දේවල් මුල් තැනට තැබීමට මෙම නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන අපට උපකාරවත් වෙයි. (මතෙ. 6.33) මීට අමතරව, අපේ දේවසේවයට කොතරම් බාධක, පීඩා තිබුණත් යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටිමින් එය දිගටම කරගෙන යෑමට මෙම එක්රැස්වීම උපකාරවත් වේවි.
මේ වැඩසටහනේ දවස් දෙකටම පැමිණීමටත්, ‘සාමාන්යට වඩා වැඩි අවධානයක් දීමටත්’ අවශ්‍යයි. (හෙබ්‍රෙ. 2:1) ඔබගේ ජීවිතයට සහ ඔබේ දේවසේවයට පෞද්ගලිකව අදාළ කරගත හැකි කාරණා ගැන කෙටි සටහන් ගන්න. මේ එක්රැස්වීම් වැඩසටහනේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔබ එයට සහභාගි වෙනවා නම්, නොකඩවා ‘ස්වර්ගයේ වස්තු රැස් කිරීමට’ ඔබට දිරිගැන්වීමක්ද ශක්තියක්ද ලැබෙනවා ඇත.