සේවා රැස්වීම් වැඩසටහන
ජූනි 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 218
විනා. 10: සභා නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන මැයි පිබිදෙව්! කලාපය සහ ජූනි 1 මුරටැඹ කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, අවිධිමත් ලෙස සඟරා ඉදිරිපත් කරන ආකාරය පෙන්වන්න.
විනා. 20: “අපගේ දේවසේවයේදී දයානුකම්පාව පෙන්වමු.”a කාලය තිබේ නම්, සඳහන් කර ඇති බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කෙරෙහි විශ්වාසය තබන්න. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 3වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සාකච්ඡාවක්.
ගීතිකා අංක 47 සහ අවසාන යාච්ඤාව.
ජූනි 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 21
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 20: “අවස්ථාවට සුදුසු වචනය කොතරම් වටින්නේද!” වර්ෂ 2006 ජනවාරි 1 මුරටැඹ කලාපයේ පිටු 16-19 මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. කතාව ආරම්භයේදී, “හොඳ ප්‍රතිඵල” යන උපමාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කර අනුන්ට ප්‍රශංසා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන හතර හුවා දක්වන්න. ඉන්පසු, පහත සඳහන් ප්‍රශ්නවලට යම් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. වැඩියෙන්ම ප්‍රශංසාව ලබන්න වටින්නේ කවුද? අපගේ සහෝදර සහෝදරියන් සුදුසු ලෙස ප්‍රශංසාව ලැබීමට වටින්නේ ඇයි? සභාවේදී වෙනත් අයට ප්‍රශංසා කිරීමට අපට උදා වන ප්‍රස්තා මොනවාද? පවුලේ අයට ප්‍රශංසා කළ යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද? වෙන කෙනෙක් ඔබට ප්‍රශංසා කළ අවස්ථාවකදී එය ඔබට ශක්තියක් වූයේ කෙසේද?
විනා. 15: “හොඳ දේට ප්‍රශංසා කරන්න.” යම් ප්‍රචාරකයෙක් ගෙවැසියෙකුට හොඳින් සවන් දෙන ආකාරයත්, අවංකව ප්‍රශංසා කරන අන්දමත් සුදුසු බයිබල් පදයක් යොදාගනිමින් ගෙවැසියා කී දේට අනුව සාකච්ඡාව ගොඩනංවන ආකාරයත් පෙන්වන කෙටි නිරූපණයක් ඉදිරිපත් කරන්න.
ගීතිකා අංක 96 සහ අවසාන යාච්ඤාව.
ජූනි 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63
විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබූ සම්මාදම් ගැන සඳහන් කරන්න. මෙහි 8වන පිටුවේ සඳහන් හෝ වෙනත් ගැළපෙන යෝජනාවක් යොදාගෙන, ජූනි 15 මුරටැඹ හා ජූනි පිබිදෙව්! කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් එක් නිරූපණයේදී, ඊළඟ බැහැදැකීමේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පිළිතුරු දීමට හැකි වන ලෙසින් ප්‍රචාරකයා විසින් ප්‍රශ්නයක් තබා එන ආකාරය පෙන්වන්න.
විනා. 15: අවශ්‍යතාව වැඩියෙන් ඇති ප්‍රදේශයක සේවය කිරීම. අපගේ දේවසේවය පොතේ 112වන පිටුවේ 2වන ඡේදයේ සහ 113වන පිටුවේ 1වන ඡේදය මත පදනම් කතාවක්. තොරතුරු සභාවට අදාළ කරන්න. මේ ඔක්තෝබර් මාසයේදී කලාතුරකින් වැඩ කරන ප්‍රදේශයක සේවයට යෑමට බලාපොරොත්තු වන එක් කෙනෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. මෙය කරන්නේ වෙනත් සභාවන්ද හවුල් කරගෙනයි. වැඩිමහල්ලන්ගේ නිර්දේශය මත ඇතැම් අයට සභාවේ බලප්‍රදේශය තුළ හෝ වෙනත් ප්‍රදේශයක අවශ්‍යතාවට අනුව ගොස් සේවය කිරීමටත් පුළුවන්.
විනා. 15: ජූලි මාසයේදී ශුභාරංචිය ඉදිරිපත් කිරීම. ඔබේ ප්‍රදේශයේ ජනයාගේ වැඩි අවධානය ඇදගන්නේ කිනම් විෂයන්ද? බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කළාවූද සමහරවිට බයිබල් පාඩමක් පටන් ගත්තාවූද ප්‍රචාරකයන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. ඉන්පසුව ඔබේ ප්‍රදේශයට වඩාත් ගැළපෙන යෝජනා යොදාගෙන ගෙයින් ගෙට සේවය තුළ එම පොත ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.—2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8 පි. 5 ඡේ. බලන්න.
ගීතිකා අංක 208 සහ අවසාන යාච්ඤාව.
ජූලි 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 111
විනා. 10: සභා නිවේදන. ජූනි මාසය සඳහා සේවා වාර්තාව තවමත් දී නැති ප්‍රචාරකයන් සිටී නම්, ඒ ගැන මතක් කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්නා අන්දම.” සභාවේ යෞවනයන්ව අමතා ඔවුන්ගේ ක්‍රිස්තියානි ඉලක්ක මොනවාද කියාත් ඒවා අත් කරගැනීමට කරමින් සිටින්නේ කුමක්ද කියාත් අසන්න. අදහසක් හෝ දෙකක් කලින් සූදානම් කරගැනීමටද හැකියි.
ගීතිකා අංක 30 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.