හොඳ දේට ප්‍රශංසා කරන්න
1 කෙනෙකුට අවංකව ප්‍රශංසා කරන විට, ඔහු ඒ ගැන හොඳ හැඟීමක් ඇති කරගෙන යමක් කිරීමට පෙලඹෙනවා වගේම ඔහු තුළ සතුටක්ද ඇති කරනවා. බොහෝ ප්‍රචාරකයන් අද්දැක තිබෙන දෙයක් නම්, වචන ස්වල්පයකින් කෙනෙකුට අවංකව ප්‍රශංසා කළොත් ඔහු අප ගෙන යන ශුභාරංචියට හොඳින් සවන් දෙන බවයි. එසේනම් දේවසේවයේදී අපටත් මෙය කරන්න පුළුවන්ද? එය කරන්නේ කෙසේද?
2 හොඳින් නිරීක්ෂණය කරන්න: යේසුස් ස්වර්ගයට ගිය පසුත් කුඩා ආසියාවේ සභාවල හොඳ පැති ගැන සැලකිල්ල යොමු කළා. (එළි. 2:2, 3, 13, 19; 3:8) ඒ හා සමානව, අපට හමු වන අයගේද හොඳ පැති දැක ඒවා ගැන ප්‍රශංසා කිරීමට අපටත් හැකියි. උදාහරණයකට, ලස්සන පිරිසිදු ගෙවත්තක් දුටුවොත්, දෙමාපියෙක් තම දරුවාට ආදරය ස්නේහය දක්වනවා දැක්කොත්, කෙනෙක් අපට සුහද සිනහවකින් සංග්‍රහ කර අපව පිළිගන්නා විට, අපට හැකියි ඒ ගැන ඒ අයට ප්‍රශංසා කරන්න. එසේනම්, ඔබට හැකිද මේ දේවල් ගැන හොඳින් නිරීක්ෂණය කර, එසේ කරන්න?
3 හොඳින් සවන් දෙන්න: වෙන අයට දේශනා කරද්දී සුදුසු ප්‍රශ්න අසා ඒවාට පිළිතුරු දීමට ඔහුට ඉඩදෙන්න. ඔවුන් කියන දේට හොඳින් සවන් දෙන්න. ඒක අප ඔවුන්ට කරන ගෞරවයක්. (රෝම 12:10) එවිට, ඔවුන් කියන යම් දෙයක් ගැන ඔවුන්ට ප්‍රශංසා කර, එකඟ විය හැකි දෙයක් ගැන කතා කරන්නට ඔබට හැකි වේවි.
4 පුද්ගලයාව හොඳින් තේරුම්ගන්න: බයිබල් සත්‍යයන්වලට පටහැනි දෙයක් කීවොත් කුමක් කරමුද? කී දේ වැරදි දෙයක් වුවත්, ඒ ගැන වාද නොකර, ඔහු ඒ ගැන යමක් කී නිසා එය අගය කරන්න. “ඇත්තටම මට තේරෙනවා ඔයා ඒ ගැන හුඟාක් හිතලා තියෙනවා කියලා” යනුවෙන් පැවසීමට ඔබට පුළුවන්. (කොලො. 4:6) යම් පුද්ගලයෙක් අප සමඟ ඒ ගැන වාද කළත්, ඔහු මේ විෂය ගැන දක්වන සැලකිල්ල අපට අගය කළ හැකියි. මෙසේ ක්‍රියා කිරීමෙන් ශුභාරංචියට තදින් විරුද්ධ වෙන කෙනෙකුව වුවත් දිනාගැනීම අපහසු නැහැ.—හිතෝ. 25:15.
5 අප කරන ප්‍රශංසාව අවංක වීමත් ඉතා වැදගත්. එය යෙහෝවාට ගෞරවය ගෙනෙනවා වගේම වෙනත් අයවත් රාජ්‍යය පණිවුඩයට ආකර්ෂණය කරනවාට කිසිම සැකයක් නැහැ.