සේවා රැස්වීම් වැඩසටහන
මැයි 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 2
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ වෙනත් ක්‍රම යොදාගෙන, අප්‍රියෙල් පිබිදෙව්! සහ මැයි 1 මුරටැඹ කලාප ඉදිරිපත් කරන ආකාරය ප්‍රචාරකයෙකු ලවා නිරූපණය කරන්න. මේ එක් ඉදිරිපත් කිරීමකදී, සඟරා මාර්ගයක් ඔස්සේ සඟරා ලබාගන්න මුත්, මැයි 1 මුරටැඹ කලාපය ලබාගැනීමට නොහැකි වූ කෙනෙකුට අප්‍රියෙල් පිබිදෙව්! කලාපයත් මැයි 1 සහ මැයි 15 කලාපත් බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. සඟරා තුනක් ඉදිරිපත් කරන විට, විස්තර කළ යුත්තේ එකක් පමණයි. මාසිකව සඟරා ලබාගන්නා අයට මසකට වරක් හෝ දෙවරක් ගොස් සඟරා දීමට ප්‍රචාරකයන්ට හැකියි.
විනා. 20: “දිගටම මා අනුව ඒවා!”a තම ජීවිතය සරල කරගැනීමටත් දේවරාජ්‍යය පිළිබඳ කාරණාවල වැඩියෙන් නියැලීමට හා අනුන්ට සේවය කිරීමට තමන්ගේම වැඩකටයුතු සීමා කරගත් ආදර්ශවත් ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. ඔහු හෝ ඇය එසේ කිරීම නිසා ලබාගත් ආශීර්වාද ගැන කාවද්දන්න.
විනා. 15: සභා අද්දැකීම්. මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී තමන් අද්දුටු ආශීර්වාද ගැන කතා කිරීමට සබයට ආරාධනා කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමේදී හා නවකයන්ට සිහි කිරීමට ආරාධනා කිරීමේදී තමන් සාර්ථක ප්‍රතිඵල අද්දුටු ආකාරය ගැන හුවා දක්වන්න. කැපීපෙනෙන අද්දැකීමක් හෝ දෙකක් යළිත් නිරූපණය කර පෙන්විය හැකියි.
කා අංක 91 සහ අවසාන යාච්ඤාව.
මැයි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 9
විනා. 10: සභා නිවේදන. මැයි 29න් පටන්ගන්නා සේවා රැස්වීමට සූදානමක් වශයෙන් නෝවා දෙවි සමඟ ගමන් කළා යන වීඩියෝ පටිය නැරඹීමට සියල්ලන්වම දිරිගන්වන්න.
විනා. 10: ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ එකට එක්සත්ව වැඩ කිරීම. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම (සිංහලෙන් නැත) පොතේ 13-15 දක්වා පිටු මත පදනම් “ක්‍රිස්තුස්ට හිමි කාර්යය වටහාගන්න” යන තේමාව යටතේ කතාවක්. මෙහි 6වන පිටුව බලන්න.
විනා, 25: “එක්රැස්වීම් ශාලාව සහ රාජ්‍ය ශාලා නඩත්තුව—පරිශුද්ධ සේවයේ වැදගත් අංගයක්.”b මෙහි 2වන ඡේදය සාකච්ඡා කරන විට, එක්රැස්වීම් ශාලාවේ තාවකාලික ස්වේච්ඡා සේවය සඳහා අයැදුම් පත (Application for Temporary Volunteer at the Assembly Hall) පෙන්වා, කැමති අයට අයැදුම් පත් ලබාගත හැකි බව කියන්න. එක්රැස්වීම් ශාලාව හෝ රාජ්‍ය ශාලා සෑදීමට හවුල් වූ කිහිපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
ගීතිකා අංක 133 සහ අවසාන යාච්ඤාව.
මැයි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 86
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබූ සම්මාදම් ගැන සඳහන් කරන්න. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන වෙනත් ක්‍රම යොදාගනිමින් මැයි 15 මුරටැඹ හෝ මැයි පිබිදෙව්! කලාප බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. නිරූපණය කළ යුත්තේ පවුලක් ඒවා බෙදා දීමට සූදානම් වන අන්දම පෙන්වන ආකාරයයි.
විනා. 15: “කරුණාවන්ත, ආචාරශීලී පුද්ගලයෙක් වන්න”c මෙහි 3වන ඡේදය සාකච්ඡා කරන විට, අප ප්‍රසිද්ධ ස්ථානවල සාක්ෂි දැරීමේදී ඥානවන්තව සුපරීක්ෂාකාරීව ක්‍රියා කළ යුතු ආකාර ගැන පෙන්වා දෙන්න.
විනා. 18: සුදුසු පෙනුමෙන් සැරසී සිටීම. දිව්‍යාණ්ඩු සේවා පාසැල් පොතේ 131-133 දක්වා පිටු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. අපගේ ඇඳුම් සහ පෙනුමට සම්බන්ධ ප්‍රතිපත්ති පහක් ගැන සලකා බලන්න. සභා රැස්වීම්වලට සහභාගි වන විට සුදුසු ලෙස ඇඳ පැළඳ සිටිය යුත්තේ කෙසේද කියා අපේ බයිබල් ශිෂ්‍යයන්ට තේරුම් කර දීමට මෙම තොරතුරු යොදාගත හැකි බව සඳහන් කරන්න.
ගීතිකා අංක 215 සහ අවසාන යාච්ඤාව.
මැයි 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 42
විනා. 10: සභා නිවේදන. මැයි මාසයේ සේවා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 10: ජූනි මාසයේදී උතුම් ගුරුවරයා පොත ඉදිරිපත් කරන්න. වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 3-4 පිටුවල යෝජනා හෝ වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීමක් යොදාගෙන උතුම් ගුරුවරයා පොත බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. ක්ෂේත්‍රයේදී හෝ තමන්ගේම දරුවන් සමඟ මෙම පොතේ තොරතුරු පාඩම් කිරීමෙන් තමන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැන කතා කිරීමට, කාලය තිබේ නම් සබයට ආරාධනා කරන්න.
විනා. 25: “බාල මහලු හැමෝටම ආදර්ශයක්.” විනාඩියකට අඩු කාලයකින් හැඳින්වීම කර, නෝවා වීඩියෝ පටියේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්න. දෙවෙනි ඡේදයේ සඳහන් සියලුම ප්‍රශ්න යොදාගන්න. මෙම වීඩියෝ පටිය නැරඹීමෙන් තමන් ලද ප්‍රයෝජන ගැන කීමට පවුල්වලට ආරාධනා කරන්න. ඉන්පසුව තුන්වෙනි ඡේදයේ සඳහන් ප්‍රශ්න සහ බයිබල් පද සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 9 සහ අවසාන යාච්ඤාව.
ජූනි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 176
විනා. 10: සභා නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: නැවත බැලීම් කිරීමේදී සාර්ථක විය හැකි අයුරු. වර්ෂ 2003 නොවැම්බර් 15 මුරටැඹෙහි 16වන පිටුවේ කොටුව මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. යෝජනා හතම සලකා බලමින් මේ එක් එක් යෝජනා බලප්‍රදේශයට අදාළ වන අන්දම ගැන සබයෙන් අදහස් විමසන්න. පොත් පත් ලබාගන්නාවූ හෝ උනන්දුව පළ කරන සියල්ලන් සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව නැවත බැලීම් කිරීමට සබයට දිරිගන්වන්න. වර්ෂ 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ සඳහන් යෝජනාවක් යොදාගෙන, නැවත බැලීමකදී බයිබල් පාඩමක් පටන්ගැනීමට කැමතිදැයි අසන ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 57 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.