කරුණාවන්ත, ආචාරශීලී පුද්ගලයෙක් වන්න
1 ‘යෙහෝවා මහත් කරුණාවෙන් යුක්තය.’ (ගීතා. 145:8) යෙහෝවා මුළු විශ්වයටම අධිපති වුවත්, ඔහු ඉතා කාරුණිකයි. අනුන් ගැන ඉතා සැලකිලිමත්. ඒ වගේම පව්කාර මිනිසුන් සමඟ කටයුතු කරද්දී ආචාරශීලීයි. (උත්. 13:14, 19:18-21, 29) අපිත් අපේ කාරුණික දෙවිව අනුකරණය කරමින් ශුභාරංචිය ඉදිරිපත් කරමු. (කොලො. 4:6) කෙනෙකුට ගෞරවනීයව කතා කරනවාට වැඩි යමක් මින් අදහස් කරනවා.
2 ගෙයින් ගෙට: අප නිවසකට යන විට ඒ නිවසේ සිටින අය වැඩ බහුලව සිටී නම්, නැත්නම් අපි යන වේලාව ගෙහිමියාට එතරම් සුදුසු වේලාවක් නොවේ නම් අප කුමක් කළ යුතුද? හොඳම දේ කෙටියෙන් කතා කිරීම හෝ වෙනත් වේලාවක එන්නද කියා ඇසීමයි. නිවැසියන් අපේ පොත් පත් ලබාගන්න අකමැති නම් ඒ සඳහා ඔවුන්ට බල කිරීම සුදුසු නැහැ. ඒ වගේම අපි ඔවුන් සතු දේවල් ගැන සැලකිලිමත් වීමත් අවශ්‍යයි. උදාහරණයකට, නිවසක ගේට්ටුවකින් ඇතුල් වන විට හෝ පිට වන විට එය වැසීමටත්, එසේම කිරීමට අපේ දරුවන්ව දැනුවත් කිරීමටත් අපි අමතක කරන්න හොඳ නැහැ. අප යම් නිවසකට යන විට, එහි කවුරුත් නැත්නම්, එවන් අවස්ථාවක සඟරා පොත් පත් තබා ඒම සුදුසුයි කියා අපට සිතෙනවා නම්, ඒවා තබා ආ යුත්තේ එම නිවස ළඟින් යන එන අයට නොපෙනෙන අයුරිනුයි. අන් අය අපට කරනවාට කැමති දේම අපිත් අන් අයට කළ යුතු බව බයිබලයේ අපට පවසයි. එසේ ක්‍රියා කිරීමට ආචාරශීලී වීම අවශ්‍යයි.—ලූක් 6:31.
3 වීදි සේවයේදී: වීදි සේවයේ යෙදෙන විට පදික වේදිකාව අවහිර වෙන විදිහට ඉන්න එපා. කඩ සාප්පු ඉදිරිපිට රැස් වී සිටින්න එපා. මේ ආකාරයෙන්ද ආචාරශීලී බව දැක්විය හැකියි. එක් එක් පුද්ගලයාගේ තත්වය වෙනස්. ඒ නිසා එය සැලකිල්ලට ගෙන අපි කතා කළ යුත්තේ කඩිමුඩියේ අපව පසු කරගෙන යන අයට වඩා විනාඩි කිහිපයක් අපට සවන් දිය හැකි අයටයි. සමහර වෙලාවට, වාහනවල ශබ්දය නිසා අපට ශබ්ද නඟා කතා කරන්න සිදු වෙයි. නමුත් අපි එසේ කළ යුත්තේ අපට අනවශ්‍ය අවධානයක් ඇදගන්නේ නැතිව, ගෞරවනීය විලාසයකිනුයි.—මතෙ. 12:19.
4 දුරකථනයෙන් සාක්ෂි දරන විට: අවට ශබ්ද හෝ බාධා නැති තැනක සිට දුරකථනයෙන් කතා කරද්දීද අප පෙන්වන්නේ අනුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන බවයි. දුරකථනයෙන් කතා කරද්දී අපි කවුද කියාත් කතා කිරීමට හේතුව කුමක්ද කියාත් ඉක්මනින් කීම හොඳයි. අපේ පණිවුඩය ගැන අප පවසන විට, රිසීවරය අතට ගෙන ප්‍රසන්න ස්වරයකින් කතා කිරීම වඩාත් සුදුසුයි. (1 කොරි. 14:8, 9) කාරුණික වීමෙන්, සැලකිලිමත් වීමෙන් සහ විවිධ පැතිවලින් ආචාරශීලීබව දැක්වීමෙන්, අපට අපේ කාරුණික දෙවි වන යෙහෝවාව අනුකරණය කළ හැකියි.