ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/06 8 පි.
  • පහන් මෙන් බැබළෙන යෞවනයෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පහන් මෙන් බැබළෙන යෞවනයෝ
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ‘ප්‍රදීපක ලෙස බැබළෙමු’
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ඔබේ ආලෝකය බබළවන්න’
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔබේ ආලෝකය විහිදුවන්න’
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 1/06 8 පි.

පහන් මෙන් බැබළෙන යෞවනයෝ

1. ක්‍රිස්තියානීන් කැපීපෙනෙන බව බයිබලයේ අඟවන්නේ කෙසේද? මෙය වර්තමාන ක්‍රිස්තියානි යෞවනයන්ට ගැළපෙන්නේ කොහොමද?

1 යේසුස් සිය ගෝලයන්ට මෙසේ කීවා. “ඔබ ලෝකයේ ආලෝකය.” (මතෙ. 5:14, 16) කන්දක් උඩ තිබෙන හිරු එළියෙන් බැබළෙන නුවරක් මෙන් ඔවුන්ද කැපීපෙනෙනවා. අද ක්‍රිස්තියානි යෞවනයන් බොහෝදෙනෙක් තම අවංක හැසිරීමෙන් සහ උද්‍යෝගයෙන් සාක්ෂිදැරීමෙන් ‘ලෝකයේ බැබළෙන පහන් වී’ සිටිනවා.—ෆිලි. 2:15; මලා. 3:18.

2. ඔබට පාසැලේ ගුරුවරුන්ට හා ළමුන්ට සාක්ෂි දැරීමට හැකි සමහරක් ක්‍රම මොනවාද?

2 පාසැලේදී: ඔබට පාසැලේදී සාක්ෂි දරන්න පුළුවන් කොහොමද? මත්ද්‍රව්‍ය, පරිණාමවාදය සහ ස්වාභාවික විපත් වැනි විෂයන් ගැන සාකච්ඡා කෙරෙන විට, ඇතැම් යෞවනයන් සාක්ෂි දැරීමට ඒ ප්‍රස්තා ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. එක් සහෝදරියක්, ත්‍රස්තවාදය ගැන රචනාවක් ලියමින් දෙවිගේ රාජ්‍යය මිනිස් වර්ගයාගේ එකම බලාපොරොත්තුව හැටියට විස්තර කළා. ගුරුවරිය මෙම කදිම විස්තරාත්මක ලිපිය ගැන පැහැදුණු නිසා තවදුරටත් සාක්ෂි දැරීමට එම සහෝදරියට හැකිකම ලැබුණා.

3. පාසැලේ ඔබේ හැසිරීමෙන් ආදර්ශයක් දීමට ඔබට හැක්කේ කෙසේද?

3 බැබළෙන පහන් මෙන් විය හැකි තවත් ක්‍රමයක් නම් විනීත ඇඳුම් පැළඳුම් සහ හැසිරීමයි. (1 කොරි. 4:9, 1 තිමෝ. 2:9) ඔබ වෙනස් ලෙස හැසිරෙන කෙනෙක් බව ගුරුවරුන් සහ ශිෂ්‍යයන් දුටු විට, ඔබේ කදිම හැසිරීම නිසා ඔවුන් සත්‍යයට ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ මගින් ඔවුන්හට බයිබල් සත්‍යතා ගැන සාක්ෂියක් දෙන්නට ඔබට හැකියි. (1 පේතෘ. 2:12; 3:1, 2) දේවභක්තික හැසිරීමක් දැක්වීම ලෙහෙසි නොවන්නට පුළුවන්. නමුත් යෙහෝවා ඔබට බොහෝසෙයින් ආශීර්වාද කරනවා නියතයි. (1 පේතෘ. 3:16, 17; 4:14) ශුභාරංචිය කෙරෙහි අනුන්ගේ අවධානය ඇදගැනීම පිණිස කෑම පැයේදී බයිබල් පොත් පත් කියවීමටත් අනුන්ට පෙනෙන තැනක ඒවා තැබීමත් පුරුද්දක් කරගන්න.

4. පාසැලේදී සාක්ෂි දැරීමෙන් ලැබෙන ඇතැම් ප්‍රයෝජන මොනවාද?

4 පාසැලේදී ඔබ බැබළෙන පහනක් වීමෙන් ඔබේ ඇදහිල්ල ශක්තිමත් වනවා වගේම යෙහෝවාට සේවය කිරීම ගැන ඔබට මහත් සේ ආඩම්බර විය හැකියි. (යෙරෙ. 9:24) ඒ වගේම එය ආරක්ෂාවක්ද වෙනවා. එක් සහෝදරියක් මෙසේ කීවා. “මගේ විශ්වාසයන් ගැන කතා කිරීමේ එක ප්‍රයෝජනයක් තමයි, පාසැලේ ළමුන් මට බයිබලයට පටහැනි කිසිම දෙයක් කිරීමට බල කරන්නේ නැති එක.”

5. (අ) ඇතැම් යෞවනයන් තම සේවය පුළුල් කරගනිමින් සිටින්නේ කෙසේද? (ආ) ඔබේ ඉලක්ක මොනවාද?

5 සේවය පුළුල් කරගන්න: යෞවනයන් බොහෝදෙනෙකුට බැබළෙන පහන් විය හැකි තවත් ක්‍රමයක් නම් තම දේවසේවය පුළුල් කිරීමයි. එක් සහෝදරයෙක් උසස් පෙළ හැදෑරුවායින් පසුව, දේශනා කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන පළාතක පදිංචියට ගියා. ඔහු සේවය කළේ එක් වැඩිමහල්ලෙකු පමණක් සිටි කුඩා සභාවකයි. ඔහු පසුව මිතුරෙකුට මෙසේ ලීවා. “දැන් මම මගේ ජීවිතය පුළුවන් තරම් හොඳින් ගත කරනවා. මෙහේ දේවසේවය කිරීම හරිම ප්‍රබෝධජනකයි. අපිට එක ගෙදරකදී විනාඩි 20ක් විතර කතා කරන්න පුළුවන්. ඒ තරම්ම මිනිස්සු සවන් දෙන්න ආසයි.” තවත් ඔහු මෙසේද ලීවා. “හැම යෞවනයෙක්ම මේ වගේ කරනවා නම්, මම ලබන තෘප්තියම ඔවුනුත් ලබනවා නම්, කොයි තරම් දෙයක්ද කියලා මට හිතනවා. අපේ උපරිමයෙන් යෙහෝවාට සේවය කරනවාට වඩා වටින වෙන කිසිවක් නැහැ. යෞවනයන් මේ ටික දැනගෙන හිටියා නම්!”

6. ඔබේ සභාවේ යෞවනයන් ගැන ඔබට ආඩම්බර විය හැක්කේ ඇයි?

6 යෞවනයෙනි, ලෝකයේ බැබළෙන පහන් මෙන් වූ ඔබ ගැන අප කොතරම් ආඩම්බර වෙනවාද! (1 තෙස. 2:20) ඔබ යෙහෝවා දෙවිට ඔබේ මුළු සිතින්ද, මනසින්ද මුළු ශක්තියෙන්ද සේවය කරනවා නම්, ඔබ ‘මේ කාල පරිච්ඡේදයේදී සිය ගුණයකින් හා මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයද ලබන්නේය.’—මාක් 10:29, 30; 12:30.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න