ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/01 1 පි.
  • ‘ඔබේ ආලෝකය බබළවන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබේ ආලෝකය බබළවන්න’
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ‘ඔබේ ආලෝකය විහිදුවන්න’
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අඳුර මකාලන දිව්‍ය ආලෝකය
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝකයේ ආලෝකය අනුගමනය කරන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 1/01 1 පි.

‘ඔබේ ආලෝකය බබළවන්න’

1 අප ජීවත් වන ලෝකය සදාචාරාත්මකව හා ආත්මිකව අඳුරුසහගත තත්වයක පවතී. සත්‍යයේ ආලෝකය මගින් අන්ධකාරයේ “ඵලනැති ක්‍රියා” හෙළි කරන නිසා අනතුරුදායක එම ක්‍රියාවලින් අපට වැළකී සිටිය හැකියි. මෙය සැලකිල්ලට ගනිමින් ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ව මෙසේ උනන්දු කළා. “ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.”—එපී. 5:8, 11.

2 “ආලෝකයේ ඵල” අන්ධකාර ලෝකයේ ඵලවලට වඩා හාත්පසින්ම වෙනස්. (එපී. 5:9) ආලෝකයේ ඵල නිපදවීමට නම් ක්‍රිස්තියානීන් හැටියට අපි යේසුස් අනුමත කරන ආකාරයේ ආදර්ශවත් ජීවිතයක් ගත කිරීම අවශ්‍යයි. මුළු හදින්ම දේවල් කිරීම, අවංක වීම, සත්‍යය සඳහා ජ්වලිතය වැනි ගුණාංගද අපි විදහාපෙන්විය යුතුයි. අපේ එදිනෙදා ජීවිතයේදී මෙන්ම අපි දේවසේවයේ හවුල් වන විටද එම ගුණාංග අන් අයට දකින්න සැලැස්වීමෙන් අප ආලෝකයක් මෙන් බැබළිය යුතුයි.

3 සෑම අවස්ථාවකදීම ආලෝකය බබළවන්න: ‘ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න’ කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවා. (මතෙ. 5:16) යේසුස්ව අනුකරණය කරමින් දෙවිගේ රාජ්‍යය ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මිනිසුන් සමඟ කතා කිරීමෙන් අපි යෙහෝවාගෙන් නික්මෙන ආලෝකය විහිදුවනවා. අපි නිවෙස්වලට ගොස් හමු වන මිනිසුන් සමඟ හෝ, රැකියා කරන ස්ථානයේදී, පාසැලේදී හා අපේ අසල්වැසියන් සමඟ හෝ වෙනත් ඕනෑම තැනක සිටින මිනිසුන් සමඟ සත්‍යය බෙදාගැනීමෙන් අපි ප්‍රදීපයන් මෙන් බැබළෙන්නෙමු.—පිලි. 2:15, NW.

4 සමහරුන් ආලෝකයට වෛර කරන බව යේසුස් පැවසුවා. (යොහන් 3:20) මේ නිසා, “[ක්‍රිස්තුස්ගේ] තේජසේ ශුභාරංචි ආලෝකය” තමන් තුළ බැබළීමට බොහෝදෙනෙක් ඉඩ නොහරින විට අප අධෛර්යයට පත් වන්නේ නැහැ. (2 කොරි. 4:4) යෙහෝවාට මිනිසුන්ගේ හදවත්වල තිබෙන දේවල් දැනගත හැකි අතර, අධර්මිෂ්ඨකම් කරන කිසිම කෙනෙක් ඔහුගේ සෙනඟ අතර සිටිනවා දකින්න ඔහු කොහොමටවත් කැමති නැහැ.

5 අපි යෙහෝවා පෙන්වා තිබෙන මාර්ගයේ ගමන් කරමින් ආත්මික ආලෝකයේ හැසිරෙන විට අන් අයටද එම ආලෝකයෙන් ප්‍රයෝජන ගැනීමේ අවස්ථාව ලැබෙයි. “ජීවනයේ ආලෝකය” අප සතුව තිබෙන බව අපේ හැසිරීමෙන් මිනිසුන් දකින විට, ඔවුන්ද අප වගේ ආලෝකය දරන්නන් වීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට පෙලඹිය හැකියි.—යොහන් 8:12.

6 අපේ ආලෝකය බැබළීමට සැලැස්වීමෙන් අපේ මැවුම්කරුව අපි ගෞරවයට පත් කරන්නෙමු. ඒ වගේම ඔහුව දැනගැනීමට හා සදාකාල ජීවනයේ බලාපොරොත්තුව අත් කරගැනීමට අවංක හදවත් ඇති අයට අපි උපකාර කරන්නෙමු. (1 පේතෘ. 2:12) අපිට සත්‍යයේ ආලෝකය ලැබී තිබෙන නිසා, ආත්මික අන්ධකාරයෙන් පිටතට ඇවිත් ආලෝකයේ ඵල දැරීමට අන් අයට උපකාර කරමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න