‘ප්‍රදීපක ලෙස බැබළෙමු’
1 වර්තමාන සමාජ ක්රමයේ පවතින ආත්මික හා සදාචාරාත්මක අන්ධකාරය මැද වෙසෙමින් සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන දශලක්ෂ හයක් පමණදෙනා ලොව පුරා රටවල් 234ක “ප්‍රදීපක ලෙස බැබළෙමින්” සිටිති. (පිලි. 2:15, NW) මේ නිසා අපව අන් අයගේ අවධානයට විගස ලක් වෙයි. යෙහෝවාගෙන් පැමිණෙන සත්‍යයේ අනර්ඝ ආලෝකය පිළිඹිබු කිරීමට අපට හැක්කේ කෙසේද?—2 කොරි. 3:18, NW.
2 අපේ ක්‍රියා: මිනිස්සු අපේ හැසිරීම ක්ෂණිකව දකිති. (1 පේතෘ. 2:12) එක් ස්ත්‍රියක් ඇය රැකියාව කරන ස්ථානයේ වැඩ කරන සාක්ෂිකරුවෙක් කරුණාවන්ත මෙන්ම අන් අයට උපකාර කිරීමට නිතර සූදානමින් සිටින කෙනෙක් බව දුටුවාය. මේ සාක්ෂිකරුවා අසභ්‍ය වචන පාවිච්චි කළේ නැති බවත් අනිත් අය නරක විහිළු කරමින් සිනහ වෙද්දී ඔහු ඒවාට සිනාසුණේ නැති බවත් ඇයගේ අවධානයට ලක් විය. අනිත් අය අසභ්‍ය වචන පාවිච්චි කරමින් ඔහුව නරකට පොලඹවාගන්න උත්සාහ කළ අවස්ථාවලදී ඔහු කලබල නොවුණත් හරි දෙය සඳහා ඔහු ස්ථිරව සිටියේය. මොහුගේ මේ හැසිරීම ඒ ස්ත්‍රිය කෙරෙහි ඇති කළ බලපෑම කුමක්ද? ඇය මෙසේ පවසයි. “එයාගේ හැසිරීම මගේ සිතට කොච්චර කාවැදුණාද කියනවා නම් බයිබලය ගැන ප්‍රශ්න අහන්න මං පටන්ගත්තා. ඊට පස්සේ, මම දේවවචනය පාඩම් කරන්න පටන්ගෙන පස්සේ කාලෙක බව්තීස්ම වුණා.” ඇය තවදුරටත් මෙසේද පවසයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන මා තුළ පැහැදීමක් ඇති වුණේ ඔහුගේ හැසිරීම නිසයි.”
3 බයිබලයේ සඳහන් උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වන සෙනඟක් ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැපීපෙනෙන සෙනඟක් වීමට හේතු වන දේවල් අතරට අධිකාරිය පිළිබඳව දක්වන ආකල්පය, ලෝකයේ පුරුදු අප සලකන ආකාරය හා අපගේ හිතකර මෙන්ම ප්‍රසන්න කතා බහද ඇතුළත් වේ. එවැනි යහපත් ක්‍රියා මගින් යෙහෝවාට ගෞරවය ගෙන දිය හැකි අතර තවත් අය ඔහුගේ නමස්කාරයට ඇදී ඒමටද පුළුවනි.
4 අපේ වචන: අපේ යහපත් හැසිරීම දකින අයට අපේ විශ්වාසයන් ගැන අප පැවසුවේ නැත්නම් අපි වෙනස් වීමට හේතු ඔවුන්ට දැනගන්න නොලැබී යා හැකියි. ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බව ඔබ රැකියාව කරන ස්ථානයේ සිටින අය හෝ ඔබේ පාසැලේ සිටින අය දන්නවාද? ඔවුන් සමඟ සාමාන්‍යයෙන් කතා බහ කරන අවස්ථාවලදී සාක්ෂි දැරීම සඳහා ඔබ ප්‍රස්තා උදා කරගන්නවාද? සුදුසු සෑම අවස්ථාවකදීම “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න” ඔබ අදිටන් කරගෙන සිටිනවාද?—මතෙ. 5:14-16, NW.
5 ප්‍රදීපක හැටියට ආලෝකය බැබළවීමට අපට ලැබී තිබෙන ආඥාව ඉටු කිරීම සඳහා ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් තිබීම අවශ්‍යයි. එතරම් වැදගත් නැති දේවල් අත්හැර දමමින් දේශනා කිරීම හා ගෝලයන් සෑදීම නමැති ජීවිත ගලවාගැනීමේ කාර්යයෙහි අපට හැකි උපරිමයෙන් හවුල් වීමට අප පෙලඹෙන්නේ එම කාර්යයෙහි මුළු හදින්ම නිරත වීම සඳහා අප තුළ තිබෙන ආශාව නිසයි.—2 කොරි. 12:15.
6 ප්‍රදීපක හැටියට සත්‍යයේ ආලෝකය අපේ ක්‍රියාවලින් හා වචනවලින් බැබළෙන්න සලස්වමු. අපි මෙසේ කරනවා නම් යෙහෝවාව මහිමයට පත් කිරීමෙහි ලා අපත් සමඟ එක්වීමට අන් අයද පෙලඹීමට ඉඩ තිබේ.