ඔබේ දරුවා හරි තීරණයක් ගනීවිද?
1. රුධිරය භාවිතය සම්බන්ධයෙන් සාක්ෂිකාර යෞවනයන් ගෙන ඇති ස්ථාවරය කුමක්ද? උදාහරණයක් දෙන්න.
1 කුමක් ගැනද? රුධිර ප්‍රවේශනය ගැනයි. වර්ෂ 1991 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ “යෙහෝවා විසින් උගන්වා ඇති ආකාරයට හැසිරෙන්න” යන ලිපියේ සඳහන් අද්දැකීම්වලින් පෙන්වා දෙන පරිදි, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ට හරි තීරණයක් ගත හැකි වුණා. රුධිරය පිළිබඳ දෙවිගේ නීතියට කීකරු වීම තමන්ටත් තම දෙමාපියන්ටත් ඉතා වැදගත් බව ඔවුන් ඔප්පු කළා. ඔබේ දරුවන්ටත් කවදා හෝ එවන් තීරණයක් ගැනීමට සිදු වෙයිද?
2. එක්තරා උසාවියක්, රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කළ යෞවනියක් සම්බන්ධව දුන් තීන්දුව කුමක්ද? ක්‍රිස්තියානි දෙමාපියන්ට සහ ඔවුන්ගේ බාල දරුවන්ට මෙයින් උගත හැක්කේ කුමක්ද?
2 උසාවියේ නීතිය කුමක්ද? එක්සත් ජනපදයේ, ඉලිනොයිස් ප්‍රාන්තයේ ඉහළ උසාවියෙන් රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කිරීමට නව යොවුන් වියේ පසු වූ එක්තරා යෞවනියකට ඇති අයිතිය තහවුරු කර තිබෙනවා. දාහත් හැවිරිදි මෙම යෞවන සහෝදරිය සම්බන්ධ නඩුවක් විභාග කරමින් එම උසාවිය මෙසේ තීන්දු කළා. “වැඩිහිටියෙකු ලෙසට තමන් ගන්නා ක්‍රියාමාර්ගවල ඵලවිපාක ගැන හොඳ අවබෝධයක් මෙම යෞවනියට තිබෙන බව සාක්ෂිවලට අනුව පැහැදිලිවම ඔප්පු වෙනවා නම්, යම් ප්‍රතිකාරයක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට වැඩිහිටියෙකුට නීතියෙන් ඇති අයිතිය ඇයටත් තිබෙනවා.” මේ අනුව, ළමයෙකු රුධිරය ප්‍රතික්ෂේප කිරීම හොඳින් හිතා මතා ගන්නා තීරණයක්දැයි කියා බැලීම පිණිස වෛද්‍යවරු හෝ වෙනත් නිලධාරීන් ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රශ්න කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා තමාගේ සෞඛ්‍ය තත්වයේ බැරෑරුම්කම ගැන වටහාගනිමින්, තමා තෝරාගන්නා ප්‍රතිකාර ක්රමයේ ඵලවිපාක ගැන යෞවනයෙකු විසින් පැහැදිලිව වටහාගත යුතුයි. එමෙන්ම රුධිරය පිළිබඳව දෙවිගේ නීතිය ගැන තමා දරන විශ්වාසය පැහැදිලිව නොසැලෙන ලෙස ප්‍රකාශ කිරීමට ඔහුට හැකියාව තිබිය යුතුයි.
3. දෙමාපියන් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද? ඒ මන්ද?
3 ඔබේ දරුවා කුමක් කියාවිද? ඔබේ දරුවන්ට රුධිරය පිළිබඳ තම ස්ථාවරය ගැන කතා කරන්නට පුළුවන්ද? ‘ලෙයින් වැළකී සිටීමට’ දෙවි දී ඇති නියෝගය ඔවුන් මුළු හදින්ම විශ්වාස කරනවාද? (ක්‍රියා 15:29; 21:25) බයිබලයෙන් තම විශ්වාසයන් විස්තර කරන්නට ඔවුන්ට පුළුවන්ද? ඔවුන්ගේ දෙමාපියන් නැති වේලාවක, ජීවිතය අනතුරේ තිබේය කියා වෛද්‍යවරුන් කියන විට පවා රුධිරය පිළිබඳ තම දැඩි ස්ථාවරය ගැන නිර්භීතව කතා කරන්නට දරුවන්ට හැකිකම තිබෙනවාද? “විපත්ති සහ බලාපොරොත්තු නොවූ සිදුවීම්වලට” මුහුණ දීමට සිදු වන නිසා ඕනෑම තත්වයකදී තම ඇදහිල්ල අඛණ්ඩව පවත්වාගැනීමට ඔබේ දරුවන්ව සූදානම් කිරීමට ඔබට කුමක් කළ හැකිද?—දේශ. 9:11; එෆී. 6:4.
4, 5. (අ) දෙමාපියන්ට තිබෙන වගකීම කුමක්ද? ඔවුන්ට මෙය ඉෂ්ට කළ හැක්කේ කෙසේද? (ආ) දෙමාපියන්ට උපකාර ලබාගත හැක්කේ කිනම් ප්‍රකාශනවලින්ද?
4 දෙමාපියෙනි, ඔබට කුමක් කළ හැකිද? රුධිරය පිළිබඳ දෙවිගේ ප්‍රමිතිය ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමේ වගකීම තිබෙන්නේ ඔබටයි. (2 තිමෝ. 3:14, 15) මේ ගැන 1992 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ “රුධිරයේ වැරදි භාවිතයෙන් ඔබගේ දරුවන්ව ආරක්ෂා කරගැනීම” යන අතිරේකයේ පැහැදිලි විස්තරයක් දී තිබෙනවා. මෙම අතිරේකය ඔබේ දරුවන් සමඟ හොඳින් සාකච්ඡා කරන්න. තමන් විශ්වාස කරන දේ සහ ඒවාට හේතු පැහැදිලි කිරීමට හැකි වන පරිද්දෙන් දරුවන්ට නිවසේදී හොඳ පුහුණුවක් ලබා දෙන්න. (1 පේතෘ. 3:15) රුධිරය පිළිබඳ ස්ථාවරය ගැන අපව දැනුවත් කරන තවත් ප්රකාශනයක් නම්, ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? යන විවරණිකාවයි. 2004 ජූනි 15 මුරටැඹ කලාපයේ 14-24 පිටුද බලන්න. මීට අමතරව, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොතේ 128-33 පිටුවල ජීවිතය දෙස දෙවි බලන ආකාරය පැහැදිලි කරනවා. දෙවිගේ නීතිවල ඇති සාධාරණත්වය තේරුම්ගෙන සිටීමෙනුත්, රුධිරය වෙනුවට ලබාගත හැකි වෙනත් විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන අවබෝධයෙන් සිටීමෙනුත් යෞවනයෙකුට රුධිරය භාවිත කිරීම ගැන හරි තීරණයක් ගත හැකියි.
5 රුධිරය සම්බන්ධයෙන් “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත” ගැන හොඳ අවබෝධයක් හා අගය කිරීමක් ඔබගේ දරුවා තුළ ඇති කරන්න. එවිට හරි තීරණයක් ගැනීමෙන් යෙහෝවාගේ ආශීර්වාද ඔවුන්ට භුක්ති විඳින්න ලැබේවි.—රෝම 12:2.