දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2005 දෙසැම්බර් 26න් පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2005 නොවැම්බර් 7 සිට දෙසැම්බර් 26 දක්වාවූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. අප දෙන අවවාදානුශාසනා “ප්‍රේමය නිසා” දිය යුතු වන්නේ මන්ද? (ෆිලෙ. 9) [2, be 266 පි.] අප කියන දේවල් දේවවචනය මත පදනම් විය යුතු අතර, අනුන් කෙරෙහි ඇති අවංක සැලකිල්ල නිසා ඒවා අපේ හදවත්වලින් නික්මිය යුතුයි. අප ප්‍රේමණීය ලෙස අනුන්ගේ සිත් නොරිදවන අන්දමින් කතා කළ යුතුයි. මන්ද එවිට අපට සවන් දෙන අයගේ සිත් විවෘත වී ඔවුහු ක්‍රියාවට පෙලඹෙති. අපේ සහෝදරයන් දේවසේවයේදී ඔවුන් කරන දේ ගැන අපි අවංකවම ඔවුන්ට ප්‍රශංසා කරනවා නම්, තමන්ව අගය කරනු ලබන බවක් ඔවුන්ට දැනේ. මේ නිසාම ඔවුන් අපගේ වචන අසා ඒ අනුව ක්‍රියා කිරීමට පෙලඹේ. (1 තෙස. 1:2-8; 2 තෙස. 1:3-5)
2. “සුවදායී ඉගැන්වීමෙන් උනන්දු කිරීමට” අපට හැක්කේ කිනම් මාර්ගවලින්ද? (තීත. 1:9) [3, be 267 පි. 1-2 ඡේ.] අප කියන දේවල් අපේම හෝ වෙනත් අයගේ මතවලට අනුව නොව දේවවචනය මත පදනම් විය යුතුයි. බයිබල් උපදෙස් පිළිපැදීමෙන් ඇති වන ප්‍රයෝජනද ඒවා නොසලකාහැරීමෙන් ඇති වන අනිසි ඵල විපාක ගැනද පෙන්වා දෙන්න. බයිබලයේ පවසා ඇති දේ ගැන පැහැදිලිව පෙන්වා දී යමක් කිරීමට ඇති බයිබල් පදනම හා එය පිළිපදින ආකාරයද පෙන්වා දිය යුතුයි.
3. අප අනුන්ව දිරිගැන්වෙන ආකාරයෙන් කතා කිරීම වැදගත් වන්නේ ඇයි? එය කළ හැක්කේ කෙසේද? [5, be 268 පි. 1-3 ඡේ., කොටුව] බාහිර සමාජයෙන් එල්ල වෙන පීඩන නිසා බොහෝදෙනෙක් අධෛර්යයට පත් වෙති. ඒ නිසා ඔවුන්ට සභාව තුළ යම් රැකවරණයක් සහ දිරිගැන්වීමක් ලබාගැනීමට හැකි විය යුතුයි. (යෙසා. 32:2) මේ නිසා, අප කතා කළ යුත්තේ අන් අයව ශක්තිමත් වන සහ ප්‍රබෝධමත් වන ආකාරයකටයි. අපේ ඉලක්කය විය යුත්තේ ඔවුන්ව ගොඩනංවා යෙහෝවා දෙන සෑම දෙයකින්ම බලාපොරොත්තුවක් සහ ශක්තියක් ඔවුන් ලබාගන්නවා දැකීමයි. (යෝබ් 16:5; රෝම 15:13)
4. මෝසෙස් කළාක් මෙන්, යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් කර ඇති දේවල් ගැන නැවත මතක් කර දෙමින් අනුන්ව දිරිගැන්වීමට අපට හැක්කේ කෙසේද? (ද්වි. 3:28; 31:1-8) [6, be 268 පි. 5 ඡේ.-269 පි. 2 ඡේ.] මෝසෙස් කළාක් මෙන්, අපත් අපේ සහෝදරයන්ට යෙහෝවා විසින් කර තිබෙන දේවල් ගැන මතක් කරනවා නම් ඔවුන්ට මහත් ශක්තියක් ලබාගත හැකියි. එමෙන්ම යෙහෝවාගේ පොරොන්දු විශ්වාස කළ හැකි ඒවා බවද ඔවුන්ට මතක් කර දිය හැකියි. (යෝෂු. 23:14) යෙහෝවා අපව නිතරම බලාගන්නා බව හුවාදක්වන බයිබලයේ සඳහන් යම් අද්දැකීම් විස්තර කරන විටද අපි කරන්නේ ඔවුන්ව ධෛර්යවත් කිරීමයි. (ක්‍රියා 4:1-5:42)
5. යෙහෝවා දැන් කරමින් සිටින දේවල් ගැනත් අනාගතයේදී කරන්නට නියමිත දේවල් ගැනත් අප ප්‍රීතියෙන් කතා කිරීම අවශ්‍ය වන්නේ මන්ද? [8, be 270-271 පි.] යෙහෝවා අපට ලබා දෙමින් තිබෙන පෝෂණය ගැනත් අපගේ සහෝදරත්වයට ආශීර්වාද කර තිබීම ගැනත් ප්‍රීතියෙන් කතා කරන විට එය සබයේ සිටින අයට මහත් දිරිගැන්වීමක් වෙයි. අනාගතයේදී යෙහෝවා ඉෂ්ට කරන පොරොන්දු ගැන අප මුළු හදවතින්ම කතා කරන විට හෝ යාච්ඤා කරන විට එම පොරොන්දු සැබෑ බවටත් ඒවා අනිවාර්යයෙන්ම ඉටු වන බවටත් සබය තුළ විශාල නිසැකකමක් ඇති වෙයි.
පැවරුම් අංක 1
6. සෙප්ටූඅජින්ට් යනු කුමක්ද? එය ක්‍රිස්තියානීන්ගේ උනන්දුවට ලක් විය යුත්තේ ඇයි? [1, bsi05-SN 15 පි. 12-14 ඡේ.] “සෙප්ටූඅජින්ට්” යනු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල පළමු වරට කරන ලද ග්‍රීක භාෂාවේ පරිවර්තනයයි. මෙය නිම කරන ලද්දේ ක්‍රි.පූ. දෙවන සියවස තුළදීයි. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවලට හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටාගැනීම් සිය ගණනක් කර ඇත්තේ “සෙප්ටූඅජින්ට්” පරිවර්තනය මාර්ගයෙනුයි. මීට අමතරව, මුල් ක්‍රිස්තියානි යුගවලට අයත් “සෙප්ටූඅජින්ට්” පරිවර්තනයේ යම් ඛණ්ඩවල දෙවිගේ නාමය සඳහන් වී තිබේ.
7. මැසොරෙට්වරු යනු කවරහුද? බයිබලය පරිවර්තනය කිරීමට ඔවුන්ගෙන් ලැබුණු විශේෂ දායකත්වය කුමක්ද? [2, bsi05-SN 18 පි. 18 ඡේ.; 19 පි. 20-21 ඡේ.] මැසොරෙට්වරු වනාහි යේසුස් විසූ කාලයෙන් පසුව හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ඉතා පරෙස්සමෙන් පිටපත් කළ පිරිසකි. මීට පෙර පිටපත්කරුවන් විසින් කරන ලද වෙනස්කම් ඔවුහු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල කෙළවර තීරුවල සටහන් කළෝය. මීට කළින් හෙබ්‍රෙව් වචන ලියා තිබුණේ ප්රාණාක්ෂර නැතිවයි. ක්‍රිස්තු වර්ෂ පන්සිය සහ දහස අතර කාලය තුළ මැසොරෙට්වරුන් විසින් එම හෙබ්‍රෙව් වචන කියවීමට හා උච්චාරණය කිරීමට ලිඛිත ක්‍රමයක් සම්පාදනය කරනු ලැබුවේය. හෙබ්‍රෙව් බයිබල් පිටපත් බොහොමයක් සම්පාදනය කරනු ලැබුවේ මෙම මැසොරෙට්වරුන්ගේ පිටපත අනුසාරයෙනි. “නව ලොව පරිවර්තනයෙහි” පාදසටහන්වල මෙම මැසොරෙට්වරුන්ගේ පිටපතට යොමු දැක්වීම් රාශියක් කර තිබේ.
8. ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති නව ලොව පරිවර්තනයේ හෙබ්‍රෙව් කොටස සම්පාදනය කිරීමට ප්‍රධාන පිටපත ලෙස යොදාගත්තේ කුමක්ද? මෙම පරිවර්තනය නිවැරදි හා විශ්වාසදායක පරිවර්තනයක් බව කිව හැක්කේ මන්ද? [3, bsi05-SN 22 පි. 28, 30 ඡේ.] රූඩොල්ෆ් කිටෙල්ගේ “බිබ්ලියා හෙබ්‍රෙයිකා” හෙවත් හෙබ්‍රෙව් බයිබලයයි. “බිබ්ලියා හෙබ්‍රෙයිකා ෂ්ටුට්ගාටෙන්සියා” යන නව මුද්‍රණය, පසුව 1984දී නිකුත් වූ “නව ලොව පරිවර්තනයේ ” පාදසටහන්වල තොරතුරු සංශෝධනය කිරීම සඳහා යොදාගන්නා ලදි. තවද පාදසටහන්වලින්ද, “සෙප්ටූඅජින්ට්” මෙන්ම සුප්‍රකට වෙනත් පිටපත්වලින්ද පෙන්වන්නාක් මෙන් “නව ලොව පරිවර්තනය” ඉතා සුපරික්ෂාකාරීව කරන ලද විශ්වාසවන්ත පරිවර්තනයකි.
9. මුල් ක්‍රිස්තියානීන් දේවවචනය ප්‍රචාරය කිරීමට මහත් උනන්දුවක් පෙන්වූයේ කෙසේද? [4, bsi05-SN 23 පි. 1 ඡේ.-24 පි. 5 ඡේ.] ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ පටන් ක්‍රිස්තියානීහු ක්‍රියා 1:8හි සඳහන් යේසුස්ගේ අණ ක්‍රියාත්මක කළහ. ඔවුහු ක්‍රිස්තියානි ඉගැන්වීම් එවකට දැන සිටි ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැගෙන ගියහ. (කොලො. 1:23) ඇතැම් අයට “යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය” ලේඛනගත කිරීමට බලය ලැබුණු අතර, තවත් අය ඒවා පිටපත් කළහ. (මාක් 1:1; මතෙ. 1:1) අද පවතින පොත්වලට සමාන වූද, පෙරලා බැලීමටද, බෙදා දීමටද හැකි වූද කොඩෙක්ස් හෙවත් බඳින ලද පිටපත් මුල් ක්‍රිස්තියානීන් විසින් භාවිත කරන ලදි.
10. අද වන විට සොයාගෙන තිබෙන බයිබලයේ අත්පිටපත් හා ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමේදී බයිබලය ගැන හෙළි වන්නේ කුමක්ද? [7, bsi05-SN 30 පි. 32 ඡේ.] ඉන් හෙළි වන්නේ අද දින අපට තිබෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක ශුද්ධ ලියවිලි මුල් තත්වයෙන් තිබුණාක් මෙන් තිබෙන බවයි. (2 පේතෘ. 1:20, 21) මේවා පිටපත් කළ අයට දෙවිගේ බලය නොලැබුණද, බයිබලයේ නිවැරදිභාවය ඔප්පු කිරීමට ඇති තරම් සාක්ෂි තිබේ.
සතියේ බයිබල් කියවීම
11. දේවමාලිගාව සෑදීමට දාවිත්ට අවසර නොලැබීමෙන් අඟවන්නේ ඔහු විසින් කරන ලද යුද්ධ පවා දෙවි අනුමත නොකළ බවද? (1 ලේක. 22:6-10) නැත. දාවිත් කළ යුද්ධවල අරමුණු තුනක් තිබුණි. (1) ඒවා මගින් දුෂ්ටකම සහ යෙහෝවාගේ පාලනය පිළිනොගත් විරුද්ධවාදීන්ව ඉවත් කිරීම. (2) දෙවි විසින් නියම කළ පරිදි ඊශ්‍රායෙල් දේශයේ සීමා පුළුල් කිරීම. (3) ධර්මිෂ්ඨකම සහ සාමය ස්ථාපිත කිරීම. කෙසේවෙතත්, යෙහෝවාගේ රාජ්‍යය සාමකාමී රාජ්‍යයක් බැවින්, දේවමාලිගාව ඉදි කරනු ලැබුවේ සාමකාමී රජෙකු වන සලමොන් විසිනි. [1, it-2 987 පි. 1 ඡේ.]
12. යෙහෝවා දෙවි තම ජනයා කෙරෙහි සාමුහික වශයෙන් සැලකිල්ලක් දක්වනවා පමණක් නොව එක් එක් පුද්ගලයාගේ සුවිශේෂී තත්වයන් ගැනද සැලකිලිමත් වන බව දේවමාලිගාව කැප කරද්දී සලමොන් කළ යාච්ඤාවේදී පෙන්වා දුන්නේ කෙසේද? (2 ලේක. 6:29, 30) කෙනෙක් අසනීපයකින්ද තවත් කෙනෙක් මානසික ප්‍රශ්නයකින්ද පීඩා විඳිනවා විය හැකියි. ඇතමුන්ගේ පවුලේ කෙනෙක් මිය ගොස් සිටිනවා විය හැකියි. තවත් කෙනෙකුට රැකියා ප්‍රශ්න, ආර්ථික අමාරුකම්, පවුලේ ගැටලු තිබෙනවා විය හැකියි. ඒ වගේම මේ කාලයේ ජීවත් වන හැමෝටම පාහේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු විය හැකියි. මේ නිසා දෙවිට භය වන සෑම පුද්ගලයෙකුටම විශේෂ ගැටලු පීඩා මැද විඳදරාගැනීමට සිදු වන බව සලමොන් පිළිගත්තේය. [4, w97 4/15 4 පි.]
13. දෙවෙනි ලේකම් 11:15හි “එළුවෙකුගේ හැඩ ඇති භූතයන් ” ලෙස හඳුන්වන්නේ කුමක්ද? නව ලොව පරිවර්තනයෙහි මෙලෙස පරිවර්තනය කර ඇති මෙම යෙදුම දෙස බලන විට, ඊට අදාළ පාඨ සම්බන්ධයට අනුව පැහැදිලි වන්නේ එය බොරු ආගම් ඇදහූවන් විසින් නමස්කාර කරනු ලැබුවාවූද පූජාවන් පුද කරනු ලැබුවාවූද දේවල් බවයි. සමහරවිට ඔවුන් නමස්කාර කළේ එළුවෙකුගේ හැඩය ගත් මයිල් සහිත මෘගයන් හා සමාන දෙයකට විය හැකියි. [5, it-1 966 පි.; Rbi8 පාදසටහන]
14. බාෂාගේ පාලනය “ආසා රජුගේ තුන්වෙනි අවුරුද්දේදී” පටන්ගෙන වසර 24ක කාලයක් පමණක් තිබූ බව සඳහන් වුවත්, “ආසාගේ රජකමේ තිස්හවෙනි අවුරුද්දේදී” බාෂා රජ “යූදාට විරුද්ධව” පැමිණි බවත් වාර්තා වේ. මේ වගන්ති දෙක අප පැහැදිලි කරගන්නේ කෙසේද? (1 රාජා. 15:33; 2 ලේක. 16:1) මෙය පිටපත් කිරීමේදී සිදු වූ දෝෂයක් බවත් මෙහි යොමු දක්වා ඇත්තේ ආසාගේ පාලනයේ 16වන හෝ 26වන වසරට බවත් ඇතැම්හු අනුමාන කරති. මෙම කාරණා ගැළපීමට එවන් අනුමාන කිරීමක් අවශ්‍ය නැත. යුදෙව් විචාරකයන් පෙන්වා දෙන්නේ අවුරුදු 36ක මෙම ගණනය කිරීම යූදා රාජ්‍යය දෙකට බෙදීම සිදු වූ ක්‍රි.පූ. 997 පටන් සිදු වී ඇති බවත් මේ අනුව මෙම ‘තිස්හයවෙනි අවුරුද්ද’ ආසාගේ පාලනයේ 16වන වසරට වැටෙන බවත්ය. [6, it-1 184 පි. 5 ඡේ.]
15. සාතන්ගේ ලෝකයට සිදුවීමට නියමිත දේ ගැන 2 ලේකම් 20:22, 23හි මනාව පෙන්වා ඇත්තේ කෙසේද? එළිදරව් 17:16, 17හි අඟවන පරිදි, මහා බබිලෝනිය ගැන එනම් ඇයට අයත් ඉතා දෝෂසහගත පාර්ශ්වය වන ක්‍රිස්තියානි පල්ලි ක්‍රමයට එරෙහිව යෙහෝවාට ‘අදහසක් ’ තිබේ. එනම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට යෙහෝවා අරමුණු කර තිබේ. ඔහු විසින් එක්සත් ජාතීන්ගේ හමුදාමය බලසහිත සාමාජික රටවලට එම ‘අදහසම’ දමනු ලබන අතර, එවිට එම හමුදාවන් බොරු ආගමට එරෙහි වී ඇයව සහමුලින්ම විනාශ කරන්නේය. මේ අනුව යෙයිර් කන්දේ ඒදොම්වරුන්ට සිදු වුණාක් මෙන්, ක්‍රිස්තියානි ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබනවා ඇත. [7, w84 7/1 18 පි. 17 ඡේ.]