නිවේදන
◼ දෙසැම්බර් මාසයේදී බෙදා දෙන පොත් පත්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත බෙදා දෙනු ලැබේ. සුදුසු අවස්ථාවලදී, නව ලොව පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි අඩංගු සිංහල බයිබලය බෙදා දෙන්න. ජනවාරි: සෝදිසියෙන් සිටින්න! විවරණිකාව බෙදාහරින්න. උනන්දුව දක්වන කෙනෙක් නම්, බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න පොත ඉදිරිපත් කරන්න. උනන්දුව දැක්වූ අයව නැවත ගොස් බැලීමට උත්සාහ කරන්න. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ උත්සාහයක් ගන්න.
◼ ශාඛා කාර්යාලය 2006 මැයි 13වෙනි දින පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වසා තිබෙනවා ඇත. එදින බෙතෙල් නිවස බැලීමට සහ පොත් පත් ලබාගැනීමට නොහැක.
◼ වර්ෂ 2007 සඳහා සිහි කිරීමේ දිනය, අප්‍රියෙල් 2වන සඳුදා හිරු බැස යෑමෙන් පසුව බව සලකන්න. මේ දිනය කලින්ම දැනුම් දෙන්නේ, සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරයි නම් සිහි කිරීම පැවැත්වීම සඳහා අවශ්‍ය ශාලා පහසුකම් වෙන් කරවාගැනීමට සියලු සභාවලට හැකි වන පිණිසය. වෙනත් ශාලාවක් කුලියට ගන්නා විට එදින එම ස්ථානයේ කිසිම බාධාවකින් තොරව ගෞරවනීය හා සාමකාමී ආකාරයකට සිහි කිරීම සැලසුම් කරගැනීමටද මේ නිසා වැඩිමහල්ලන්ට හැකියාව ලැබේ.
◼ සිහි කිරීම වැදගත් අවස්ථාවකි. ඒ නිසා සෑම වසරකම එකම කථිකයාව හෝ මාරුවෙන් මාරුවට කථිකයන්ව යොදාගන්නවා වෙනුවට වඩාත් සුදුසුකම් ඇති වැඩිමහල්ලෙකුව තෝරාගැනීමට වැඩිමහල් මණ්ඩල උත්සුක විය යුතුයි. කතාව දීමට සුදුසුකම් ඇති අභිෂේක ලත් සහෝදරයෙක් සිටී නම් ඔහුව තෝරාගත යුතුයි.