ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ඔක්තෝබර් 10න් පටන් ගන්නා සතිය
  • ඔක්තෝබර් 17න් පටන් ගන්නා සතිය
  • ඔක්තෝබර් 24න් පටන් ගන්නා සතිය
  • ඔක්තෝබර් 31න් පටන් ගන්නා සතිය
  • නොවැම්බර් 7න් පටන් ගන්නා සතිය
2005 අපගේ රාජ්‍ය සේවාව
km 10/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ඔක්තෝබර් 10න් පටන් ගන්නා සතිය

ගීතිකා අංක 17

විනා. 10: සභා නිවේදන. අපේ රාජ්‍ය සේවාවෙන් තෝරා ගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් පළමු යෝජනාව යොදා ගනිමින් (ඔබේ ප්‍රදේශයට ගැළපේ නම්), ඔක්තෝබර් 1 මුරටැඹ හා ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාප බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. මේ එක් එක් නිරූපණයෙන් ඉගෙන ගත හැකි දේවල් පෙන්වන්න. මීට අමතරව, ජනයාගේ සිත් ඇදගන්නාවූ වෙනත් ලිපියක්ද පෙන්වා කලාප ඉදිරිපත් කිරීමට උනන්දු කරන්න.

විනා. 15: ඔබ පුරුද්දක් හැටියට කියවන කෙනෙක්ද? දිව්‍යාණ්ඩු පාසැල් පොතේ 21-26 පිටුවලින් තෝරා ගත් කොටස් මත පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. අපට කියවිය හැක්කේ මොනවාද? (21 පි. කොටුව) අපට දී ඇති ප්‍රකාශන කියවීම වැදගත් වන්නේ ඇයි? (23 පි. 2 ඡේ.) කියවීමේ කාලසටහනක් මැනවින් පවත්වා ගැනීමට අවශ්‍ය දේ කුමක්ද? (26 පි. 3-4 ඡේ.) මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවීමට ඔබ කාලය වෙන් කරන්නේ කෙසේද? මෙය ඔබට ප්‍රයෝජනවත් වී ඇත්තේ කෙසේද?

විනා. 20: “දේවවචනය නිර්භීතව කතා කරන්න.”a නිර්භීතව සාක්ෂි දැරීමට අමාරු වන අවස්ථා ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. මෙවැනි අවස්ථාවලදී ඔවුන්ට එසේ කිරීමට උපකාරවත් වී ඇත්තේ කුමක්ද?

ගීතිකා අංක 78 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 17න් පටන් ගන්නා සතිය

ගීතිකා අංක 36

විනා. 10: සභා නිවේදන. වර්ෂ 2005 සැප්තැම්බර් මස අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ 3වන කොටස යොදා ගනිමින්, බයිබල් පාඩම් පවත්වන විට ඉතා හොඳින් ශුද්ධ ලියවිලි යොදා ගන්නා ආකාරය ගැන විශේෂ කරුණක් හෝ දෙකක් සලකා බලන්න.

විනා. 15: අන්තර් ජාලයේ මර උගුල්වලින් වැළකෙන්න. වර්ෂ 2004 දෙසැම්බර් 8, පිබිදෙව්! කලාපයේ 26-29 පිටු මත පදනම් කතාවක් වැඩිමහල්ලෙකු විසින්.

විනා. 20: “අනුන්ට කරුණාව පෙන්වමු.”b ක්ෂේත්‍ර සේවයේදී අන් අයට කරුණාව පෙන්විය හැකි අන්දම ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. අප දේශනා කරන අය කෙරෙහි උනන්දුව දැක්විය හැකි තවත් පැති ගැන ඉදිරියට පළ වන අපගේ රාජ්‍ය සේවාවල සාකච්ඡා කෙරෙනවා ඇති.

ගීතිකා අංක 2 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 24න් පටන් ගන්නා සතිය

ගීතිකා අංක 68

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබුණු සම්මාදම් ගැන නිවේදනය කරන්න. වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ සඳහන් යෝජනාවක් හෝ වෙනත් ක්‍රමයක් යොදා ගෙන, නොවැම්බර් මාසයේදී පොත් පත් බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න.—වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8 පිටුවේ 5 ඡේ. බලන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: අපගේ ඇඳුම්වලින් සහ පෙනුමෙන් දෙවිගේ ප්‍රමිති විදහා පෙන්වීම. වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කෙරෙන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. වර්ෂ 2002 අගෝස්තු 1, මුරටැඹහි 17-19 පිටු පදනම් කරගන්න. අප ආදර්ශවත් ලෙස ඇඳ පැළඳ සැරසී සිටීමෙන් සාක්ෂියක් දිය හැකි අන්දම ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 153 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 31න් පටන් ගන්නා සතිය

ගීතිකා අංක 209

විනා. 10: සභා නිවේදන. ඔක්තෝබර් මාසයේ සේවා වාර්තාව මතක් කරන්න. මෙහි 8වන පිටුවේ සඳහන් දෙවන යෝජනාව යොදාගෙන (ගැළපේ නම්) ඔක්තෝබර් 15 මුරටැඹ සහ ඔක්තෝබර් 8 පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් ඉදිරිපත් කිරීමකදී, “අපගේ මීළඟ කලාපයේ” නමැති කොටුවට ගෙවැසියාගේ අවධානය යොමු කර නැවත සඟරා රැගෙන ගොස් හමුවීමට සැලසුම් කරන්න.—1998 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාව 8 පි. 7-8 ඡේද බලන්න.

විනා. 15: සඟරා මාර්ග මගින් උනන්දුව වර්ධනය කිරීම. වර්ෂ 2005 මැයි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ තොරතුරු යොදාගෙන දෙන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. අපට සඟරා මාර්ගයක් තබාගත හැක්කේ කෙසේද? (1 ඡේ.) වරකට එක් බයිබල් පදයක් සාකච්ඡා කිරීමට සැලසුම් කළ හැක්කේ කෙසේද? (3 ඡේ.) බයිබල් පදයක් කියවනවාට වඩා වැඩි යමක් කිරීම වැදගත් ඇයි? (4 ඡේ.) සඟරා මාර්ගයක් බයිබල් පාඩමකට හරවා ගත හැක්කේ කෙසේද? (5 ඡේ.) සඟරා මාර්ගයක සඟරාවක් දෙද්දී ප්‍රචාරකයෙකු විසින් එක් බයිබල් පදයක් විස්තර කරන ආකාරය නිරූපණය කරවන්න.

විනා. 20: අධිෂ්ඨානපූර්වක මුත් ගෞරවනීයව හැසිරෙන යෞවනයෝ. වර්ෂ 2002 සැප්තැම්බර් 15, මුරටැඹ කලාපයේ 23-24 පිටුවල සඳහන් “ගෞරවාන්විතව වැළකී සිටිමු” යන උප මාතෘකාව යටතේ ඇති තොරතුරු මත පදනම් වූ කතාවක්. යෞවනයෙකු හෝ දෙදෙනෙකු සූදානම් කරගෙන ඔවුන්ට පාසැලේදී මුහුණ දීමට සිදු වූ යම් අභියෝගයන් ගැනත් ඒවාට සාර්ථකව මුහුණ දී ජයගත් ආකාරය ගැනත් පැවසීමට සලස්වන්න.

ගීතිකා අංක 222 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 7න් පටන් ගන්නා සතිය

ගීතිකා අංක 39

විනා. 5: සභා නිවේදන.

විනා. 20: රැස්වීම්වලදී වඩාත් හොඳ අවධානයක් දෙන ආකාරය. වර්ෂ 2002 සැප්තැම්බර් 15, මුරටැඹ කලාපයේ 12-14 පිටුවල 11-14 ඡේද මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දී ඇති යෝජනා සලකා බලන්න. සභා රැස්වීම්වලදී උපරිමය ලබා ගැනීමට තමන්ට උපකාරවත් වූයේ කුමක්දැයි යන්න ගැන සබයෙන් විමසන්න.

විනා. 20: “කාරණා ඒත්තුගැන්වීමේ දක්ෂකම ප්‍රගුණ කරන්න.”c විවිධ පසුබිම්වලට අයත් ජනයාට කාරණා ඒත්තුගැන්වීමට තමන් සමත් වූ අන්දම ගැන කීමට කලින් තෝරා ගත් ප්‍රචාරකයන් කිහිප දෙනෙකුට ආරාධනා කරන්න.

ගීතිකා අංක 50 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න